සදාතනිකව ලොව විශාලතම පක්ෂියා වූ මැඩගස්කර් හස්ති පක්ෂියා මිහිමතින් අතුගා දැමීමේ වරදට ප්‍රාග් ඓතිහාසික මානවයා වරදකරු වූයේය. ඒ පසුගියදා කරන ලද කැනීම් කටයුත්තකදී හමු වූ ෆොසිලයක් නිසාවෙනි.
මැඩගස්කර් හස්ති පක්ෂියා ලොව මෙතෙක් බිහි වූ විශාලතම පක්ෂියාය. පසුගිය එංගලන්තයේ සත්ව විද්‍යාඥ සංගමයේ විද්‍යාඥයින් විසින් ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වූ යෝධ පක්ෂියාගේ ෆොසිලයක් සොයා ගැණින. පර්යේෂණ වලින් අනාවරණය වී ඇති පරිදි ඔවුන් මීට වසර 10000කට පෙර ජීවත් වූ වන්ය.
නමුත් මැඩගස්කරයේ මානවයාගේ ඉතිහාසය වසර 2500 ක් හො 4000 ක එකක් බව විශ්වාස කෙරිණ. හස්ති පක්ෂියාගේ ෆොසිලය හමුවීමත් සමග එම සියළු තොරතුරු සැක සහිත වූයේ වසර 10000කට පෙර ජීවත් වූ ඔවුන් වඳ වී යෑමේ හේතු සොයා යෑමේදීය.
ආචාර්ය ජේම්ස් හැන්ස්ෆොර්ඩ් පවසන්නේ ” හස්ති පක්ෂියාගේ ඉතිහාසය මානවයගේ ඉතිහාසය වසර 6000ක් පසුපසට ගෙන ගිය බවයි.
කෙසේ වෙතත් මේ අද්විතීය පක්ෂියා අපට අහිමි වූයේ කෙසේද?
විද්‍යාඥයින් සිතන්නේ මේ හස්ති පක්ෂීන් හිටි හැටියේම විනාශ නොවන්නට ඇති බවයි. ක්‍රමයෙන් මිනිස් ක්‍රියාකාරකම්ද හේතුවෙන් ඔවුන් විනිශ වන්නට ඇත. ඔවුන්ගේ ෆොසිල පරීක්ෂාවෙන් හෙළි වූ පරිදි මේ හස්ති පක්ෂීන් අඩුම තරමේ ටොන් භාගයක්වත් බරින් යුතුය. ඔවුන්ගේ බිත්තර ඩයිනෝසරයකුගේ බිත්තර වලට වඩා වැඩි විය හැති අතර සාමාන්‍ය කිකිළියකගේ බිත්තරයකට වඩා 150 ගුණයකින් විශාලය.
මේ යෝධ හස්ති පක්ෂීන් ජීවත් වූ අවධියේදීම යෝධ උණ හපුළුවන් ද ජීවත් වූ බවට සැක කෙරේ.
මේ පක්ෂීන් අනිවාරයෙන්ම මිනිසුන්ගේ ග්‍රහණයට හසුව ඇති බව ෆොසිලය පිළිබඳ සාක්ෂි වලින් හෙළි කරන අතර එම ප්‍රාග් ඓතිහාසික මිනිසාද කුමන අයුරේ අයෙක් දැයි තවමක් උභතෝකේාටිකයකි.
අපි දන්නේ නැහැ ඔවුන් කුමන අයුරේ මිනිසුන් පිරිසක්ද කියා. ඔවුන් පෘථවියෙන් කොහා අතුරුදහන් වුණාද, නමුත් ඉදිරියේදී සාක්ෂි වලින් තොරතුරු හෙළි වේවි.. මහාචාරය පැට්‍රීෂියා ව්‍රයිට් පවසයි.