×

සියලු මානසික උත්තේජක පරදවන ‘කෝපි පෙත්ත‘

මහා ලේඛක බල්සාක් කෝපි ගැන තැබූ විශ්වාසයම අපට ද කෝපි ගැන තැබිය හැකිද..? ඔව්!


කෝපි කෝප්පයක රැඳුන මානසික ශක්තිය දැඩි සේ විශ්වාස සකළ අයෙක් ලෙස හෝනෝරේ ඩී බල්සාක් ඉතා සුප්‍රසිද්‍ධ චරිතයක්.

කීර්කිමත් ප්‍රංශ ලේඛකයෙක් වන ඔහු කෝපි කෝප්ප 50ක් සමග රාත්‍රී ගණන් නොනිදා සිය නිර්මාණ සාර්ථක ලෙස අවසන් කිරීමට සමත් වූ දක්ෂයෙකි.

Honor de Balzac (1799-1850), French writer born in Tours (France). In 1842. After the daguerreotype made by Louis-Auguste Bisson, now located at the Maison de Balzac in Paris. (Photo by adoc-photos/Corbis via Getty Images)

කෝපි වලට අතිශය ඇබ්බැහි වූ ඔහු කාලයත් සමග කෝපි ඇට අඹරා කෑමටද ප්‍රිය කළේය. ඔහු පවසන්නේ හිස් බඩ උදෑසනින් මෙසේ ඇඹරූ කෝපි තලප හැන්දක් අනුභවයෙන් නිර්මාණකරණයට අවශ්‍ය සියලු ශක්තිය ඔහුට ලැබෙන බවයි.

ඔහුගේ වචන වලින්ම කියනවානම් එසේ කෝපි පානය නිසා  අදහස් ඉතා ඉක්මණින් ගාම්භිර හමුදාවක පාබල සේනාවක් සිය ජයග්‍රාහී යුධ පිටියට පැමිණ ඉතා උද්යෝගයෙන් සටන් කරන්නාක් සේ මනස ආක්‍රමණය කරනවා.

ඔහුගේ එම අදහස සත්‍යයක් බව විශ්වාස කළ හැක්කේ බල්සාක් ගේ කෘති දෙස බැලීම තුළිනි. ඔහු හදවත් රෝගයක් හේතුවෙන් වයස අවුරුදු 51 දී මිය යන විට නව කථා 100ක් ඉතා සාර්ථත ලෙස අවසන් කොට තිබිණි.

බල්සාක් එසේ කොපි ගැන තැබෑ විශ්වාසයම අපට ද කෝපි ගැන තැබිය හැකිද?

මේ වන විට ලෝකයේ බෙහෝ විද්‍යාඥයින් සොයා යන සත්‍යයක් බවට එය පත් වී ඇත. කෝපි වලට හැකි නම් මිනිසුන්ට ඉතා උද්යෝගයෙන් සිතන්නටක් ක්‍රියා කරන්නටත් අවශ්‍ය ශක්තිය හා ආවේශය ලබා දෙන්න .. ඉතිං ඇයි අපි කෝපි ගැන තව දුරටත් නොසිතා ඉන්නේ.

මිනිසුන්ගේ මනස ද්යෝගයෙන් තබන තවත් බොහෝ මතුද්‍රව්‍ය ගැන අද ලෝකය විශ්වාස කළත් ඒවා ගැන ඇති විවේචන එමටය.නෙබෝදා පැවති සමීක්ෂණයක් මඟින් හෙළි වුනේ 30%ක් ඇමරිකානුවන් මානසික ප්‍රබෝධය ඇති කිරීම වෙනුවෙන් මත්ද්‍රව්‍ය ගැන විශ්වාස තබන බවයි.

එමෙන් දශක ගණනාවක් පුරා විශේෂයෙන්ම බටහිර ජාතීන් විසින් සිය කාර්්‍යක්ෂමතාව වැඩි දියුණු කර ගැනීම සඳහා විවි‍ද උත්ප්‍රේරණ ඖෂධද භාවිත කරමින් සිටී. විශේෂයෙන් Amphetamines ආදී ඖෂධ මිනිස් මනස උත්තේජනයට පත් කිරීම සඳහා ඉතා සුප්‍රසිද්ධ මෙන් දිගු කාලයක් භාවිත කෙරෙන ඔෂධයි.

සුප්‍රසිද්ධ ගණිතඥයකු වන පෝල් එර්ඩෝස් පැය 19ක් පුරා එක දිගට සිය කාර්යයන්හි නියැලීමේ රහස Amphetamines බව කියයි. ලේඛක ග්‍රැහැම් ග්‍රීන්ස් එක් වර ග්‍රන්ථ දෙකක් ලිවීමේ දක්ෂයෙක් ඔහුගෙද රහස Amphetamines ඖෂධය බව පැවසේ.කෝපි මේ සියලු ඔෂධ වෙනුවට ආදේශකයක් ලෙස භාවිත කළ හැකිනම් එවැනි ඔෂධ වල අහිත කර බලපෑම් වලින් මිනිසාට මිදෙන්නට හැකිය.

ඇමරිකා එක්සත් ජනපදයේ බහුතරයක් අද වන විට ශීත කළ බීම වලට වඩා කෝපි පානයට ඇබ්බැහි වෙමින් සිටී. එය ඔවුන්ගේ ශරීරයට මෙන්ම සාක්කුවටත් හොඳ වීම කෝපි පානයේ අනෙක් වාසියයි. මීට ඉතා පහසු කාරකයක් ලෙස අද වන විට කැෆේන් සහිත අතිරේක ඔෂධ පෙති වර්ග හඳුන්වා දෙමින් සිටී ඒවායේ මිල පෙති 60ක් සඳහා ඩොලර් 17/95ක් වැනි මුදලකි.

අනෙක් මානසික උත්ප්‍රේරකය වන්නේ නිකොටින් ය. විශේෂයෙන්ම දුම්පානය මිනිසුන්ගේ කාර්යක්ෂමතාව මෙන්ම මානසික ක්‍රියාකාරීත්වය වැඩි කරවන්නක් බව බෙහෝ දෙනාගේ මතයයි. නමුත් කෝපි ආදේශකය ඊටද හොඳ පිළියමක් වනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි