×

ජිරාෆ් ගැහැණු

සාමාන්‍ය වැඩිහිටි කාන්තාවකගේ ගෙලෙහි ඇති සම්පුර්ණ පිත්තල වළලු වල බර කිලෝ ග්‍රෑම් 10ක් පමණ වෙයි.


ජිරාෆ් කියූ සිනින් මතක් වෙන්නේ බෙල්ල දිග අහිංසක සිවුපාවෙකි. මියන්මාරයේ ඉපැරණී ගෝත්‍රයක් වන කායන් ගෝත්‍රයේ ගැහැණුන් හඳුන්වන්නේද ජිරාෆ් ගැහැණුන් නමිනි. ඊට හේතුව සාමාන්‍ය මින්සුන්ට වඩා කායන ගැහැණුන්ගේ ගෙල නැත්නම් බෙල්ල දිගු වීමය.

ගැහැණුන්ගේ බෙල්ල දිගු වන තරමට ඔවුන්ගේ  අලංකාරය හා සුන්දරත්වය වැඩි වන බව කායන් ගෝත්‍රයේ විශ්වාසයයි.

ඒ නිසාම කායන් ගෝත්‍රයේ ගැහැණුන් කුඩා කල සිටම තම තමන්ගේ ගෙල දිගු කිරමේ වෑයමේ නියැළෙයි. කුඩා කල සිටම එවුගේ ගෙල වටා ලෝහ මුදුවක් ගෙලට පැළදිම ආරම්බ කරයි. බෙහෝ විට ඒ කුඩා ගැහැනු ලමුන්ට වයස අවරුදු 5 පටන් ගනිද්දිමය.

කායන් ගැහැණුන් එම ගෝත්‍රයේ ගැහැණු බව ඔවුන්ගේ ඇඳුමින් පැළඳුමින් දුටු සැනින් හඳුනා ගත හැකිය.

එම්බ්‍රොයිඩර් කරන ලද ඇඳුමින් සැරසුණ එවුන් හඳුනාගැනීම සඳහා පහසුම ක්‍රමය ඔවුන්ගේ ගෙලවට පලඳන පිත්තල වළලුය. මුලින්ම ගැහැණු දරුවකුට වයස අවරුදු පහ වන විට ඇගේ ගෙලේ මෙම පිත්තල වළලු පළඳන්නට පටන් ගනී. ඇයව වයසින් වැඩි වන්නට ඇගේ ගෙලට පළඳන වළලු ගණන ක්‍රමයෙන් වැඩි කරයි.

ඇය තරුණ වියට පත් වන විට ඇගේ ගෙල පිරෙන්නට වළලුය . සාමාන්‍ය වැඩිහිටි කාන්තාවකගේ ගෙලෙහි ඇති සම්පුර්ණ පිත්තල වළලු වල බර කිලෝ 10ක් පමණ වෙයි.

වළලු වැඩි වත්ම එවුන්ගේ ගෙල මෙසේ දික වන්නට හේතුව සැබිවින්ම ‍ඔවුන් සිතනවාට වඩා වෙනස් යෙකි. එනම් එහිදී සිදු වන්නේ ග්‍රිවාස්ථිය ප‍හලට තල්ලු කිරීමක්. මෙම වළලු සාදා ගන්නේද කාන්තාවන් විසින්මය . ඒ සඳහා ඔවුන්ට විශාල කාලයක් ගතවේ. එමෙන්ම එය පහසු කාර්යක් නොවේ.

ඔවුන් මේ වලලු ගලවා දම්නනේ කළා තුරකිනි එසේ කිරිමද වේදනාවක් මෙන්ම තුවාඏ සිදුවන කාර්යයකි. එවුගේ බෙල්ල දහඩිය සහ වාතාශ්‍රයක් නොලැබිම හේතුවෙන් අවපහ ගැන්වේ.

සිය ජීවිතයේ වැඩි කාලයක් මෙසේ පිත්තල වළලු වලින් සිය ගෙල සරසාගෙන සිටීමෙන් එය නොමැතිව සිටීම අපඑසු කරුණක් වී ඇත.. උයන්නේද පිහන්නේද ගමන් යන්නේද පමණක් නොව කන්නේ බොන්නේද සිය ජීවිකාවන් කරන්නෙද් මේ කිලෝ ගණනක් බර වළලු සිය ගෙලෙහි පළදවාගෙනය නැත්නම්  උරහිස් මත දරාගෙනය.

කායන් ගැහැණුන් වළලු පැළඳිය යුතුමැයි කියා නීතියක් එවුන්ගේ ගෝත්‍රය විසින් පිළි ගන්නට හේතුව කුමක් දැයි යන්න නිහ්චිතවම පැහැදිලි නොවුණත් ඒ පිළබඳව විවිධ මතයන් ඇත.

එසේ බෙල්ල දිගු වූ විට ඔවුන්ගේ ගෝත්‍රයේ වීරයෙක්  වූ මකරා සංඛේතවත් කරනන්ට කාන්තාවන් සඳහා මෙම ගෙළ පලඳනා නීතිය අනිවාර්ය වූ බවට එක් හේතුවකි.

තවත් ආසන්නම හේතුවක් වන්නේ අනෙකුත් ගෝත්‍රයන් හා සැසඳිමේදී ඉතා තේජාන්විත පෙනුමක් ඇති කර ගැනීම සඳහා ඔවුන් එසේ කළ බවයි. එසේ කිරීමෙන් අනෙක් ගෝත්‍රිකකයන් සිය වහල් කමේ යොදවා ගන්නට එවුන අරමුණ වූ බව කියැවේ.

සමහර කාන්තාවන්ට ඔවුන් කුඩා වයසේ දී පැළඳවු කර වළලු ඔවුන්ගේ සමතුලට කාවැදී ඇත. ඒවා ඉවත් කරන්නටනම් ඔවුන්ට වෛද්‍ය සහය පැතීමට සිදු වේ.

2006 වසරේ කායන් ගෝත්‍රික සමහර කාන්තාවන්ට මෙම චාරිත්‍රායෙන් මිදී ගෙල වට කළ වළලු වලින් මිදෙන්නට වුවමනා විය. ඒ සඳහා  ඔවුන් සටන් කල අතර 2008 වසරේදි ඊට අවස්තාව ලැබුණි. එහිදි වසර 40ක් තිස්සේ මෙසේ කර වළලු පැළඳූ ජිරාෆ් කාන්තාවක් සිය වළලු ඉවත් කළ අතර ඉන් පසු ඇය පවසා ඇත්තේ එය තමන්ට මහත් අපහසුවක් බවයි.

මේ කායන් ගෝත්‍රිකයන් පාඩෝන්ග් Padaung, නමින්ද හඳුන්වන අතර 2004 වසරේදී කරන ලද ගණනය කිරිම්වලට අනුව කායන්   ජනගහණය 130000කි . අද වන විට ඔවුන් ජීවත් වන ප්‍රදේශත් ඔවුනුත් ජනප්‍රිය සංචාරක ආකර්ෂණයන් බවට පත්ව තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි