×

සන්නිවේදනයේ අති දක්ෂ ස්නේහවන්තිය ‍‍”කොකෝ” සමුගත්තාය

ඇගේ හෝඳම මිතුරිය පුංචි පූස් පැටියෙකි.


කොකෝ koko මිනිසා සමගහරි හරියට සන්නිවේදනය කිරීමේ අති දක්ෂතම ගෝරිල්ලාය. ඈ පසුගිය බ්‍රහස්පතින්දාවේ මිය ගියාය. මිය යන විට වයස අවුරුදු 46ක් වූ මේ අපූරු මිතුරා ගැන

ලෝකයේ සංඛේත භාෂා හඳුනාගනිමින් මිනිසා සමග සන්නීවේදනය කළ හැකි සතුන් සිටින්නේ අතලොස්සකි. වෙෂින්ටනයේ ජීවත් වන වාෂෝ නම් චිම්පන්සියා, ඇට්ලන්ටාවේ චාන්ටෙක් නම් ඔරන් ඔටා , මෙන්ම කොකෝද ඒ අතරේ වෙයි.

ඔවුන් අතරද කොකෝ යනු අතිශය දක්ෂයෙකි. කොකෝ හට බෙහෝ ඉංග්‍රීසි වචන පවා හොඳීන් දඳුනා ගත හැකි බව ඔහු පිළිබඳව සමීක්ෂණ කණ්ඩාය පවසා ඇත. අත පය හරි හරියට හසුරවමින් සිය වට පිටාවේ සිටින මිනිසුන් සහ සන්නිවේදනයේ මේ දක්ෂයා ලෝව සිය දහස් ගනනේ මිනිස් හදවත් තදින් ස්පර්ෂ කර කිබිණි.

1971 වසරේදී  ‍‍‍උපත ලද කෝ කෝ ගේ මුල් නම හැනබි කෝ නම් විය. ජපන් බසින් ඒ නමේ තේරුම ගිනි කෙළි පැංචා යන්නයි.

කොකෝ ගැන නිර්මාණය වුණ වාර්ථා වැඩ සටහන් මෙන්ම විවිධ රූපවාහානි වැඩසටහන්ද රැසකි. ඒ අතරේ කොකෝ නැෂනල් ජෝග්‍රැෆික් මැගසින් හී මුලපිටුව දෙවතාවකදී හැඩ කළාය. 1978 ඔක්තොම්බර් කලාපායේ මුල් පිටුවේ තිබුණේ කොකෝ විසින් කැමරාවත් අතැතිව කැඩපතකින් තමන්ගේම ඡායාරූපය ගන්නා අන්දමයි.


ඇය පුසෟ පැටවුන්ට අම්මා වීමට බොහෝ සෙයින් ප්‍රිය කළාය. ඈටම කියා පුංචි පූස් සුර තලෙක් ඈ ඇත දැඩි කළාය.ගෝරිල්ලෙකුට තෙතරම් ආදරණීය වන්නට පුළුවන්දැයි කියා ඈ මිනිසුන් වෙත නිතැතින්ම ඉගැන්වීය‍.


කොකෝ චිත්‍ර ඇඳීමෙහිද දක්ෂයෙකි. අවට පර්සිරය ගැන සිතටඑන දේ තමන්ට හැකි ලෙස සිතුවම් කරන්නට කෝකෝට හැකි විය. තමන් දන්නා සංඛේත භාෂාවෙන් තම චිත්‍ර ඈ නම් කළාය. ඇය ඉංග්‍රීසි වචන 2000ක් පමණ තේරුම් ගැනීමට සමත් විය‍

ඇය ගී ගායනයටත් ඉතා දක්ෂය. ඇයට වයස මාස 5 දී සත්ව විද්‍යාඥ පෙනී පැටර්සන් ඇමරිකාන් සංකේත භාෂාව ඇයට උගන්වන්ට අරම්භ කලේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි