ටැන්සානියානු වෙරළට සැතපුම් තිහක පමණ ඈතින් පිහිටා ඇති සැන්සිබාර් සහ පෙම්බා යනු අර්ධ ස්වාධීන භූමීන් දෙකකි.
ඝන කැලෑවලින් වටවූ සොබා දහමට ඉතා සමීප වූ සැන්සිබාරයද අද වන විට විවිධ වාණිජ භොග වගාවන් නිසා සුන්දරත්වය අහිමි වෙමින් පවතී. එහා මිනිසුන් කැලෑ කපා වාණිජ වටිනාකමක් ඇති බොග වගාකරන්නට පටන් ගෙන. නමුත් තවමත් සැන්සිබාරයේ ඝන කැලෑ වල සාම්ප්‍රදායික මුදල් ඉපැයීමේ මාර්ග නැත්තේම නැත.
මී වද කැඩීම ලෙහෙසි පහසු එකක් නොවන තරමටම එය ජිවිතයත් මරණයත් අතර සටනකි. පරිසර සමතුලිතතාවන් පවත්වා ගන්නට දායක වන අතරම කැළෑ තුල මි මැස්සන් මිනිසුන්ට ආදායම් මාර්ගයක් සපයා දී තිබිමද මනස්කාන්තය. සැන්සිබාර් මී වද කඩන්නන් ට එහි ඝන කැළෑ තුළ සිටින මී මැස්සන් ගෙන් ලැබෙන ප්‍රයෝජනය ඉමහත්ය. එදා සාම්ප්‍රදායිකව කැලෑ තුළ සිදු කළ මී වද කැඩීම අද ගෘහාශ්‍රිත ව්‍යාපාර බවට පත්ව තිබේ. නමුත් ඔවුන්ට ඇති අභියෝග වලනම් ඉයරයක් නැත.
හිමිදිරි උදෑසන මීපැණි බිංදුවක් දවස පුරා අපේ කුස ගින්න නිවන්නට උදවුවෙනවා…
අවුරුදු 60ක් වන අලී මන්ගුජා.. ඔහු වසර ගණනාවක් ති්සේ සිය දරු මල්ලන් පෝෂණය කළේ සැන්සිභාරයේ තමන්ටම කියා මී මැසි පාලන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යයි.
ඔහුගේ දරුවන් 11 දෙනෙක් ජීවත්වන්නේ මේ මී මැසි පාලනයෙනි. මිය යන තෙක් මී මැස්සන් සමග ජීවත් වීම ඔහුගේ අභිප්‍රායයි.
මොහොමඩ් අබ්දුල්ලාද අලී මන්ගුජා මෙන්ම මී මැසි පාලනයෙන් දිවි ගට ගසා ගන්නෙකි. 57 හැවිරිදි ඔහු වසර 30ක කාලයක් මෙම රැකියාව කරනු ලබයි.
ටැන්සානියාවේ හොඳ මී පැණි ලීටරයක මිල ඩොලර් 10.5ක් එනම් ටැන්සානියානු මුදල් ඒකකය වන ටැන්සානියානු සිලිංවලින්, සිලිං 24.000ක් පමණ වේ.