×

Rap සංගීත ලොව සදා නොමියන අදිරජ – Tupac Amaru Shakur(1971-1996) – 02

අවිශ්වාසයේ ගිනි පුපුරු මතුවී සංගීත ලෝකය යුද පිටියකට ගෙන ගිය රැයක්. මේ ටූපක්ගේ අධිකරණ තීන්දුව ලබාදීමට නියමිත දිනට පෙර දා රැයයි.


සුදු ජාතින් රජයන ලොවක කළු රජෙකු බිහිකිරීමේ අහිංසක සිහිනයක සිටි ඔහු, සුදු දෙවියෙකුගෙන් කළු මිනිසුන්ට කුමන පිළිසරණක් දැයි නිබඳ සිතුවේය.

මරණ මංචකය අභියස(Life at Death Row)

Source : Wikipedia.org

ඒ අලුත් යුගයක ඇරඹුමයි. N.W.A.(Niggas With Attitude) බටහිර වෙරළ කළඹමින් තිබු යුගයයි. Suge Knight Death Row Records නව සංගීත සන්නාමයක් බිහිකළේ නැගී එන සියලු රැප් ශිල්පීන්ට අලුත් නිවහනක් බිහි කොට බටහිර ආධිපත්‍යය පැතිර වීමටයි. Dr. Dre, Snoop Dogg, Nate Dogg, Warren G, Kurupt, Daz Dillinger, RBX, Lady of Rage, 213, Tha Dogg Pound, The D.O.C. ඇතුළු Rap පතාක යෝධයින් සියලු දෙන Death Row Records නියෝජනය කළා. Me against the world ගීත ඇල්බමය තුලින් පෙරටම පැමිණ සිටි ටූපක් Death Row හි මුල් පෙළ සාමාජිකයෙකු වුනේ නිරායාසයෙන් . මේ Death Row සුසංයෝගයන් රැප් සංගීත ලොව සදාතනික නිර්මාණයන්(All time hits) බිහිකරන්නට හේතු වුනා.(උදා: Nuthin’ but a “G” Thang – Dr. Dre/Snoop Dogg, California Love – Dr. Dre/2Pac, Regulate – Warren G/Nate Dogg, What’s my name – Snoop Dogg, 2 of Amerikaz Most Wanted – 2Pac/Snoop Dogg ආදී…)

 

2Pac Suge Knight සමග

 

නැගෙනහිර වෙරළේ පිබිදීම(The rise of the east coast)

බටහිර වෙරළේ මෙසේ සිදුවෙමින් තිබියදී නැගෙනහිර වෙරළද සන්නද්ධ වන්නට වුනා. නැගෙනහිර වෙරළේ හිඩැස පුරවන්නට පෙරට පැමිණියේ Sean “Puff Daddy” Combsගේ Bad Boy Records සංගීත සන්නාමයයි. Notorious B.I.G., Puff Daddy, Mase, Lil’ Kim නැගෙනහිර රජකළ ශිල්පීන්.

ධනය ,ජනප්‍රියත්වය සහ බලය සමග ළඟාවන වාසනාව හා අවාසනාව එකම කාසියක දෙපැත්ත මෙනි. ඒවා යහපතට මෙන්ම අයහපතටද පෙරලෙන්නේ නොදැනෙන නිමේෂයකිනි. මේවා පුද්ගල ස්වභාවය මුලිනුපුටා වෙනස් කිරීමට හේතුවේ. සිනමාව, සංගීතය, ක්‍රීඩා පිටිය තුල බිහිවුණු තරු රැසකගේ ක්‍රියාකලාපයන්වලින් ඔවුන්ගේ පරිහානියටද මග සැලසුණු අන්දමින් මේ බව මොනවට පැහැදිලි වේ.(ශ්‍රී ලාංකික අපටද මේ අංශයෙන් ඕනෑතරම් උදාහරණ දකින්නට ලැබී නැතුවා නොවේ.)

Perhaps I was addicted to the dark side

Somewhere inside my childhood witnessed my heart die

And even though we both came from the same places

The money and the fame made us all change places

How could it be through the misery that came to pass

The hard times make a true friend afraid to ask, for currency

But you could run to me when you need and I’ll never leave

Honestly, someone to believe in, as you can see

  • Until the end of time(Until the end of time – 2001)

 

ධනය සහ ජනප්‍රියත්වය සමඟ ටූපක්ගේ ජීවිතයටද අඳුරු සෙවනැලි ද ගලා එන්නට වුනා. 1993 නොවැම්බර් එල්ලවූ ස්ත්‍රී අපචාර චෝදනාව ඒ අතර මුල් තැනක් ගත්තා. හෝටල් කාමරයකදී ස්ත්‍රී අපචාරයක් සිදු කිරීමට තැත්කිරීම සම්බන්දව ටූපක් සහ තවත් අයෙකුට චෝදනා එල්ල වුණා. ටූපක් මෙම චෝදනා ප්‍රතික්ෂේප කළා.නමුත් විනිසුරු තීරණය අනුව අසරණ කාන්තාවකට අමානුෂික අයුරින් අතවර පැමිණවීම මුල්කරගෙන ඔහුට වසර 1 1/2ක සිර දඬුවම් නියම වූවා.

සිය අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් ටූපක් දැක්වූ අදහස්

 

ටූපක්ට ප්‍රහාරයක්… සදාකාලික මිතුරන් හෝ සතුරන් නොමැත.

Tupac සහ Notorious B.I.G. – මූලාශ්‍රය: medium.com

Perhaps I was blind to the facts, stabbed in the back

I couldn’t trust my own homies just a bunch of dirty rats

Will I, succeed, paranoid from the weed

And hocus pocus I try to focus but I can’t see

And in my mind I’m a blind man doin’ time

Look to my future cause my past, is all behind me

Is it a crime, to fight, for what is mine?

Everybody’s dyin’ tell me what’s the use of tryin’

I’ve been Trapped since birth, cautious, cause I’m cursed

And fantasies of my family, in a hearse

And they say it’s the white man I should fear

But, it’s my own kind doin’ all the killin’ here

I can’t lie, ain’t no love for the other side

Jealousy inside, make’em wish I died

Oh my Lord, tell me what I’m livin’ for

Everybody’s droppin’ got me knockin’ on heaven’s door

And all my memories, of seein’ brothers bleed

And everybody grieves, but still nobody sees

Recollect your thoughts don’t get caught up in the mix

Cause the media is full of dirty tricks

Only God can judge me

  • Only God can judge me( All Eyez on Me 1996)

අවිශ්වාසයේ ගිනි පුපුරු මතුවී සංගීත ලෝකය යුද පිටියකට ගෙන ගිය රැයක්. 1994 නොවැම්බර් 30 රාත්‍රිය ටූපක්ගේ ජීවිතයට මෙන්ම රැප් සංගීත ලෝකයටද අමතක නොවන රැයක්. පසුකාලින අවාසනාවන්ත සිදුවීම් රැසකට තුඩු දුන් මෙන්ම මිතුරන් පසමිතුරන් කළ රැයක්. අවිශ්වාසයේ ගිනි පුපුරු මතුවී සංගීත ලෝකය යුද පිටියකට ගෙන ගිය රැයක්. මේ ටූපක්ගේ අධිකරණ තීන්දුව ලබාදීමට නියමිත දිනට පෙර දා රැයයි. මැන්හැටන් හි Quad ශබ්දාගාරයට පැමිණි ටූපක්ට අනපේක්ෂිත ප්‍රහාරයකට ලක්වන්නට සිදුවුනා.පහරදීමට මෙන්ම වෙඩි පහර පහකට මුහුණ දුන් ටූපක් සතු ආභරණ කොල්ල කෑ තිදෙනෙක් එතනින් පලා ගියා. ටූපක්ගේ මිතුරෙකු මෙන්ම නැගනහිර වෙරළේ රැප් සංගීත බලකොටුවේ ආධිපත්‍ය පතුරා සිටි Notorious B.I.G. මේ මොහොතේ මේ ශබ්දාගාරය තුල රැදී සිටි අතර ඔහුද මේ සිදුවීම කන වැකී ටූපක් සිටි තැනට පැමිණියා.

ටූපක් සිටියේ කිසිවක් සිතාගත නොහැකිව. මිතුරා කවුද? සතුරා කවුද? යන වැටහීමක් නැතිව. සියලු දෙනාම තමා ගිලගන්නට පැමිණියන් සේ දුටුවා. රෝහල වෙත ගෙන ගිය ඔහු පැය ගණනක ශල්‍යකර්මයකට මුහුණ දුන්නා.

Quad ශබ්දාගාරයේ ප්‍රහාරය සම්බන්දයෙන් ටූපක් දැරුවේ මෙවන් අදහසක්. එය තමා කොල්ල කෑමට නොව ඝාතනයට දැරූ ප්‍රයත්නයක් ලෙසයි. සිය මුදල් හා ආභරණ කොල්ල කෑවත් තමා සතු මිල අධික Rolex වර්ගයේ ඔරලෝසුව කෙරෙහි කොල්ලකරුවන් අවධානය යොමු නොකිරීම ඔහුගේ විමතියට හේතු වුනා. පසුව ඔහු මේ සම්බන්දයෙන් ඍජුව චෝදනා කළේ Puff Daddy සහ Notorious B.I.G.ට. මෙය බටහිර-නැගෙනහිර ඉවුරු ගැටුමේ(East Coast–West Coast hip hop rivalry) මූලාරම්භය වුනා.

 

අවසන් කොටස ළඟදීම…



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි