ඉන්දියාවේ වීදි පුරා එහේ මෙහේ දුව ඇවිදින දරුවන් දිළින්දන්ගේ ජීවත කෙතරම් දුෂ්කරදැයි අපට මතක් කර දෙන්නේ නිතැතිනි. ඔවුන්ගෙන් බොහෝමයකගේ සිරුරු කෘෂ වී ගොසිනි..
සමහරුන්ගේ මවුපියන් ඔවුන් කිසිදාක දැක නැත තවත් සමහරුන් සොරුන්ගේ වෙනත් අපරාධ කරන්නන්ගේ රූකඩ බවට පත් වී ඇත. මිලියන දෙකක් දරුවන් එසේ ඉන්දියාව තුළ මුඩුක්කු දරුවන් නැත්නම් වීදි දරුවන් ලෙස සිය ජීවිත ගෙවා දමන්නේ සංවර්ධනය වෙමින් පවතින මෙන්ම අධික ජනගහණයක් ඇති තුන්වන ලෝකයේ රටක් තුළ වැඩිපුරම පීඩනයට පත්වන්නන් ලෙසය.
තාඩන පීඩන මැද ජීවිත ගෙවන මේ මුඩුක්කු දරුවන්ට සිය ජීවිත තුළ කියන්නට කථා බොහෝමයක් ඇත. සැබිවින්ම ඔවුන්ගේ මුළු ජීවිතයම ශෝකාන්තය , නමුත් ඔවුන්ගේ දුක කියන්නට හෝ අසන්නට කෙනෙක් නොමැතිව සමහර කථා ඔවුන්ගේ සිත් තුළ රැඳී ඔවුන් සමගම මිය ගොස් අවස්ථාද තියෙන්නට පුළුවන
තම දුක සංවේදනා කියාපෑමට අන් අය සමග බෙදා ගැනීමට වත්මන් සමාජයට කෙතෛක්නම් මාධ්‍ය ඇතිද සමාජ මාධ්‍ය, රූපවාහිනී, ගුවන් විදුලි, පුවත් පත් මේ ආදිය සියල්ලන්නේම සන්නිවේදනය වන්නේ මිනිසුන්ට තවත් මිනිසුන් වෙත ගෙන යන්නට අවශ්‍ය පණිවිඩයි. නමුත් මේ සියළු මාධ්‍ය තවත් කාගේ හෝ වුවමනාවට ක්‍රියාත්මක වන නිසා බොහෝ විට සාධාරණ අවස්ථාවන් හා සමාන අවස්ථාවන් සියල්ලන්ටම අහිමි වන්නේය. මේ අහිංසක වීදි දරුවන්ගේ ජීවිතවල අත්දැකීම් බෙදි ගන්නට ඔවුන්ට ජංගම දුරකථකන ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් නැත එදිනෙදා තමන්ගේ කෑම වේලද ජායාරූපයකින් අනෙක් අයවෙත ගෙනි යන්නට ඔවුන්ට අවස්ථාවක් නැත .කොටින්ම කිවහෝත් එසේ ඡායාරූප ගත කරන්නට ලස්සන ඇඳුම් හොඳ රසවත් කෑම ඔවුන්ගේ ජීවිත වල නැත.
නමුත් ඔවුන්ගේ මේ ජීවිත අත්දැකීම් ලෝකය වෙත රැගෙන යාමට ඔවුන් විසින්ම මඟක් සොයා ගෙන තිබීම පුදුමය දනවන මෙන්ම දුක හිතෙන කථාවකි.
එම පුවත් පතේ සියළු අකුරු ලියැවෙන්නේ , සංස්කරණ කටයුතු කරන්නේත් ඔවුන් විසිනි ඒහි ඇති සියලු පුවත් ද ඔව්න් ගැනම පමණකි.
අකුරු ලියන්නට පාසැල් නොගිය දරුවන් වැඩි වුණද කෙසේ හෝ සිය කථාන්දර පුවත්පතේ පල කරවා ගන්නා ඔවුන්ගේ ජීවිත අභිමානයෙන් පිරී යන්නේ ” මගේ කථාවත් පත්තරේ පළ වුණායැයි සිතමිනි ”
”බාලක්නාම් ” දශක දෙකක් තිස්සේ ඉන්දියාවේ අග නගරය වූ නව දිල්ලියේ දී ම්‍රද්‍රණය වෙයි. පුවත් පත පුරා පිරුණ වීදි දරුවන්ගේ කථාන්දර ඉන්දියාව පුරා පමණක් නොව බ්‍රිතාන්‍යයේ මෙන්ම ඇමරිකාව තුළද ප්‍රචාරණය වන්නේය.
ජ්‍යෝතී බලක්නාම් පුවත් පතේ එක් වාර්ථා කාරිණියකි.සිය කතාව පුවත් පතේ දිග හරින ඈ තම පවුලේ සාමාජිකයන් එදා වේල පිරිමසා ගැනීමට කරන අරගලය ගැනයි..
බලක්නාම් පුවත් පතට ලිපි ලියන මෙන්ම තොරතුරු රැගෙන එන වාර්ථාකරුවන් ගණන 60කි. මිලියන දෙකක් වූ අනෙකුත් වීදි දරුවන්ගේ කථා වල වගකීම ඔවුන් සතු බ වඔවුන් හොඳින් හඳුනා ගෙන සිටිති.
ෂම්බු .. බාලක්නාම් හී පුවත් සංස්කාරකයි.. සිය පුවත් පත ගැන ඔහු පවසන්නේ … සමාජයේ වැරදිකරුවන් බවට පත්වූ අසරණ දරුවන් මෙන්ම වීදි දරුවන්ගේ හඬ මෙම පුවත් පත බවයි. පුවත් පතේ සංසකාරක මෙන්ම අනෙක්තු කාර්ය මණ්ඩලයේ සියල්ලන් තුළම ඇත්තේ එකිනෙකා වෙනුවෙන් එකිනෙකා යුතුකම් සහ වගකීම් දැරීමේ ඒකායන පරමාර්ථයකි..
බාලක්නාම මුද්‍රණය වන්නේ දිල්ලි නගරයේය. එය පැරණි තාක්ෂණයෙන් යුතු මුද්‍රණ යන්ත්‍ර මෙන්ම පැරණි ගොඩනැගිල්ලක ඉතා ක්‍රියා ශීලි ලෙස ක්‍රියාත්මක වන්නේය. එමෙන්ම මෙම පුවත් පතට අදාල සැටලයිට් මුද්‍රණ ශාලා හතක් උතුරු ඉන්දියානු දරුවන් වෙනුවෙන් උතුරු ඉන්දියවේ ප්‍රදේශ හතක ක්‍රියාත්මක වන්නේය.
ඉන්දියාව තුළ මුද්‍රිත පිටපත් බෙදා හැරුණද ලෝකයේ තවත් රටවලට බාලක්නාම් වොයිස් ඔෆ් ස්ට්‍රීට් චිල්ඩ්‍රන් voices of Street Children නමින් අන්තර්ජාල පිටපතක්ද දිග හැරෙන්නේය.
දුම්රිය ස්ථානයේ සේවය කරන දැරියන්ගේ ජීවිත අනතුරේ…මහ මඟ දී අපහරණයට ලක්වන දැරියන්…පාසලට ඇතුලත් කර නොගන්නා දුප්පත් දරුවන්…පානීය ජලය නොමැති වීදි දරුවන් … ඒ බාලක්නාම හී පිටු අතර ඇති පුවත් සමහරකි.
ඉන්දීය රජයේ වත්මන් සංඛ්‍යාලේඛන වලට අනුව 2006 වසරේ සිට 2016 වසර තුළ බාලක්නාම පිටපත් මිලියන 23ක් ඉන්දියාව පුරා බොදා හැරේ..
සෑම වසරකම සියයට පහකින් එහි මුද්‍රිත පිටපත් සංඛ්‍යාව ඉහළ යයි. වීදි දරුවන්ගේ කථන්දර ලොවට කියන අතර තුර බාලක් නාම් අතිවිශාල ලෙස ජාතික මෙහෙවරක්ද දියත් කරනු ලබයි. ඒ රටේ සාක්ෂරතාවයේ සහ ආර්ථිකයේ මෙන්ම සමාජ සුභසාධනයේද සංවර්ධනයට සහයෝගය ලබා දීමයි.
බෙහෝ ප්‍රසිද්ධ පුවත් පත්වල වීදි දරුවන්ගේ පුවත් පල වන්නේ කලා තුරකිනි.නමුත් බාලක්නාම වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම මේ වීදි දරුවන් වෙනුවෙන් පෙනී සිටින්නේය.
බාලක්නාම් වෙත් සිය දුක්ඛිත කතාවක් කියූ එක් දරුවෙකු මෙසේ කියා තිබිණි..
ලොව සියල්ලන්ම දැන ගත යුතු දෙයක් ඇත ඒ … මා ජීවත් වුවා මෙන් ලොව කිසිදු දරුවෙකු ජීවත් නොවිය යුතු බවයි…
බාලක්නාම් මේ වීදි දරුවන්ට මෙන්ම සමාජයේ හඬක් නැති , සමාජයෙන් කොන් වූ දරුවන් ට සළසා දී ඇති අවස්ථාව කෙතරම් දැයි වටහා ගැනීමට එයම ප්‍රමාණවත්ය.