නින්ද කියන්නේ මනුෂ්‍ය ජීවිත වල අත්‍යවශ්‍යම සාධකයක් ! මින්සුන්ට විතරද ඇයි සතුන්ට නිනන්ද අවශ්‍ය නැතිද.. දවස පුරාම එහේ මෙහේ අවිදින , ආහාර සොයමින් ඝන කැලෑවන කරක් ගහන අහිංසකයින්ටද නින්ද අත්‍යවශ්‍ය වේ.. මින්ස්සුන්ට මේන් කොට්ට මෙට්ට ඇඳ අතිරිලි නැතත් තමන්ට සුව පහසුම අයුරින් නිදාගන්නට සෑම සත්වයෙක්ම පුරුදුව සිටිති.
ඒ අතරින් සමහරක් සතුන්ගේ නිදි පුරුදු Sleeping Habits සැබවින්ම සිත් ගන්නා සුළුය..
ඩෝල්ෆින් යනු සැබැවින්ම විශ්මිත ජීවියෙකි. ඔවුන්ගේ ජීවන චර්යාවේ දැක ගත හැකි විශ්මිත හැසිරීම් රටා එමටය. සිය සහකාරිය ආකර්ෂණයේදී ඔවුන්ගේ උපක්‍රම ශීලී තාව මෙන්ම ඔවුන්ගේ නිදි පුරුදුද ගැන සොයා බැලීම සැබවින්ම සුන්දරයි. ඩොල්ෆින්ලාට දිගු මෙන්ම ගැඹුරු නින්දක නියැලෙන්නට හැකියාවක් ඇත. ඔවුන් නිදා සිටින විට පෙනෙන්නේ ජලයේ ලී කොටයක් පාවෙන්නාක් මෙනි. බොට්ල් නෝස් ඩොල්ෆින්ලාට සිය මනසින් අඩක් ක්‍රියා විරහිත කර අඩනින්දේ සිටින්නට හැකියාවක් ඇත. එවිට ඔවුන්ගේ මොළයේ හරි අඩක් හොඳින් ක්‍රියාත්මක වෙයි. ඔවුන්ගේ ඇස් ද අඩක් පමණක් නින්දේ තබන්නට ඔවුන්ට හැකිය. බොහෝ විට මොවුන් අඩනින්දේ සිටින්නේ තමන් වෙත වන අනතුරු පිළිබඳ විමසිල්ලෙන් සිටින්නට අවශ්‍ය නිසාය. එසේ නිදි යන ඔවුන් පැය දෙකකින් පසු නැවත වාතාශ්‍රාය ලබා ගැනීමට ජලය මතුපිටට පිහිනන අතර ඉන් පසු කරන්නේ මෙතෙක් අවධියෙන් තැබූ මොළයේ සහ ඇසේ අනෙක් අර්ධය නින්දට පත් කිරීමයි. මෙම පුරුද්ද ඩොල්ෆින්ලාට පමණක් නොව පෘට්ස් බැට්ස් නම් වවුලන්ට, මුහුදු උරන්ට, තලගොයින්ට, සීල් මත්සයින්ට මෙන්ම තාරාවන්ටද හැකිය.
ජිරාෆ්ගේ නින්ද හරිම කෙටි එකකි . ඔහුගේ නින්ද දිනකට විනාඩි 20කට පමණ සීමා වෙයි. ඒ සතුරන්ගෙන් බේරීම සඳහා ඔවුන්ගේ මනස ඔවුන්ව අවධි කර තබන බැවිනි. සිය දිගු බෙල්ල කරකවා බිම නිදා ගන්නා ජිරාෆ් නිදන විට එය ඉතා අලංකාර දර්ශනයකි.
සතුරන්ගෙන් බේරී සිටීමට පමණක්ම නොව නින්ද ගිය පසු දියේ ගිලේවි යන බිය නිසා දිය බල්ලන්ගේ නින්ද සුව පහසු නොවේ. ඒ සියල්ලෙන් බේරී සිටීම මතකයේ තබා ගනිමින් නිදා ගන්නය දිය බල්ලාට සිදු වේ. මුහුදු පැළැටී හෝ කුමක් හෝ මතු පිට සිය හිස තබා ගනිමින් සිරුරෙන් අඩක් ජලය තුළ තබා නිදා ගැනීම ඔවුන්ගේ පුරුද්දයි. ඔවුන් නිදා ගන්නේ කණ්ඩායම් වශයෙනි. නින්ද ගිය පසු ජලයේ පාවී යැයි බියෙන් ඔවුන් බොහෝ විට එකිනෙකාගේ අත් අල්ලා ගනිමින් නිදා ගන්නට පුරුදුව සිටී.
ඇල්බට්‍රෝස් පක්ෂියා ගේ නින්ද ගැන සිතන විටද එය කෙතරම් කරදරයක්දැයි අපට සිතේ. මෙම පක්ෂිය නිදා ගන්නේ පියා සර කරන අතර තුරයි. නමුත් ඒ වැඩි වෙළාවක් නොවේ තත්ත්පර ගනනක නිනදකි. පියාසර කරන අතර තුර තත්ත්පර ගනනේ නිදි වාර සියයක් පමණ ඇල්බට්‍රෝස් පක්ෂියා ට ඇත. ඇල්ෆයින් නම් පක්ෂියාටද මෙසේ පියාසර කරමින් නිදා ගැනීමේ හැකියාව ඇත. ඇල්බට්‍රෝස් පක්ෂියා පියාසර කරනගමන් නිදාගැනීමේ හැකියාව නිසාම බහුකාර්ය පක්ෂියෙක් ලෙස හඳුන්වයි.
කණ්ඩායම් වශයෙන් නිදා ගන්නා තාරාවන් තනිව නිදද්දී බෙහෝ විට නිදාගන්නේ එක් ඇසක් විවෘතව තබාගනිමිනි. වියලි තෘණ හෝ පිදුරු ආදියක මත හරි පෙළට සැදී කණ්ඩායමක් වශයෙන් නිදා ගන්නා මොවුන් පෙළට සිටින විට අයිනේම සිටින්නා අනිවාර්යෙන්ම සිටින්නේ එක් ඇසක් පමණක් වසාගනිමිනි .. ඒ සතුරන්ගෙන් බේරී සිටීම සඳහා ඔවුන් අනුගමනය කරන උපක්‍රමයකි. පේළිය තුළ සිටින්නන් ඇස් දෙකම වසා නිදා ගනිති.
මේ සතුන් තිදෙනාම නිදා ගන්නේ හිටගෙනය. නිදාගනිද්දී ඇද නොවැටෙන ලෙස සිය පාදවලට අගුල් වැටෙන සේ සිටගන්නට ඔවුන්ට හැකියාව පවතී. මේ අතර අශ්වයන්ට සමහර විටෙක පොලෝ වේ වැතිරෙන්නට අවශ්‍ය වේ. ෆ්ලෙමින්ගෝ හෙවත් රණ හංසයන්ද නිදා ගන්නේ මෙසේ සිරස්වයි.
දුඹුරු වවුලන් වවුල් කුලයේම නිසා ඔවුන් නිදන්නේ දහවල් කාලයටයි. නමුත් ඔවුන්ට දිගු නින්දක් අවහ්‍ය කරයි ඒ පැය 19ක තරම් දිගු කාලයකි. ජීවිතයේ දිගු කාලයක් ඔවුන් සිටින්නේ නින්දේය. මෙවැනි දිගු නින්දක් ඇති තවත් සතුන් වන්නේ ආර්මෙඩිලෝස් armadillos නම් කබල්ලෑවන් වැනි සත්ව වර්ගය, ස්ලෝත්ස්, ව්‍යාග්‍රයන් සහ නිවෙස්තුළ ඇති කරන පූසන්ද දිගු නින්දක හිමිකරුවන්ය.
කාන්තාරවල සිටින ගොලුබෙල්ලන් වර්ගයක් වන මොවුන් ට කාන්තාරයේ සිටින අනෙක් ජීවීන්ට මෙන් අපහසු ජීවිතයක් නෙවේ. මන්ද ඔවුන්ට වසර කිහිපයක් එක දිගට නිදා ගැනීමේ හැකියාවක් පවතී.
ශීත කාලයේදී ශීතල දරා ගැනීමේ හැකියාව සාමාන්‍ය සතුන්ට වඩා මදක් වැඩි ගොම්බන් ඔවුන්ගේ ශරීරයේ පවතින අධික ග්ලූකෝස් ප්‍රමාණය සහ ශරීර අවයව විසින් ඔවුන්ට ීතල දරාගැනීමේ හැකියාව වැඩි කර තිබේ.ඒත් සමග ශීත කාලයට අයිස් සමග මිදෙන්නට වුවද ඉඩකඩ පවතී. ඒත් සමග ඔවන් හුස්ම ගැනීම නතර කරන අතර ම ඔවුන්ගේ හදවතේ ගැස්ම ද නවතී. ශීත කාලය අවසන් වෙමින් හිරු එළිය වැටෙන්නට ගනිද්දී නැවතත් ඔවුන් ආශ්වාසය පටන් ගනී, එය ඔවුන්ට ලැබෙන දිගු නින්දක් වැනිය.