යුද්ධය …. ඒ හා බැඳුනු සෑම අයෙක්ම පාහේ ජීවිත ගැන ඇත්තේ අවිනිෂ්චිත හැඟීමක් පමණි.
යුද්ධ ගැන, යුධ භූමි ගැන නව තාක්ෂණය හා බැඳුණ ආයුධ ගැන විතරක් නොවෙයි යුධ මෙහෙයුම් වලදී යොදා ගැනෙන රෝබෝවරුන් ගැන ඕනෑ තරම් කථන්දර අප අසා ඇත… ඒත් අතීතයේ සිට රණබිමි තුළ කිසිවතුටත් කළ නොහැකි කාර්ය භාරයක් කළ මිලිටරි සුනකයන් ගැන අප කථා කාරන්නේම නැති තරම්ය.
යුධ භූමිය තුළ මිනිසුන්ට හෝ කිසිම යන්ත්‍රයකට කළ නොහැකි කාර්ය භාරයක් මිලිටරි සුනඛයන් ට කළ හැකිය. ඔවුන් සතු ඒ සහජ දක්ෂතාව කිසිලෙසකින් අවතක්සේරු කළ නොහැකිය…
යුධ භූමි තුළ සුනඛයන් භාවිත කිරීම ක්‍රිස්තු පූර්ව 600 දක්වා ඈතට ගමන් කරයිත ඒ ඊජිප්තු ජාතිකයන් ග්‍රීක ජාතිකයන් හා රෝම ජාතිකයන් විසින් .. ඔවුන්ගේ යුධ බිමි තුළ මෙන්ම ආරක්ෂක මොහයුම් වලදීද සුනඛයන් යොදා ගැනීම සිදු විය.
විශ්වාසය තැබිය හැකි වූ, මනා බුද්ධියක් හා රැකවල් කිරීමේ ඉවක් තිබූ, අනම්‍ය වූ සුනඛයන් රෝමය විසින් යුරෝපය යටත් කර ගැනීමේ කැරැල්ලේදී, රෝමානු සේනාංකය මහද්වීපය හරහා විශාල කණ්ඩායම් ලෙස ගමන් ගන්නා ලදී. ශීතකිරීමේ උපක්‍රම නොපැවතීම නිසා සොල්දාදුවන් හට ඔවුන්ගේ ආහාර අවශ්‍යතා වෙනුවෙන් ගවයන් රංචු රැගෙන යාමට සිදුවිය. සුනඛයන් මෙම ගවයන් එකතු කර තබාගැනීමටත් රාත්‍රියේදී ආරක්ෂා කර ගැනීමටත් යොදා ගන්නා ලදී. ක්‍රි.පූ. 74 පමණ කාලයේදී රෝමානු හමුදාව ඇල්ප්ස් හරහා ගමන් කොට දකුණු ජර්මනියට ඇතුලුවිය. එතැන් පටන් රෝමානුවන් ස්වාමිවරුන් විසින් පලවා හැරීමෙන් පසුවද සියවස් දෙකක් පුරාවට මෙම රෝමානු සුනඛයන් සතුන් රැකබලාගැනීම හා වෙලඳපල කරා ගෙනයාම සඳහා යොදා ගන්නා ලදී.
රණබිමි තුළ මෙන්ම ආරක්ෂක කටයුතුසඳහාද සුනඛයන් යොදා ගැනීම පිළබඳඉතිහාසය නිළ වශයෙන් සඳහන් වන්නේ පළමු ලෝක යුධ සමයේදීය . පළමු ලෝක යුධ සමයේ පොලිස් සුනඛයන් සඳහා ඉහල ඉල්ලුමක් ඇති වූ අතර එහිදී විශේෂයෙන්ම රොට්වෙයිල(ර්) සුනඛයන් කෙරෙහි නැවත සැලකිල්ල යොමු විය. පළමු හා දෙවන ලෝක යුධ සමයන්හීදී රොට්වෙයිල(ර්) සුනඛයන් පණිවිඩකරුවන් ලෙස, හදිසි අනතුරු සේවාවන්හීදී හා රැකවලුන් ලෙස යොදා ගන්නා ලදී.
එතෙකින් පසු ලොව පැවති බොහොමයක් යුද්ධ වලදී සජීවී ආයුධයක් මෙන්ම අති දක්ස මෙහෙයුමු කරුවන් ලෙස සුනඛයන් සිදු කර ඇති කාර්යබාරය අතිමහත්ය.
ඇමරිකානු හමුදාව තුල මිලිටරි සුනඛයන්ට ලැබෙන විශේෂත්වය උපරිම වේ. මේ මෙහෝත වන විට ඇමරිකානු හමුදාවට අනුයුක්තව ලොව යුද්ධය පවතින ප්‍රදේහ වල මිලිටරි සුනකයන් 1600ක් දෙනා පමණ සිටී. විශේෂයෙන්ම ඇමරිකානු හමුදාව ක1ියාකාරීව සිටින ඇෆ්ගනිස්ථානය තුළ පමණක් එක් හමුදා නිළඳාරියෙක්ට සිටින සුනකයන් ගණන තිදෙනෙකි.
දිනෙන් දින ඔවුන්ගේ වටිනාකම ඉහල යත්ම ඔවුන්ගේ ප්‍රයෝජනයන්ද ඉහළය. ත්‍රස්තවාදීන් මහජනතාව ඉලක්ක කර ගනිමින් සිදු කරන ප්‍රහාරයන් වළක්වා ගැනීම සඳහා ඔවුන්ගේ සහයෝගය අන් කවරකටත් වඩා විශ්වාස කළ හැක්කකි.
වර්තමානයේ ඇෆ්ගනිස්ථානය ඉරානය වැනි රටවල යුද්ධ සඳහා සහභාගී වී සිටින ඇමරිකානු හමුදාවන්ගේ ප්‍රදාන උපකරණයක් බවට පත්ව ඇත්තේ මිලිටරි සුනකයන්ය.
බටහිර රටවල් බෙහෝමයක් සියයට 85% ක් පමණ මිලිටරි සුනකයන් බඳවා ගනු ලබන්නේ ජර්මනිය සහ නොදර්ලන්තය වැනි රටවලිනි. ලෝකයේ දක්ෂ මිලිටරි සුනකයෙක් සඳහා ඇති ඉල්ලුම ඉතා ඉහළ වටිනාකමකි. මනාව පුහුණු කළ ඉතා තියුණු රදනක දත් ඇති සුනඛයෙක් සඳහා සාමාන්‍ය වටිනාකම ඩෝලර් 25000ක් පමණ වේ.
ඔවුන්ට මෙම වටිනාකම හිමිවන්නේ ඔවුන්ගේ සේවයටම පමණක් නොවන්නේය. මනාව පුහුණු වූ බෝම්බ සහ පුපුරණ ද්‍රවය හඳුනාගැනීමේ හැකියාව ඇති සුනඛයෙක් සඳහා ඇමරිකානු හමුදාව ඩොලර් 150000ක් ගෙවනු ලබයි.
බඳවා ගන්නා මිලිටරි සුනඛයන් අතරින් සියල්ලම පුහුණු කළ යුතුවන්නේ සුනඛයින් 50%කටය . සෙස්සන් බොහෝමයක් තුළ විදානයන්ට මනාව ක්‍රියාකිරීමේ හැකියාව මනාව පවතී. ඔවුන්ව පුහුනු කිරීමේ කාර්ය සියල්ලන්ටම කළ නොහැකි අතර ඒ සඳහා විශේෂ පුහුනු නිළධාරින් සිටී. පුහුනු වේදී ඔහුගේ භාරකාර එනම් ඔහුව මෙහෙයවන හමුදා නිලධාරියාට වැඩි වගකීමක් පැවරේ. එහිදී ඔවුන් දෙදෙනා අතර සුවිශේසි සම්බන්ධතාවක් ගොඩනගනු ලබයි. බෙහෝ විට මෙහෙයුමකදී මේ මෙහෙයවන්නා එනම් ඔහුගේ සඟයා මිය ගිය හොත් එම මිලිටරි සුනඛයාගේ සේවය නැවත ලබා ගැනීම පහසු කාර්යක් නෙවේ. බෙහෝ විට එසේ සුනඛයා අන් කිසිවකුගේ විධාන වලට අනුව ක්‍රියාත්මක වීම දුලබය. එමෙන්ම සිය සඟයා මිය ගිය විට ඔහු දරා ගත නෙහෙැකි තරම් දුකට පත් වන අතර බෙහෝ විට පාලනය කළ නොහැකි මට්ටමට පත්වේ.
අප බොහෝ විට සිතන්නේ මිලිටරි සුනකයන් සියල්ලන්ම ජර්මන් ෂේපර්ඩ් වර්ගයේ සුනඛයන් බවයි.නමුත් විවිධ සුනඛ වර්ග යුධපිටිය තුල සිය අභිමානයන් පෙන්වා ඇති අවස්තා එමටය. Labrador Retriever, Belgian Malinoisආදී වර්ගත් මිලිටරි සේවයේ අති දක්ෂයන්ය. 2013 වසරේ ඇමරිකානු සීල් හමුදාව ඔසාමා බින් ලාඩන් මෙහෙයුම සඳහා යොදා ගත්තේ මෙම කයිරෝ නැමති Belgian Malinois වර්ගයේ සුනඛයෙකි.
සාමාන්‍යයෙන් අති දක්ෂ සුනඛයෙක්ගේ ගඳ සුවඳ ආග්‍රහණය කර ගැනීමේ සංවේදී බව සාමාන්‍ය මිනිසෙක්ට වඩා 40 ගුණයකින් වැඩිය.
සාමාන්‍ය හමුදා සෙබළුන් මෙන්ම මිලිටරි සුනඛයන්ටද විශ්‍රාම ගැනීමට කාලයක් එළැඹේ. ඇමරිකානු හමුදාව සේවය තුළනම් 2000 වසර වන තුරුම බෙහෝවිට සිදු වුණේ විශ්‍රාම ගිය සුනකයන් අතහැර දැමීමයි. සේවයෙන් පසු ඔවුන්ව සාමාන්‍ය සමාජයට මුදා හැරීම කිසිසේත්ම සිදු කල නෙහැක්කකි ඒ සඳහා ඔහුව පුනරුත්තාපනය කිරීමද ලෙහෙසි කාර්යයක් නෙවේ. එමෙන්ම ඔවුන්ගේ වීරක්‍රියා ඇගයීමද බෙහෝවිට සිදු නොවන්නකි. නමුත් 2000 වසරේදී ජනපති බිල් ක්ලින්ටන් විසින් හඳුන්වා දුන් රොබීස් නීතිය “Robby’s Law” ට පසු සඟයා මිය ගිය සුනඛයන්ට මෙන්ම ව්‍රශ්‍රාම ගිය සුනඛයන්ටද සිය සඟයාගේ පවුලේ උදවිය සමග සිය ජීවිත කාලයේ ඉතිරි කොටස ගෙවා දමන්නට අවසර ලැබිණි. බෙහෝ විට ඔවුන්ව පුනරුත්තාපනයෙන් පසු නැවත එම පවුල්වලට භාර දීම සිදු කරයි.