×

2050 දී ලෝකයට අහිමිවන, වේගයෙන්ම ගිලාබසින නගරය ”ජකාර්තා”

පර්යේෂකයන් පවසන්නේ තව වසර 30ක පමන කාලයක් තුළ ජකාර්තාව සම්පුර්ණයෙන් කිඳා බසිනු ඇති යන්නයි.


මිලියන දහයක ජනතාවකට නිවස වූ ඉන්දුනීසියාවේ අග නගරය ”ජකාර්තා” ලොව වේගයෙන්ම කිඳා බසින නගරය ලෙස හඳුනාගෙන ඇත. පර්යේෂකයන්ට අනුව වසර 2050 වන විට ජකාර්තාව කියා නගරයක් තිබූ බවට මතකයක් පමණක් අප අතර ඉතිරිවනු ඇත. ඔවුන් පවසන්නේ තව වසර 30ක පමන කාලයක් තුළ ජකාර්තාව සම්පුර්ණයෙන් කිඳා බසිනු ඇති යන්නයි.

වගුරු බිමක් මත ඉදිවී ඇති මේ නගරය ගංගාවන් 13ක් අවසන් වන ජාවා මුහුද ආශ්‍රිතව පිහිටා ඇත. එවැනි පසුබිමක ජකාර්ථාව මෙසේ ජලයෙන් යටවිම ගැන පුදුම වන්නට දෙයක්ද නැත. විශේෂඥයින්ට අනුව මේ වන විට විටින් විට ගංවතුර තත්ත්වයන්ට මුහුන දෙමින් සිටින ජකාර්ථාවේ තත්ත්වය ක්‍රමයෙන් දරුණු අතට හැරෙමින් තිබේ.

ජකාර්තාව මෙසේ ගිලා බැසීම සිනහවට කරුණක් නොවේ. මේ පිලිබඳ පසුගිය වසර 20ක කාලයක් තිස්සේ අවධාරණය කරිමින් පරීක්ෂණ පැවැත්වූ බැන්ඩුන්ග් තාක්ෂණික ආයතනයේ හැරි ඇන්ඩ්‍රියාස් පවසයි.

මේ කිඳා බැසීම මේ වන විටත් සිදු වෙමින් පවතින බවට ඔහු සාක්ෂි සපයයි. පසුගිය වසර 10ක කාලය තුල ජකාර්තා නගරය මීටර් 2.5ක් ගිලී ගොස් ඇත. ඒ අනුව වාර්ෂිකව සෙන්ටි මීටර් 25ට වඩා ප්‍රමාණයක් ගිලෙමින් පවතී. සමස්ත නගරයෙන් අඩක්ම මේ වන විට පිහිටන්නේ මුහුදු මට්ටමට වඩා පහලිනි. මෙය ලෝකයේ සාමාන්‍ය වෙරළාශ්‍රිත ප්‍රදේශ කිඳා බසින ප්‍රමාණයට වඩා දෙගුණයකි.

මේ බලපැම වැඩිවශයෙන් සිදුවන්නේ උතුරු ජකාර්ථාව ආශ්‍රිතවයි. මූරා බාරු දිස්ත්‍රික්කයේ විශාල ගොඩනැගිල්ලක් එහෙම පිටින්ම මේ කිඳාබැසිමේ ප්‍රතිපළයක් ලෙස අතහැර දැමීමට සිදුව ඇත. මින් පෙර මතස්‍ය කර්මාන්තය ආශ්‍රිත සමාගමකට අයිති මෙම ගොඩනැගිල්ලේ පහත මාලය මුළුමුනින්ම කිඳා බැස ඇත.

17 වන සියවසේ ලන්දේසී යටත් විජිත සමයේ සිටම වරාය නගරයක් වූ උතුරු ජකර්තාව අද ඉන්දුනීසියාවේ කාර්යබහුලම වරාය නගරයයි.

අද වන විට එහි ජනගහණය මිලියන 1.8ක් වේ. බහුතරයක් මෙහි සිටින්නේ දුප්පත් ධීවර ජනතාවයි.

දේශ ගුණික විපර්යාස ‍හේතුවෙන් මුහුදු ජල මට්ටම ඉහළ යමින් සිටී.අධික උණුසුම හේතුවෙන් මුහුදු ජලය ප්‍රසාරණය වෙමින් පවතී. එමෙන්ම ධ්‍රැවීය අයිස් තට්ටු දිය වෙමින් මුහුද වෙත ගලා එයි. ලෝකයේ වෙරළාසන්න නගර බොහොමයක් එහි බලපැමට යටත් වී ඇත.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි