ඊශ්‍රායල් පලස්තීන ගැටුම . ජෙරුසෙලමේ අයිතිය, ගාසා තීරය ලෝක අර්බුද ගැන කථා කරන සෑම මෙහොතකම අපගේ මනසට එන ප්‍රධාන මාතෘකා සමහරකි. මෙම මාතෘකා සමග බද්ධ ව තිබී සමහර මිනිස් නම් අද මැකී ගොසිනි. සමහර නම් අදද නෙනැසී පවති. යසර් අර්ෆත් Yasser Arafat නාමය ඉන් එකකි.
Mohammed Yasser Abdel Rahman Abdel Raouf Arafat al-Qudwa ඔහුගේ සම්පූණ නමයි. නිදහස් හා සාමකාමී ස්වාධීන පලස්තීන රාජ්‍යයක සිහිනය සැබෑවනු දකින්නට සිහින දුටු නායකයන් අතරේ ඔහුට හිමිවන්නේ ප්‍රමඛ ස්ථානයකි.
1994 වර්ෂයේදී නොබෙල් සාම ත්‍යාගයේ හිමිකරු වූ ඔහු පලස්තීන විමුක්ති සංවිධානයේ ප්‍රධානියා ලෙස සිය දේශ පාලන මෙහෙවර කරමින් සිටියේය.
ඊජිප්තුවේ කයිරෝවේදී සිය පලස්තීන ජාතික දෙමවුපියන්ට දාව 1929 අගෝස්තු 04 වැනිදා උපන්නේය . ඔහුගේ මවුපියන් සුන්නි මුස්ලිම් වරුන් විය.
ඔහු ගේ අධ්‍යාපනය මෙන්ම තරුණ අවධිය ගෙවුනේද කයිරෝ වේ කිංග් ෆුවාද් විශ්ව විද්‍යාලය ආශ්‍රිතවයි. අධ්‍යාපනය ලබමින් සිටින කාලයේ ඔහුගේ විප්ලවකාරී අදහස් සියෝනිසම් හෙවත් යුදෙවු ආගමට විරුද්‍ධව බිහිවීමත් සමග අද යුදෙවු දේශයක් වන ඊශ්‍රායලය සමග පලස්තීනය තිබූ ගැටුම් වලට විසඳුම් සොයන්නට ඔහුද නිරන්තරයෙන් කල්පනා කළේය.
සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳව උපාධියක් ලබා ගත්තද ඔහුගේ සිත තිබුණේ පලස්තීනයේ නිදහසයි. පාසල් යන අවදියේදී ම මුස්ලිම් සහෝදරයන් අතර පිහිටුවාගත් පලස්තීන සිසු සංවිධානයේ සභාපතිවරයා වශයෙන් තේරී පත්වන්නේ මේ අදහස නිසාමය.
1956 වසරේදී ඊජිප්තු හමුදාවට බැඳුණු ඔහු 1956 දී සූවස් ව්‍යාපාරය වෙනුවෙන් බැඳී සේවය කළේ ය. ඉන් ලබා ගත් අත්දැකීම ඔහුගේ ඉදිරි කටයුතු වලට මහත් සේ උපකාරී විය ඊට අමතරව කුවේට් හි සිවිල් ඉංජිනේරුවරයකු වශයෙන් සේවය කරන්නටද ඔහුට අවස්ථාවක් හිමි විය.
නමුත් නිදහස් පලස්තීනයක සිහිනය ඔහුගේ සිතෙන් ඉවත් නොවීය.
1950 දී ඒ වන විට මව්බිමෙන් පිටව සිටි පලස්තීන ජාතිකයන් කිහිපදෙනෙකු සමග එක්වී සුප‍්‍රකට ෆාට් නැමැති ගරිල්ලා සංවිධානය පිහිටුවා ගත්තේ ඒ ප්‍රධානියා ලෙස කටයුතු කරමිනි.
ක්‍රමයෙන් පුළුල් වූ ෆාට් සංවිධානය නව සාමාජිකයන් සමග විදෙස් රටවල සහයෝගයද දිනා ගැනීමට ගත වූයේ ඉතා කෙටි කාලයකි. ඒ අනුව 1965 දී ඊශ‍්‍රායලය තුළ අරාබි යේ සිය දේශ පාලන කටයුතු ආරම්භ කළේ ය.
ෆාට් ක්‍රමයෙන් විශාල දේශපාලන සංවිධානයක් බව පත්වෙමින් තිබිණ ඊශ‍්‍රායල විරෝධී කැරලිකාර සංවිධානකිහිපයක්ද ෆාට් පිටු පස පෙළ ගැසෙන්නට විය අර්පත් මේ සෑම කෙනෙක් සමගම සිය අරමුණ ඉටු කර ගැනීම සඳහා සටනට අවශ්‍ය අදහස් බෙදා ගත්තේය .
ක්‍රමයෙන් මෙසේ සම්බන්ධ වී පලස්තීන විමුක්ති සංවිධානය නමින් සංවිධානයක් පිහිටුවා ගනු ලැබීය. පී. එල්. ඕ. හෙවත් පලස්තීන විමුක්ති සංවිධානයට සිරියාව, ලෙබනනය, ඊජිප්තුව සහ ජෝර්දානය යන රටවලින් සහය ලැබුණි. මෙම සංවිධානයේ අරමුණ වූයේ මිලියන 4.5 ක් වූ පලස්තීනයන් වෙනුවෙන් පෙනී සිටීම යි.
1967 දී සය දින යුද්ධය නමින් හැදින්වූ යුධ මෙහෙයුමකදී ඊශ‍්‍රායල පලස්තීනයට අයත් බටහිර ඉවුරත්, ඝාසා තීරයත් අත්පත් කරගත්තේය. මේතු සමග 1969 දී පලස්තීන විමුක්ති සංවිධානයේ සභාපති ධූරයට යසර් අර්පත් තෝරා පත්කර ගන්නා ගැණින. ඔහුගේ නායකත්වය දිගු කාලීන වැඩ පිළිවලක් සඳහා පිටුවහලක් වූ ඇතර 1970 කළු සැප්තැම්බරය නමින් විශාල කැරැල්ලක් ඊශ්‍රායලයට විරුද්ධව ක්‍රියානට නංවන්නට ඔහුට හැකි විය.
ජෝර්දානයේ හුසේන් රජු පලස්තීන ගරිල්ලා සංවිධානයට විරුද්ධව විශාල මෙහෙයුමක් කි‍්‍රයාත්මක කරන ලද්දේ ඊශ්‍රායලයට සහයොගයක් ලෙසිනි.
ඊශ්‍රායලය විසින් නොනවත්වා යුද්ධය ක්‍රියාවට නැංවුණ අතර එහිදී පලස්තීනුවන් විශාල ප‍්‍රමාණයක් ඝාතනයට ලක් වූහ. 1972 ජර්මනියේ මියුනික් නුවර පැවති ඔලිම්පික් තරග උළෙලේ දී ඊශ‍්‍රායල තරගකරුවන් 11 දෙනෙකු ඝාතනය කෙරුණේ මෙම ක්‍රියාවන්ට ප්‍රතිප්‍රහාර ලෙසිනි.
විනාශකාරි ත්‍රස්තවාදයෙන් ජයග්‍රහණය උදාකර ගත නොහැකි බව සිතූ යසර් අර්ෆත් සාකච්ඡා මගින් සටන දිනන්නට උත්සහා ගැනීම ගැන ලෝකයේම අවධානය යොමු විය. ඒ අනුව 1974 දී අනෙකුත් අරාබි රාජ්‍යවල අනුග‍්‍රහය ද ඇතිව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැඩි අවධානය යසර් අර්ෆත්ට මෙන්ම පලස්තීනයටද ලැබිණ.
යුද්ධය පසෙකලූ ඔහුගේ සාම වෑයම නිසාම නිදහස් සටන්කාමීන්ගේ තුවක්කුවට සාමයේ ඔලිව් ඉත්තක් එකතු කළ නායකයා . ලෙස ඔහුව පිළිගැනීමට ලක්විය
සාමයෙන් තොර ජයග්‍රහණයක් නොමැති බව අර්පත් පසක් කලේය. ඔහු යුද්ධයක් ගැ සිතන්නට පවා නොහැකි බවට ප්‍රකාශ කලේය.1978 දී රාජ්‍ය නායකයන් අතර ඇති වූ සම්මුතියෙන් පසුව අත්සන් තබන ලද ‘කෑම්ප් ඩේවිඩ්’ ගිවිසුමෙන් පලස්තීනය ස්වරාජ්‍යයක් හැටියට පිළිගැනීමට එකඟ වුවත් එය කි‍්‍රයාත්මක වූයේ නැත. මේ නිසා පලස්තීනය ‘කෑම්ප් ඩේවිඩ්’ සම්මුතිය හෙළා දුටුවේ ය.
කෙසේ වෙතත් පලස්තීනය ඉල්ලා සිටියේ පලස්තීනය නිදහස් රාජ්‍යයක් හැටියට පිළිගන්නා ලෙස ය. 1980 න් පසු තරමක් අර්ෆත් ගේ බලය පිරිහුණ ද 1982 න් පසු තත්වය තරමක් යහපත් විය. 1989 දී පලස්තීන උපකල්පිත රාජ්‍යයේ නායකයා ලෙස අර්පත් පිළිගන්නා ලදී. 1993 දී නෝර්වේ හි දී පැවති සාම කතාවලට අර්පත් සහභාගි විය. මෙය ඔස්ලෝ සාම ගිවිසුම නමින් හැඳින්විණි. ඊට ඊශ‍්‍රායල අගමැති යිට්සැක් රා බීන් ද සහභාගි විය. මෙම ගිවිසුම මගින් පලස්තීනයට සීමාසහිත වූ ස්වයං පාලනයක් හිමි විය. මෙම නිසාම 1994 දී අර්පත්ටත්, රා බීන්ටත්, ඊශ‍්‍රායල විදේශ ඇමැති ෂිමොන් පෙරිස්ටත් නොබෙල් සාම ත්‍යාගය හිමි විය.
2004 නොවැම්බර් 11 දා ප‍්‍රංශයේ පැරිස් නුවර පිහිටි පර්සි හමුදා රෝහලේ දී අවසන් හුස්ම හෙළී ය. ඔහුගේ මරණයට නිෂ්චිත හේතුව පැහැදිලි නැතත් ඔහු මිය ගියේ විෂ ශරීර ගත කිරීමක් නිසා බව පසු කාලීනව සමහර මාධ්‍ය විසින් අනාවරණය කර තිබිණි.