×

පෙරළියේ(විප්ලවයේ) සුළං රැල් හමා යන මේ මහිමවත් රැයේ හෙට දවසේ දරුවනුත් සුන්දර හෙටක සිහින දකිනු ඇති. ..

මේ අසිරිමත් මොහොතට මා කැඳවා යනු මැනවි - Wind of change by Scorpions


ලෝක මහා සංග්‍රාම දෙකක් අවසානයේ ලබා දුන් ජයග්‍රහණයක් නැත. නැතිවුණු දේපල අපමණය. නැතිවුණු ජීවිත මිල කරන්නේ කෙසේද? සංවේදී හද ඇත්තවුන්ගේ එකම පැතුම සාමය සතුට පිරි සුන්දර හෙටක් පමණක්මය.


Source : Wikipedia.org

I follow the Moskva
Down to Gorky Park
Listening to the wind of change
An August summer night
Soldiers passing by
Listening to the wind of change

The world is closing in
Did you ever think
That we could be so close, like brothers
The future’s in the air
I can feel it everywhere
Blowing with the wind of change

Take me to the magic of the moment
On a glory night
Where the children of tomorrow dream away (dream away)
In the wind of change

Walking down the street
Distant memories
Are buried in the past forever
I follow the Moskva
Down to Gorky Park
Listening to the wind of change

Take me to the magic of the moment
On a glory night
Where the children of tomorrow share their dreams (share their dreams)
With you and me
Take me to the magic of the moment
On a glory night (the glory night)
Where the children of tomorrow dream away (dream away)
In the wind of change (the wind of change)

The wind of change
Blows straight into the face of time
Like a stormwind that will ring the freedom bell
For peace of mind
Let your balalaika sing
What my guitar wants to say

Take me to the magic of the moment
On a glory night
Where the children of tomorrow share their dreams (share their dreams)
With you and me (with you and me)
Take me to the magic of the moment
On a glory night
Where the children of tomorrow dream away (dream away)
In the wind of change (in the wind of change)

Wind of change by Scorpions(1990)

කාලය වසර මිලියන 4.4ට පෙරය. ස්ථානය අඳුරු මහාද්වීපය හෙවත් අප්‍රිකාවයි. සිදුවුයේ විය යුත්තද? වරදක්ද? චාල්ස් ඩාවින් නිවැරදි නම් මානව පරිණාමය සිදු වී ඇත. ආදරණීය ලුසී ඔස්ට්‍රලොපිතිකස්ගේ සිට ආ ගමනේ අවසන හෝමෝ සාපීන්ගේ යුගය ඇරඹුණි. ආ මග දුරය. පසුකළ කඩඉම් බොහෝය.ශිෂ්ටාචාරයන් ගොඩනැගීමත් සමග මානව හිතවාදී ගුණධර්ම ආයාසයෙන් ආරෝපණය කරගැනීමට උත්සාහ කළා පමණි. බලය, ආධිපත්‍යය පැතිරවීම හෝමෝ සාපින්ගේ ජානගත පුරුදු වී තිබුණි .අතීතය ගලා ගියා පමණි. උගත් පාඩමෙක් නැත. ප්‍රතිපලය එකම දේ නැවත නැවත සිදුවීම පමණක්මය(History repeats itself, because the lessons of history are not learnt)

චාලිමේන්ගේ ගොඩ නැඟූ ශුද්ධ රෝම අධිරාජ්‍යය 1806 වනවිට බිඳ වැටුණි. එහි ශේෂයන් මතින් නව රාජ්‍යයන්, ප්‍රාන්ත බිහිවිය. ඔටෝ වොන් බිස්මාක්ගේ දූරදර්ශී, විචක්ෂණ ඥාණය නිසාවෙන් ප්‍රසියාව, බැවේරියාව ඇතුළු ප්‍රදේශ ගණනක එකතුවෙන් අලුත් යුරෝපා බලවතෙකුගේ උපත සිදූ විය. ඒ ජර්මනියයි. ලෝක යුද්ධ දෙකකට(පළමු වන ලෝක යුද්ධය – 1914 සිට 1918 / දෙවන ලෝක යුද්ධය – 1939 සිට 1945) පළමු වග උත්තර කරු වූයේ ජර්මනියයි. ලෝක යුද්ධ අවසානයේ නිර්දය ලෙස පහත හෙලා යදමින් බැඳ දමන්නට කටයුතු කළේ මේ ජර්මනියයි.

ලෝක යුද්ධ අවසානයේ නවලොවක් ගොඩ නැගී තිබුණි. හිරු නොබසින අධිරාජ්‍යයට රැය උදාවෙමින් තිබුණි. කොලොම්බස් අනුගාමික අමෙරිගෝ වෙස්පුචි ගොඩබට නව ලෝකය දකුණේ බලවතා විය. බෝල්ෂෙවික් විප්ලවයෙන් ගොඩ නැගුණු සෝවියට් රුසියාව වමේ ආධිපත්‍යය දැරීය. සකල ලෝකයාගේම වෛරයට ලක්වූ ජර්මනිය ගොඩ නැගෙන්නට නොහැකි ලෙස වුණේ 1961දීය. බර්ලින් තාප්පය එක්සත් කම අවුරා නැගී සිටියේය. දකුණ සහ වම එකිනෙකා සැක කළෝය. එකිනෙකාට එරෙහිව කුමන්ත්‍රණ කළෝය. එය සැබවින්ම නිරවි යුධ සමයක්ම විය.


Source : wikipedia.org

80 දශකයේ අග භාගය වමේ බිඳ වැටීම සනිටුහන් කරන්නට විය. මෙහායිල් ගොර්බජෝබ් රුසියානු සමූහාණ්ඩුවට ප්‍රජාතන්තවාදී ලිබරල් මුහුණුවරක් දෙමින් නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින් තිබුණි. පෙරස්ත්රෝයිකා සහ ග්ලාස්නොට් ප්‍රතිසංසකරණ හමුවේ බලවතෙකු බිඳ වැටෙමින් තිබුණි. ෆීනික්ස් පක්ෂියා මිය යන්නේ නැත. ඔහු සිය අළු වලින්ම නැගී සිටිමින් තිබුණි. 1990 ඔක්තෝබර් 3 ජර්මනිය යලි එකම ජාතියක්ව එකම ධජයක්ව නැගී සිටියේය. බර්ලින් තාප්පය බිඳ වැටුණි. යුරෝපා ජාතින් නව බලාපොරොත්තු සහිතව දුටුවේ එකම සිහිනයකි. ඒ ජීවිතයට වටිනාකමක් ඇති, නිදහසේ ජීවත්වන්නට හැකි, සාමය රජයන යුරෝපයක් පමණි.

ස්කොපියන්(Scorpions) රොක් සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායක Klaus Meine මේ Wind of Change පද වැල රචනා කළේ 80 දශකය අග භාගයේ සිදුවූ ග්ලාස්නොට් ප්‍රතිසංස්කරණ හා ජර්මනිය යලි එකසත් වීම පාදක කරගෙනය. Keith Olsenගේ අපූරු ස්වර මාලාව හා මුසුව හදවත් ඇමතු ගීයක් බිහි වුණි.මුළු මහත් ජර්මනියක් නොව ලෝකයක්ම මේ ගීය වැළඳ ගත්තේ ඒ තුලින් තම හදවතේ බලාපොරොත්තුව පිළිබිඹු කළ නිසාවෙනි. 1990 කළ මේ ගීතය මේ වන විට පිටපත් මිලියන 14ක් ඉක්මවා අලෙවි වී තිබුණි. අද වන විටත් Youtube හි මිලියන 580කට අධිකව නරඹා ඇත.ජර්මානු සංගීත කණ්ඩායමක් ලැබූ ඉහලම ජනප්‍රියත්වය මේ ගීය සනිටුහන් කෙරිණි. Wind of change ලෝකයේ සදාකාලික ගී ගොන්නට(All time hits of the world) එක්වී ඇත.


Klaus Meine – Source : wikipedia.org

Keith Olsen – Source : discogs.com



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි