×

එක් ගණිකාවක විසින් මා ආරක්ෂා නොකළා නම් මාද ගණිකාවක් වීමට ඉඩ තිබුණි.

මම මගේ ජීවිතේ සතුටුම සහ කුරිරුම කාල පරිච්ඡේදය ගත කළේ මේ වීදියේ එක්තරා කොනක තිබුණ ළමා නිවාසයක.


ඇය සයූපා. රැළි ගැසුණු කොණ්ඩයෙන්, හිනාවෙනවිට වළ ගැසෙන කම්මුලින් යුත් ඈ තියුණු නෙත් සඟලකට හිමිකාරියක වූවාය. ගෝතමාලාවෙහි වෙසෙන දිළිදු කාන්තාවන්ගේ ආර්ථිකය නගා සිටුවීම වෙනුවෙන් ක්ෂුද්රන මූල්‍ය ලබාදීම හා අවශ්‍ය දිරිය ලබාදීම ඇය විසින් සිදුකරන්නීය. ඇය රෝස මල් යහනාවක සිට බිමට බට එන්.ජී.ඕ මැඩම් කෙනෙක් නොවේ. ඇය මහපොළොව සමග ඔට්ටු වූ තරුණියකි.

විෂම සමාජයෙහි ඉපිද, විෂම සමාජයේම හැදී වැඩී, විෂම සමාජය සම කිරීමට උත්සාහ කරන දිරිය කාන්තාවකි. ඇය තමන්ගේ කතාව ලෝකයා සමග බෙදාගනිද්දී අපූර්ව ප්‍රකාශයක් කරයි. ඒ ඇය ලිංගික ශ්‍රමය සපයන්නියක් බවට පත්වීම වැළැක්වූයේද ලිංගික ශ්‍රමය සපයන කාන්තාවන් විසින්ම බවයි. ළැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුන් වෙනුවෙන් ඇය තුළ පවතින ගෞරවය, ආදරය මහා විශාලය. ඒ නිසාම ඇය ඔවුන්ට උපකාර කරයි. පිරිමින්ගේ පාප කඳට දෝෂ විඳින්නට ඉඩ නොතබා ඔවුන්ව ගෞරවාන්විතව ජීවත් කරවීමට අවශ්යශ මූල්ය්මය හා තාක්ෂණික සහාය ලබාදෙයි. මේ තුන්වන ලෝකයේ රටක් වන ගෝතමාලාවෙහි කතාන්දරයක් වුවද අඩු වැඩි වශයෙන් ශ්රීය ලංකාව තුළද සයූපා වැන්නියන් ලක්ෂ ගණනින් සිටිනවා විය හැකිය. ලිංගික ශ්රවමය විකුණන කාන්තාවන්, නැතහොත් ගණිකාවන්, සැර බාලකිරීමට අවශ්ය නම් විලාසිනියන් ගැවසෙන වීදියක සිට ඇය මෙලෙස තම හඞ අවදි කරයි.

“මේ පාරේ එහේ මෙහේ යද්දී මට මතකයන් ගොඩක් තියෙනවා. මේ පාර මගේ ජීවිතෙන් කොටසක්. මතක් කරන්න අපහසු, මතක් කරද්දී මොකක්දෝ බර දෙයක් උගුරේ පටලැවෙනවා වගේ දැනෙනවා. මම මගේ ජීවිතේ සතුටුම සහ කුරිරුම කාල පරිච්ඡේදය ගත කළේ මේ වීදියේ එක්තරා කොනක තිබුණ ළමා නිවාසයක.

එහෙට මෙහේට මහා බර විදියට පියාසර කරන මතකයන් ගොඩක් අස්සෙ හැංගිච්ච හැඟීම් වරුසාවක් ඒ ළමා නිවාසය සම්බන්ධව මට තියෙනවා. දුක, වේදනාව, බඩගින්න, පිපාසය, සූරාකෑම, ආදරය, විශ්වාසය, රැකවරණය, භීතිය, කුතුහලය යනාදී විවිධ දේවල් වලින් පිරිච්ච අතීතයක් එක්ක හරිම හිමින් ඒත් ඇසි පිල්ලන් ගහන වේගයටත් වඩා කණස්සළු සිතුවිල්ලෙන් යුතුව මම මගේ අතීතය හාරනවා. මගේ අම්මා වීදි ගණිකාවක්ලු. දහස් සංඛ්යාවත පිරිමින්ගේ ශරීර බරින් හෙම්බත් වෙලා, දහස් සංඛ්යාගත ඔවුන්ගේ භාර්යාවන්ගේ කෙළ පහරවල්,සාප වලින් අපවිත්රය වුණු කාන්තාවක්ලු. ගමේ ඉද්දී බෙහෝ අය මට කිවුවෙ වේයන්නෙන් එන ගෑනිගෙ කෙල්ල කියලා. ඇය මැරුණේ කොහොමද කියන එක ගැන මිනිස්සු එක එක දේවල් කතාවෙනවා මට ඇහිලා තියෙනවා. මගේ තාත්තා පොහොසත් කෙනෙක්. ඔහුටම කියලා මත්පැන් අලෙවි සැල් පහක්ම තිබුණා. ඒත් ඒවායින් එක සතයක්වත් මම වෙනුවෙන් වියදම් කළේ නැහැ. මම කියලා කෙනෙක් ඉන්නවාද කියලවත් ඔහුට ගාණක් වුණේ නැහැ. මට ලස්සන ළමා කාලයක් තිබුණේ නැහැ. ලස්සන බෝනික්කෝ, සෙල්ලම් බඩු, අරුමෝසම් ආභරණ මට තිබුණෙ නෑ. කොටින්ම පොඩි කාලෙදී මම සෙල්ලම් කළාද කියලවත් මම දන්නෙ නෑ. කොහොමෙන් කොහොම හරි මම ළමා නිවාසෙකට ආවා. පුංචි පුංචි බලාපොරොත්තු පිරිච්ච, පුංචි පුංචි හීන අතරෙ එහෙ මෙහෙ දුවන කෙලි පැටික්කියො ගොඩක් එක්ක අපි ලස්සනට ඉන්න හැමදාම උත්සාහ කළා. අපි කවදාවත් යාළුවෝ වෙලා නැහැ. අපි සහෝදරියන් වුණා . දුක, සතුට, වේදනාව සියලු දේම අපි බෙදාගත්තෙ එකට. එක කෙල්ලෙකුට පහරක් වදිනකොට අපි හැමෝගෙම පපුව මැද තියෙන කොහේදෝ තැනකින් තමයි වේදනාව මතු වුණේ. එක දවසක් 2017 මාර්තු මාසෙදී නව යොවුන් කෙල්ලො 41 දෙනෙක් ළමා නිවාසෙ කාමරේක දාලා අගුළු දාලයි තිබුණෙ. කවුරුහරි ගිනි තිබ්බද, කොහොම හරි ගිනි ගත්තාද කියන්න දන්නෙ නැති හේතුවක් නිසා ගින්නකට අහුවෙලා ගැහැණු ළමයින් 41 දෙනෙක් මැරුණා. හරිම අමාරුවෙන් තවත් ගැහැණු ළමයි හතර දෙනෙක් එක්ක පැනලා මම මගේ ජීවිතය බේරාගත්තා. මගේ හොඳම යාළුවො තුන්දෙනෙක් ගින්නෙන් කරවෙලා මැරෙන විදිය මම ඇස් දෙකෙන් දැක්කා. වේදනාවෙන් කෑ ගහන, ජීවිතය වෙනුවෙන් සටන් වදින, ආයාචනා කරන ගැහැණු ළමයින් 41 දෙනෙක් අතර මගේ හොඳම යෙහෙලියන් තිදෙනාගේ කටහඩ වෙන් කරලා අඳුරගන්න මට පුළුවන් වුණේ අපි අතර ඒ තරමටම තිබුණ ළෙංගතුකම නිසා. ”

ගින්නෙන් බේරී පළා ගිය සුයාපා තමන් ඇතුළු තම යෙහෙළියන්ට සිදුවුණ අසාධාරණය ලෝකය හමුවේ පැවසීමත් සමග විවිධ සමාජ සංවිධාන හා රජය විසින් අදාළ ළමා නිවාසය වසා දැමීමට හා නිලධාරීන්ට එරෙහිව නීතිය ක්රිසයාත්මක කිරීමට පසුබට වෙන්නේ නැහැ. එහෙත්, දැඩි හිංසාකාරී වූ , තිරිසන් පාලනයක් පැවති ළමා නිවාසය සම්බන්ධව ඇයගේ මතකය ගෝතමාලාවේ පමණක් නොව ලෝකය පුරාම ළමා නිවාසවල තත්ත්වය හා ආරක්ෂාව සම්බන්ධයෙන් ප්රතශ්න කිරීමට හේතුවක් බවට පත්විය. “මහා රාත්රිතයේදී අපව ළමා නිවාසයෙන් එළියට ගේනවා. ඉන්පසුව අපිට දුවන්නට, ඩිප්ස් ගහන්නට, විවිධ ශාරීරික ව්යාකයාම් කිරීමට බලකරනවා. වමනය කරන තෙක්ම විවිධ ශාරීරික හිරිහැර සිදුකරනවා” යනුවෙන් සුයාපා පවසන්නේ දැඩි වේදනාවෙන් යුතුවය.

සුයාපා ළමා නිවාසයට පැමිණෙන විට ඇයට වයස අවුරුදු 09ක් වූ අතර ඒ වනවිට අසල්වැසි නිවසක ජීවත් වූවාය. ඇය ජීවත්වූ නිවසේ කාන්තාව සෑමවිටම පැවසූවේ සුයාපා ලොකු ළමයෙකු වූ වහාම ඇයව ගණිකා මඩමකට භාර දෙන බවයි. තවම හරිහැටි නොපිබිදුණු ඇයගේ පියවුරු වර්ධනය වූ වහාම, ළමා ස්වරූපය ඉවත්ව ගැහැණියකගේ ස්වරූපයට පැමිණි වහාම ඇයව විකුණා දමන බවයි. ඇයගේ පියාගේ මත්පැන් හළවල් අසළ සිටි ගණිකාවන් බොහෝ ප්රේමාණයක් ගැන ඇය දැන සිටියාය. ඇය සමග හිතවත් එක් ගණිකාවට ඇය තමන්ට අනාගතයේදී මුහුණ පෑමට සිදුවන ඉරණම ගැන පැවසුවාය. ඇය විසින් සුයාපාට ලබාදුන් උපදෙස වූයේ සෙමින් සෙමින් වැඩෙන පියවුරු නොපෙනෙන සේ ඇය විසින් ඒවා තදින් වෙළා දැමිය යුතු බවයි.

එමෙන්ම කොණ්ඩය නොපීරා, අපිරිසිදු ලෙස ජීවත් විය යුතු බවයි. පියවුරු වර්ධනය වී නොමැති, දත් මැද නැති, අප්ර සන්න ස්වභාවයෙන් යුක්ත ගැහැණියක් මිලදී ගැනීමට කිසිවෙකු කැමති නොවන නිසා සුයාපාද ඇයගේ නව යොවුන් වියට එළඹීමේ කාලය ගතකළේ මහත් අපහසුවෙන්, මානසික පීඩනයෙන් හා අපිරිසිදු ආකාරයෙනි. හිතවත් ගණාකාව විසින් ලබාදුන් උපදෙස් අනුව කටයුතු කළ ඇය තමන් ගණිකාවක් බවට පත්වීම වැළැක්වූ ඇයට තවමත් කෘතඥ වන්නීය. කෘර වධහිංසාවලට ලක්වූ අසල්වැසි නිවාසයේ සිට ළමා නිවාසයට පැමිණෙන සුයාපා එහි වසර දහයක කාල සීමාවක් ගත කිරීමෙන් පසුව එහි සිදුවූ සමූල ඝාතනයෙන් බේරී පළා යන්නීය. විවිධ සමාජ සංවිධානවල උපකාරයෙන් යුතුව ළමා නිවාසයට එරෙහිව නඩු කියන සුයාපා නඩුව ජයගන්නා අතර ළමා නිවාසය වසා දැමීමට හා අදාළ නිලධාරීන් සිරභාරයට පත්කරවීමට අවස්ථාව උදා කරගනී. පසුව ඇය ක්ෂුද්රන මූල්යම සමාගමක රැකියාවක් සොයාගන්නා අතර ග්රාමමීය වශයෙන් දිළිඳුබවෙන් පෙළෙන කාන්තාවන්ට පිහිටක් වන්නීය. පවුල් තුළ ප්ර්ධානම ආදායම් උපයන්නා ගැහැණිය වන පවුල් තෝරාගෙන ඔවුන්ට ආර්ථික සුරක්ෂිතභාවයක් ඇතිකිරීම උදෙසා ව්යුවසාය ණය, ස්වයං රැකියා ණය ලබාදෙන සුයාපා ඒ සියල්ල තමා විසින්ම අධීක්ෂණය කරමින් බොහෝ සතුටින් කල් ගෙවයි. තම ජීවිතයේ සිදුවූ වෙනස්කම ප්රායතිහාර්යයක් සේ දකින සුයාපා තම ආත්ම විශ්වාසය හා දරාගැනීම පිළිබඳව මෙන්ම තමා විසින් කුඩා ජීවිත කාලය තුළ මුහුණ දුන් අත්දැකීම් පිළිබඳව උපේක්ෂාවෙන් යුතුව කතා කරන්නීය.

“ අද මගේ ජීවිතය අංශක 360 කින්ම වෙනස් වෙලා. පසුගිය කාලයේ මම මුහුණ දුන් අමිහිරි අත්දැකීම් සියල්ලක් විසින්ම අද වන විට මාව ශක්තිමත් ගැහැණියක් බවට පත් කරලා තියෙනවා. මිනිස්සු මට කිවුවා උඹ නම් දවසක අම්මා වගේම ගණිකාවක් වේවි කියලා. තව මිනිස්සු කිවුවා උඹ දවසක තාත්තා වගේ කුඩු ජාවාරම් කාරියක් වේවි කියලා. ඒත් ඒ හැම අදහසක්ම බොරු කරන්න මට පුළුවන් වෙලා තියෙනවා”. සුයාපා ට දැන් පවුලක් ද සිටී. සමාජ මාධ්යග ජාලාවලින් ඇය ගැන දැනගත් එක් විස්තෘත පවුලක් විසින් ඇයට පත පවුලට එකතු වෙන ලෙස ආරාධනා කළේය. එම ආරාධනාව සතුටින් භාරගත් ඇය ඔවුන් සමග සතුටින් ජීවත් වන අතර අමිහිරි අතීතය අමතක කරදැමීමට සූදානමින් පසුවන්නේ අනාගතය පිළිබඳව සුබ සිහින දකිමිනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි