×

තනි ඉරකින් වෙන් වුණ දුප්පතුන්ගේ සහ පොහොසතුන්ගේ ලෝක, අහසේ සිට…

Johnny Miller ගේ ඡායාරූප පෙළක්


දුප්පත් පොහොසත් ලෝක දෙක සැබවින්ම එකිනෙකට වෙනස් වුන දෙලොවකි. එකම සමානකම මේ ලෝක දෙකෙහිම සිටින්නේ එකම සත්ව කොට්ඨාෂයක් පමණක් වීමයි.

ශාන්ත ෆේ, මෙක්සිකෝව

සුප්‍රසිද්ධ ඡායාරුප ශිල්පියෙක් වන ජොනී මිලර් එකම භූමියක පිහිටි දුප්පතුන්ගේ සහ පෙහොසතුන්ගේ ලෝක දෙක අහසේ සිට ඡායාරූප ගත කළේය . ඒ ඔහු ගේ Unequal Scenes project වැඩසටහනේ අංගයක් ලෙසයි. සමාජ විෂමතාව පිළිගන්නා සමාජයට විරුද්ධ වීමේ අරමුණින් ඔහු මෙම වයාපෘතිය අරඹන ලදී.

ශාන්ත ෆේ , මෙක්සිකෝව

කැසේ පාර්ක් ,ජොහැන්නස්බර්ග්

මුම්බායි

දකුණු අප්‍රිකානු ඡායාරුප ශිල්ලී ජෝන් මිලර් සිය අදහස් දක්වමින් කියා සිටින්නේ
ගුවන් යානය පොළොවට ළගා වෙද්දීම කේප් නගරය පුරා දැකිය හැකි දුප්පතුන්ගේ නිවාස එක ළඟ පිරුණ විශාල භූමි ප්‍රදේශය පසු කරන විට හිටි හැටියේම හමුවන් පෙහොසතුන්ගේ මාළිගා විහ්වාස කල නොහැකි බවයි.

 

මුම්බායි

ඩර්බන්

 

ටැම්බ්සියා, ජොහැන්නස්බර්ග්

කේප් ටවුන්

වුක්සෙන්සේල් ,සිවීට්හෝම් , කේප් නගරය

පීටර්මාර්ටිස්බර්ග්

බ්ලවුබෝස්රැන්ඩ්

පහත දැක්වෙන්නේ පංති විෂමතාව බෙහෙවින් දැකිය හැකි දකුණු අප්‍රිකාව , මෙක්සිකෝව හා ඉන්දියාව යන රටවල් ත්‍රිත්වය ඩ්‍රොණ තාක්සණය මඟින් එසේ ඡායාරූප ගත කර තිබූ අවස්තාවන්ය‍

ඇමරිකානු ජනපති බැරැක් ඔබාමා වරක් පැවසූවේ අසමානතාව මේ යුගයේ අභියෝග අර්ථ දක්වන බවයි.

ඉතා උඩින් සිට ගන්නා ඡායාරුප “nadir view” බොහොමයක් මඟින් පෙනෙන්නේ දුප්පත් සහ පෙහොසතුන් අතර වෙනස කුඩා වැට, මාර්ග සහ වගුරු බිම් මගින් වෙන් කර දක්වා ඇති අයුරුය. ඒවායේ එක් පසෙක ඉතා දිළිඳු එක පිට එක වැටුණු කුඩා නිවෙස්ය අනෙක් පස ඉසුරුමත් නිවෙස් සහ ප්‍රාසාදයන්ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි