×

පාකිස්තානු මැතිවරණයේ සටන් වදින සංක්‍රාන්ති ලිංගික අපේක්ෂක අපේක්ෂිකාවන්…

පාකිස්ථානයේ මීළඟ මැතිවරණය සඳහා ලිංගික සංක්‍රාන්තිනයන් 4 දෙනෙකුගේ නම් යෝජනා වෙයි


නයියබ් අලී.. පාකිස්ථානු ජාතික ඇයට සිය නිවසින් එළියට බහින්නැයි මවු පියන් බල කලේ වයස අවරුදු 13 දීය. එතැකින් නතර නොවී මානසිකව මෙන්ම ශාරිරිකවද ඇය තමන්ගේම ඥාතීන්ගේ අපහරණයේ ගොදුරු බවට පත්වන්නට සිදුවිය. ඇයට සිය පෙම්වතාගේ ඇසිඩ් ප්‍රහාරයකට ලක් වී පීඩා විඳින්නට සිදු විය.

නමුත් ඇය අද ලිංගික සංක්‍රාන්තික ගැහණියක් ලෙස මීළඟ පාකිස්තානු මහ මැතිවරණයේ අපේක්ෂිකාවක් බවට පත්වී ඇත.

ඇයද ඇතුළුව ලබන සතිවේ පැවැත්වෙන පාකීස්ථානයේ මීළඟ මැතිවරණය සඳහා ලිංගික සංක්‍රාන්තිනයන් 4 දෙනෙකුගේ නම් යෝජනා විය.

Pakistan’s transgender community faces -discrimination and marginalisation- GETTY IMAGES

” මම දැන සිටියා.. දේශපාලන බලයක් නොමැතිව..රටේ පාලනයේ කොටස් කාරයන් බවට පත්නොවී… ඔබට ඔබේ අයිතිවාසිකම් දිනා ගත නොහැකි බව… නජීබ් බී බී සී සෙවය වෙත පැවසුවාය.

මෙවර මැතිවරණය පාකිස්තානු සංක්‍රාන්ති ලිංගිකයන්ගේ අයිතිවාසිකම් සම්බන්ධව තීරණාත්මක මැතිවරණයක් බවට පත්වී ඇත.

පාකිස්තානු මධ්‍යස්ත මතධාරීන්ගේ අප්‍රමාණ අපහාසයට ලක් වූ මෙම ලිංගික සංක්‍රාන්තික ප්‍රජාව හිජ්රා නැත්නම් කවාජා සිරා යනුවෙන් හඳුන්වයි. දිගු කාලයක් තිස්සේ අවම අයිතිවාසිකම් ලබමින් .. අධාපන , සෞඛ්‍ය සහ රැකියාවක් කිරීම සඳහා අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරමින් සිටි පිරිසක් ලෙස අද වන විට ඔවුන් දිගු ගමණක් පැමිණ ඇත.

Marvia Malik, 21, became Pakistan’s first transgender newsreader earlier this year- ARIF ALI/AFP/GETTY

නමුත් පාකිස්ථානය සංක්‍රාන්ති ලිංගිකයන් සම්බන්ධව ලෝකයේ බොහෝ රටවලට වඩා ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව පෙනී යයි.

ජාතික හැඳුනුම් පතක ස්ත්‍රී , පුරුෂ භාවයට අමතරව තුන්වන ලිංගික ප්‍රභෙදයක් සඳහා ඉඩ කඩ ලබා දුන් ලෝකයේ ප්‍රථම රාජ්‍ය පාකිස්ථානය වෙයි. ඒ මීට දශක දෙකකට පෙර සිටය. පසුගිය වසරේ එය ගුවන් බලපත්‍රය දක්වා පුළුල් කරන ලදී. මෙම තත්ත්වය සමහර යුරෝපා රටවල පවා දැක ගත නොහැකි තත්ත්වයකි.

එමෙන්ම පසුගියදා පාකිස්ථානය විසින් එරට ජිවත් වන 500000 ආසන්න සංක්‍රාන්තී ලිංගිකයන් සඳහා සියළු මූලික අයිතිවාසිකම්ද ඇතුළුප පුරවැසියන් ලෙස ජීවත් වීමට අයිතිය තහවුරු කරමින් නීතියක් ස්ථාපිත තරන ලදී. එමෙන්ම කිසිදු අවස්ථාවක ඔවුන්ව වෙනස්කොට සැළකීම නීති විරෝධී ක්‍රියාවක් ලෙසටද එමඟින් තහවුරු කළේය.

AFP

මෙම හේතූන් නිසාම අද වන විට සංක්‍රාන්ති ලිංගකයන් පොදු සමාජය තුළ කිසිදු වෙනස් කමකින් තොරව එළි පිට ජීවත් වෙන්නට පටන් ගෙන තිබීම ඔවුන්ගේ අයිතතිවාසිකම් තහවුරු කිරීමේ ප්‍රතිපලයක් බවට පත් වී ඇත.

මෙම කුමන නිතිය පැවතියද ඔවුන් ට විරුද්ධ මතධාරීන් ඔවුන්ට එරෙහි සටනක දිගින් දිගටම නියැලෙමින් සිටී.
පසුගිය වසර තුන ඇතුළත සංක්‍රාන්ති ලිංගික කාන්තාවන් 60 දෙනෙකු පාකිස්ථාය තුළ ඝාතනයට ලක්ව ඇති අතර ඒ සියළු ඝාතන සිදු ව ඇත්තේ පාකිස්තානු තලේබාන් වරුන්ගේ පාලනය යටතේ පවතින බටහිර පාකිස්ථානයේ පක්තුක්ත්වා පාලාත තුළදීය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි