×

”මළ මිනිස්සු” අවදි කළ ගොගොල් … ඔහු මානසික රෝගියෙක්ද?

Nikolai Gogol 19 වන සියවසේ උත්කෘෂ්ඨ රුසියානු සාහිත්‍යයේ ප්‍රථම නවකථාවේ නිර්මාතෘද වන්නේය


“අපි සියල්ලන් ම හිම කබායෙන් එළියට ආවෙමුයි” අපරාධය හා දඩුවම ග්‍රන්ථය ලියූ මහා රුසියානු ගතකතුවරයා වන ඩොස්ටයෙව්ස්කි විසින් පැවසුවේය. ඔහු ඒ උපුටා දැක්වූ හිම කබාය අප කවුරුත් දන්නා අපි කාටත් පුරුදු රුසියානු ඉතිහාසයේ නොමැකෙන මතකයක් එක්කළ පොතකි. නිකොලායි ගොගොල් Nikolai Gogol එහි කතුවරයාය. ඔහු 19 වන සියවසේ උත්කෘෂ්ඨ රුසියානු සාහිත්‍යයේ ප්‍රථම නවකථාවේ නිර්මාතෘද වන්නේය .

සමහරුන්ට ඔහු මානසික රෝගියෙකි . ඒ නිසාම ඔහු ගේ ජීවිතය සුන්දර එකක්නම් වූයේ නැත. ඔහුගේ රචනා වල තිබූ සමහර අදහස් මෙන්ම ඔහුගේ නිර්මාණ සමහරෙක් අදටත් නිවැරැදිව අවබෝධ කර ගැනීමට සමත් වන්නේ නැත . ඒ නිසාම එදා ඔහුගේ ජාතිය, ආගම පමණක් නොව ඔහුගේ ලිංගිකත්වය කුමක්දැයි යන්න ගැනද සමහරෙක් ප්‍රශ්න කළහ. ඒ කිසිවක් ඔහුට බාධා නොවූයේ ඔහුගේ නිර්මාණ අගයන හා ඒවා තේරුම් ගත් පිරිසක් අද මෙන්ම එදාද සිටි බැවිනි.

ඔහුගේ සමහර කෙටි කථා , නාට්‍ය පිටපත් මෙන්ම අනෙකුත් නිර්මාණ අදටත් රස විඳින්නන් බොහාමයකි.

ඒ නිසාම ගොගොල් ගේ සාහිත්‍ය නිර්මාණ ලෝකයේ භාෂාවන් කිහිපයකටම පරිවර්ථනය විය. ඔහු විසින් රචිත කෘති අතර “මළ මිනිස්සු” සහ “හිමකබාය” අපේ සාහිත්‍ය තුළද බෙහෙවින් ජනප‍්‍රියත්වයට පත් වූ ඒවා වෙයි.. මළ මිනිස්සු, හිම කබාය හා ඉවාන් සහෝදරයෝ, අබිරහස් චිත‍්‍රය, පිස්සෙකුගේ දිනපොත, බිම්ගෙයි සිරකරුවා, තරාස්බුල්බා එසේ සිංහලයට නැඟුණු ගොගෝල්ගේ තවත් කෘති වන්නේය. මේවිට ඇළුම් කරන ලාංකේය පාඨකයන්ද රැසකි. රහස් කොමසාරිස් සහ කපුවා කපෝතියි වේදිකා නාට්‍යය ද මෙරට බෙහෙවින් ජනප‍්‍රිය වූ ගොගොල් විසින් බිහිකළ නිර්මාණයන්ගේ පරිවර්ථිත නාඨ්‍ය පිටපත් වෙයි.

1809 අප්‍රේල් 01 දා යුක්‍රේනයේ පොල්ටාවා පළාතේදී උපන් නිකොලායි වැසිලෙවිච් ගොගොල් Nikolay Vasilievich Gogol ගේ පියා වැසිලෙවිච් අනොසිවිච් නම් වූ අතර ඔහ් කලා රසිකයෙක් සහ නළුවෙක් වීය. මරියා ගොගොල් ඔහුගේ මව ගේ ජීවිතයේ මූලික ම දෙය ආගම වූ අතර ඒනිසාම ඈ පසු කලෙයක උමතු කාන්තාවක වූවාය. ගොගෝල් පෙනුමෙන් අනෙක් අයට වඩා මිටි මෙන්ම එතරම් ප්‍රසන්න මුහුණක හිමිකාරයෙක් නොවීය . ඒ නිසාම ගමේ උදවියගේ උසුළු විසුළු ඔහුවෙත එල්ල වූණ වාර අනන්තය. එම පසුබිම මෙන්ම දෙමවු පියන්ගේ තත්ත්වයන් ද ඔහුගේ නිර්මාණ කරණයට මෙන්ම අඳුර් ගුප්ත ජීවිතයටද බෙහෙවින්ම හේතු විය. තරුණ වියේදී කෙසේ හෝ සුප්‍රසිද්ධ මිනිසෙකු වන්නට ගොගොල්ට සිහිනයක් තිබිණි. හැදී වැඩුණ පෝල්ටාවා අතහැර ඔහු නගරයට එන්නට තීරණය කරන්නේ ඒ නිසාමය. සිහින කරපින්නාගෙන ගම අතහැර අග නගරයට ආවද ඉගෙනීම අතරමග අතහැර ලිපිකරුවකු වීමට ඔහුට සිදු විය..ඒත් සිහිනය ඒලෙසම තබා ගනිමින් සුළු නිර්මාණ කරන්නට ඔහු පටන් ගත්තේය. හාස්‍යජනක කතා පුවත්පත්වලට ලියා යැවීම පුරුද්දක් කර ගත්තේය ඔහු පසුව සියල්ල “ඩිකෙන්කා ගම අසල ගොවිපොළක සවස් කාලය” නමින් කාණ්ඩ දෙකකට මුද්‍රණය කළේ එසේ පුවත් පත්වලට ලියා යැවූ හාස්‍ය කථා රාශියයි.

ඔහුගේ මේකෘතියද සමග ගොගොල් ලේඛකයෙකු ලෙස ප‍්‍රසිද්ධ වන්නට විය. එවක මහා ගත් කරු ඇලෙක්සැන්ඩර් පුෂ්කින් වැන්නන්ගේ මෙන්ම විචාරකයෝ අගය කිරීම් වලට ඔහු පාත්‍ර වන්නේය . එතෙකින් සියල්ල පසෙක තබා ලියන්නට පටන් ගත් ඔහුගේ ග්‍රන්ථ වහා වහා රුසියාව තුළ අලෙවි වන්නට පටන් ගන්නේය ..ඒක් සමග ලැබුණ සමාජ පිළිගැනීම නිසාම පීටර්ස්බර්ග් විශ්වවිද්‍යාලයේ ඉතිහාසය සඳහා කථිකාචාර්ය ධූරයක් ඔහු වෙත පිරිණැමිනි නමුත් ඔහු දේශනයට එතරම් දක්ෂ නොවූ නිසාම එය අතහැර වී පූර්ණකාලීන සාහිත්‍යකරණයේ යෙදෙන්නට වූයේ ඔහු තීරණය කළේය.

ගොගෝල්ගේ සිතුවමක්

ගොගෝල්ගේ කෘති එවකට රුසියානු සමාජය වෙත මහා ඉහළින් පිළිගන්නට පටන් ගත් වේගයෙන්ම ඔහුගේ කෘති වලටද ඔහුටද කෙනෙහෙළි කම් එල්ල වන්නට වැඩි කාලයක් ගත වූයේ නැත. ඒ ඔහු විසින් සිය නිර්මාණ තුළ රඳළයන් සහ සමාජයේ ඉහළ පන්ති විවේචනය කිරීමේ යථාර්ථය හේතුවෙන් ඔහුට විරුද්ධව සමාජයේ ඉහළ පන්ති වල නොකමැත්ත මෙන්ම විරෝධයද පළ විය. ගොගොල් සිය රටේ හිඳ සිය රටටම විරුද්ධ කරන බවට ඔවුන් කියන්නට පටන් ගත්හ. ඊට ගොගොල්ගේ පිළිතුර වූයේ තමන් සමාජයේ සත්‍ය අනාවරණය කරමින් සිටින බවයි. රුසියාවේ ජන ජීවිත මොනවට පැහැදිලි කළ ඔහුගේ ”මළ මිනිස්සු” වැනි ග්‍රන්ථ ඒ වන විට රුසියානු සමාජයට වඩාත් ගැලපෙනම නිර්මාණ විය.

ඔහුගේ නාට්‍ය පිටපත් ගැනද නොකියාම බැරිය වල්දිමිලර් නම්බුනාමය, විවාහය, රජයේ පරීක්ෂක ඔහගේ ජනප්‍රිය නාට්‍ය පිටපත්ය.

ගොගොල්ගේ සමීපතම මිත‍්‍රයකු වූ මහා කවි අලෙක්සන්දර් පුෂ්කින් ගේ මිය යෑම නිසා ඇතිවූ වියෝව ඔහුව මහත් කම්පනයට පත් කළ අතර සමාජයේ ඔහුට විරුද්ධව නැගෙන චෝදනා මෙන්ම සිය මවගේ මානසික රෝගීතත්ත්වයේ මතකයන් නිසා ඔහුව වඩ වඩාත් පීඩනයට පත්වෙමින් සිටියේය. මේ නිසාම තමන්ගේ නිර්මාණ එළි දක්වන්නටත් පෙරම  පුළුස්සා දමන්නට පවා ඔහු බොහෝ විට පෙළඹී ඇත . ”මළ මිනිස්සු 2 කොටෙස” ඔහු විසින් පුළුස්සා දැමූ එවැනි පිටපතකි.

අවුරුදු 43දි වැනි ඉතා අඩුවයසකින් මිය ගිය ජීවිතයේ අවසන් කාලය උමතුවෙන් මෙන්ම පීඩාවෙන් ගත කරන්නට සිදුවීම රුසියානු සාහිත්‍ය වෙනස් කළ මේ මිනිසාගේ ම පමණක් අභාග්‍ය වූයේ නැත. එය එවකට සමාජයේ කෙනෙහෙළිකම්වලට ලක්වූ සියල්ලනගේම අභාග්‍ය විය. 1852පෙබරවාරි 21 වැනිදා ඔහු මිය ගියේ ය.

අද සමාජයද සමහරවිට ගොගෝල්ගේ කෘති අගයන අතරේම ඔහු පිස්සෙක් හෝ මානසික රෝගියෙක් යැයි සමච්චලයෙන් සිතති. නමුත් ඔහුගේ නිර්මාණ විසින් ලෝක සාහිත්‍යයට උරුම කලේ නොමැකෙන දායාදයකි. ඔහු සැබෑම සාහිත්‍ය නිර්මාපකයෙකි. ඉන් එහා ඔහුගේ ලෝකය ගැන අප සිතිය යුතුද නොවේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි