×

බලාගෙනයි… .ගෑවුණත් විෂ වන ලොව භයානකම ශාක

ශාක මිනිසාව ජීවත් කරන මිනිසාගේ සමීපතමයන්ය... නමුත් මිනිස් ජීවිත විනාශ කරන ශාකද නැත්තේම නොවේ.


මිනිසා සහ සතුන් හැරුණ විට පරිසයේ ඇති අවෙක් සජීවී දෙය තමයි ශාක.. මිනිසාගේ ආහාර රටාව මුළුමුනින්ම පාහේ පොෂණය කරන්නේ මේ ශාක මඟිනි. මිනිසා සහ ශාක අතර ඇති මේ අවියෝජනීය සබඳතාව ට හානියක් වන අවස්ථාවක් තමයි විෂ සහිත ශාත. කොටින්ම කිවහෝත් සමහර ශාක තිබෙනවා ස්පර්ෂ වුවත් මිනිස් ජීවිතය විනාශ වන. නමුත් බෙහෝ විය ඒවා විනාකාරී බව අපට හඳුනා ගත නෙහැකියි. බැලූ බැල්මට එම ශාක බොහෝමයක් අලංකාර මල් හෝ ගෙඩි හටගන්න ඉතාමත් ආකර්ෂණීයයත්වයෙන් යුක්තයි
ශාක කෙටෙස් තුළ සිදුවන විවිධ රසායනික ක්‍රියාකාරකම් හේතුවෙන් ඒවා එතරම්ම විෂ සහිත වනවා. බලන්න ඔබේ වටපිටාවේ වෙනත් නමකින් මේ ශාක තිබෙන්නට පුළුවනි.

රිකිනස් කොමියුනිස් ( කාස්ටර් බීන් )

රඹූටන් ගෙඩියක ස්වරූපය ගන්නා ලෙඩි වලින් යුත්ක මෙම ශාකයේ විෂ සහිතම කොටස වන්නේත් මෙම ගෙඩිමයි. වෙඬරු කුලයට අයත් මෙම ශාකයෙන් තෙල් නිෂ්පාදනය කරනවා නමුත් රුධිර පීඩනයට අතිශය භයානක ලෙස බලපෑම් සිදු කරන මෙම ගෙඩි ආහාරයට ගතහොත් මිනිස් ජීවිතය විනාශ වීමේ ඉඩකඩ බොහෝ වැඩියි

මොන්ක්ෂූඩ් (වුල්ෆ්ස්බේන් )

ඈත අතීතයේදී යුද භූමියට යන සෙබළුන්ට ඉමහත් උපකාරී වූ ශාක වර්ගයකි. ඒ සිය සතුරා විනාශ කිරීමට මෙම ශාකාය් විෂ කැවූ ඊතල ඔවුන් විසින් භාවිත කර තිබෙන බවට සාන්ෂි ලැබී තිබෙනවා. එක යායට පිපෙන පැළැටි වර්ගයක් වන මෙම ශාකය දම් පැහැ මල් කිණිති වලින් යුත්තයි

වෝටර් හෙම්ලොක්

යුරෝපා සහ ඇමරිකානු රටවල විෂ සහිත ශාක අතරේ සුප්‍රසිද්ධ ශාකයකි මේ.තියුණු සුවඳක් සහිත මේ මල්ඉතා කුඩා ප්‍රමාණයේ ඒවා පොකුරකින් යුක්තයි .
මෙම ශාක කොටස් ආහාරයට ලැනීමෙන් ක්ෂණික මරණ සිදුවිය හැකි බව අනාවරණය වී තිබෙනවා..

ජිම්සන් වීඩ් (ඩෙවිල්ස් ස්නෙයාර්  )


කුඩා දූරියම් ගොඩියක හැඩයකින් යුත් ගෙඩි ඇති මෙම ශාකය
”යක්ෂයාගේ උගුල” ලෙස ව්‍යවහාර වෙනවා ඩෙචූරා ස්ටාමෝනියම් ලෙසටද හඳුන්වන මෙම ශාකයද අදික විෂ සහිත ශාකයකු ලෙසයි සැළකෙන්නේ.

කාර්ට් වීල් ෆ්ලවර් (ජයන්ට් හ්ගො වීඩ් )

ළූණු මලක් මෙන් හැඩයක් ගන්නා මල් වර්ගගයක් ඇති මෙම ශාකයේ මල් මෙන්ම අනෙක් කෙටෙස්ද ආහාරයට ගැනීමෙන්, සමෙහි ආසාධන මෙන්ම දෑස් අන්ධභාවයට පත්වීමත් සිදු විය හැකියි. මෙය අඩි 20ක් උසට වැඩෙන ශාකයකි. පැපොල් කෙළයට සමාන හැඩයක් ගන්නා කොළ මෙම ශාකයේ දැකිය හැකිය.

වයිට් බේන් බෙරි.

අමුතුම ආකාරයේ ගෙබි වර්ගයක් ඇති මෙම ශාකය උග්‍ර විෂ සහිත එකක්. ඒ නිසාම මෙය සතුන් පවා ආහාරයට ගැනීමෙන් වැළකී සිටී.

ඇරිස්ටෝලොචියා ක්ලෙමටිටිස් (බර්ත්වර්ත්)


මිනිසාගේ වකුගඩු අක්‍රිය කිරීමට සමත් මෙම හාකයේ කොටස් අතර විශේෂයෙන්ම කඳෙහි හා මුල් වල විෂ අන්තර්ගතයි. කහ පැහැ මල් පිපිපෙන මෙම ශාකය මල් නිසාම හඳුනා ගැනීම බෙහෝම පහසුයි.

ඩෙන්ඩ්රොමක්නිඩ් මෝරොයිඩස් (ජිම්පී ජිම්පී )
කුඩා කැන්දක කොළයක මෙන් කොළඇති මෙම ශාකය ස්පර්ශ වූ පමණින් මිනිසාට මරණය උරුම කළ හැකි ශාකයකි.එම පතු මතුපිට ඇති බූව ඉතාමත් විසි සහිතයි. මේවා වැඩි පුරම දැකිය හැක්කේ ඕස්ට්‍රේලියාවේ, ග්‍රීන්ලන්තය වැනි රට වලදී . මෙම ශාකයේම ස්වරූපය ගන්නා තවත් උදාසීන හාක තිබීම නිසා එක්වරම මේ විෂ සහිත ශාකය හඳුනා ගැනීමට මඳක් අපහසුයි.

හිපෝමේන් මැන්සිනෙල්ලා (බීච් ඇපල් )


බැලූ බැල්මට කන්නට සිතෙන ගෙඩි වර්ගයකින් යුත් මෙ ශාකය නිසා අනතුරට පත් වූවන් බෙහෝමයි.සමෙහි බිබිලි ඇතිවීම හා වේදනා ඇහිවීමක් සිදු වේ. එපමණක් නොව එය ආහාරයට ගත හෝත් ඉතාම හානිදායක ප්‍රතිඵල අත්වනවා.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි