×

”චොකලට්” නිසා වැනසෙන වනාන්තර‍

වන විනාශයේ වැඩිම දුකක් මුලින්ම හිමි වන්නේ දිළින්දන්ටය . ඔවුන් සමහර විට සිය ජීවිත කාලය පුරාම සුප්‍රසිද්ධ චොකලට් නිෂ්පාදනයක රස නොවින්දෝ වන්නට පුලුවන.


”චොකලට්” කන්න අකමැති කවුද? ඒත් අප මෙතරම් ප්‍රිය කරන චොකලට් නිසා අද ලෝකයේ අපිට අහිමි වෙමින් පවතින දෑ ගැන අපි නිකමටවත් සිතා තිබේද?

ලෝකයේ චොකලට් නිෂ්පාදනය වැඩි වත්ම වනසංහාරයද ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බව බොහෝ විට අප කිසිදා නොසිතු දෙයක් වන්නට ඇත. විශේෂයෙන්ම බටහිර අප්‍රිකාවේ වැසි වනාන්තර මේ වන විට චොක්ලට් කර්මාන්තයේ යෙදෙන සුප්‍රසිද්ධ ආයතන නිසා මිය යමින් සිටී.

මාර්ස් , නෙස්ලේ ,මොන්ඩෙලේස් වැනි ලෝක ප්‍රසිද්ධ චොක්ලට් සමාගම් බොහොමයක් මිලදී ගන්නා කෝපි ඇට වැවෙන්නේ නීතිවිරෝධී වගාවන් තුළයි. විශේෂයෙන්ම අයිවරි කෝස්ට් හි වනාන්තර අද වන විට 1960 සිට අවුරුදු 40ක් තුළ 80%කින් වනාන්තර අඩුවෙමින් පවතින බව අනාවරණය වී ඇත.

මාර්ස් චොකලට් මෙන්ම ෆෙරේරෝ රොචර් චොකලට්, මිල්කා බාර්ස් මේ සියල්ලක් තුළම නිතිවිරෝධී නිශ්පාදන මිශ්‍ර වී ඇත.

ලෝකයට අවශ්‍ය කොකෝවා ප්‍රමාණයෙන් 40 %ක් නිපදවෙන්නේ අයිවරිකොස්ට් හීදීය.
මේ නිසාම මේ වන විට අයිවරි කෝස්ටිහී වැසි වනාන්තර බොහෝමයක් විනාශයට පත්වෙමින් තිබේ. නිති විරෝදි ලෙස සිදු කරන කොකෝවා වගාව අයිවරි කොස්ට් හී ජයටම කෙරී ගෙන යන්නේ සුප්‍රසිද්ධ චොකලට් සමාගම් වලට කොකෝවා විකුණන මැදිහත් කරුවන්ගේ උඩගෙඩි දීම් මතය . විශාල ගස් කඳන් බිම දමා කොකෝවා වගා කරුවන් කොකෝවා වගාව ආරම්භ කර ඇත.

Normal scene in the Amazon

මේ සම්බන්ධව ද ගාර්ඩියන් පුවත්පතේ මාධ්‍ය වේදියෙක් කළ විමසුමකදී මාර්ස් , නෙස්ලේ, කාර්ගිල් ඇන්ඩ් බැරී ආදී සමාගම් තමන් නීති විරෝධී ලෙස වැවූ කොකෝවා මිලදී ගන්නා බව ප්‍රතික්ෂේප නොකර ඇත. ඔවුන් සියල්ලෝම පවසින්නේ මෙම තත්ත්වයන් අවම කිරමට තමන් උත්සහා කරන බවයි.

අයිවරි කෝස්ට් හී පමණක් නොව ලෝකයේ විශේෂයෙන්ම කොකෝවා වලට සුප්‍රසිද්ධ අප්‍රිකාවේ වැසිවනාන්තර බෙහෝමයක් විනාශ වීමට ප්‍රධානතම හේතුවක් බවට මෙම නීති විරෝධී කොකෝවා වගාව පත්වී ඇත.

ලෝකයට අවශ්‍ය කොකෝවා ප්‍රතිශතයෙන් 70% ක් නිපදවන්නේ සියරා ලියෝන් සිට කැමරූන් දක්වා මිලියන දෙකක් වන වගාකරුවන් විසිනි. නමුත් ඝානාව සහ අයිවරි කෝස්ට් කොකෝවා සැපයිමේ යෝධයන්ය. එමෙන්ම එම රටවල් කොකෝවා සැපයීමේ ලොව ප්‍රථම සහ විශාලතම සැපයුම්කරුවන්ය.

එමෙන්ම අයිවරිකොස්ට් අනෙකුත් අප්‍රිකානු රටවලට වඩා සීග්‍රයෙන් සිය වනාන්තර ප්‍රතිශතය අහිමි කරගනිමින් සිටියි.

ලෝකය විසින් ඉල්ලා සිටින චොකලට් නිෂ්පාදන මේ වන විට සීග්‍රයෙන් වැඩිවෙමින් පවතී. මයිටි අර්ත් Mighty Earth පරිසර සංවිධානය විසින් නිකුත් කළ වාර්ථාව පවසන්නේ මේ පිළිබඳව කිසිදු පියවරක් නොගතහොත් වර්ෂ 2030 වන විට වනාන්තර කියා දෙයක් ඉතිරි නොවන බවයි.

වන විනාශයේ වැඩිම දුකක් මුලින්ම හිමි වන්නේ දිළින්දන්ටය . ඔවුන් සමහර විට සිය ජීවිත කාලය පුරාම මාර්ස් චොකලට් එකක් රස නොවින්දෝ වන්නට පුලුවන.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි