×

ඉස්ලාම් ලෝකයේ විශ්වාසය ”රාමදාන්”

ලොව පුරා ඉස්ලම් බැතිමතුන් රාමදාන් සමරන්නේ විවිධ චාරිත්‍ර වාරිත්‍රද සමගිනි.


රාමදාන් ලොව පුරා මුස්ලිම් ජාතිකයන්ගේ ජීවිතවල වැදගත්ම ආගමික කටයුත්ත බව ලෝකයේ පිළිගැනීමයි. පුරා මාසයක් උපවාසයේ යෙදෙමින් ආගමික කටයුතුවල යෙදුණු ඔවුන්ට එය අත්හැරීමේ දිනය පැමිණ ඇත. සිය පවුලේ සාමාජිකයින් මිතුරු මිතුරියන් නෑ හිතවතුන් සමග එක්වී සිය උපවාසය අත්හැරීම සමරන්නට ඔවුන්ගේ සූදානම අපූරුය. ඇති හැකි අය නැති බැරි අය වෙනුවෙන් උපරිමව කටයුතු කරන්නේ මේ මාසයේදීය.

ඊද් උත්සවය සඳහා මුස්ලිම් ලෝකය සූදානම් වෙද්දී අපහසුතා මධ්‍යයේ ජීවත වන ලොව තවත් කෙළවරක මුස්ලිම් ජාතිකයන් වෙනුවෙන් සිය දෑත දිගු කරන්නට අනෙක් කෙළවරේ උදවිය කටයුතු කරමින් සිටිති.

රාමදාන් යන වචනය ආරාබි භාෂාවෙන් බිඳී එන වචනයකි. රාමයිදා නැත්නම් අර්-රාමදා යන්න එහි මුල් ස්වරූපයයි. එහි තේරුම උණුසුම හෙවත් වියළි බවයි.

මෙවර ඔවුන්ගේ උපවාස සමය ඇරඹුණේ මැයි 16 වන දිනයි. ජූනිමස 14 වන දින එය අවසන් වුණි. ඒ සමග ඔවුන්ගේ ඊද් සැමරුමේ ආරම්භය උදා වෙයි. ඒ උම් අල් කෝරා දින දර්ශය නැත්නම් ඉස්ලම් දින දර්ශනයට අනුව ය. චන්ද්‍රයාගේ හැසිරීමට මුල් තැන දෙමින් මේ දින දර්ශනය නිර්මාණය කර ඇත‍.

එසේ පැවැත්වෙන රාමදාන් හි ඔවුන් විසින් රැකිය යුතු ශීලයන් එසේත් නැත්නම් මූලික ආගමික කුළුණු 5කි. ඔවුන් ඉස්ලාම් බැතිමතුන් ලෙස සිය ජීවිතයේදීද මුල් කරගත යුතු කරුණු මේවාය. එනම් ෂහාදා හෙවත් විශ්වාසය, සලාහ් හෙවත් යාඥාව, සකාත් හෙවත් පින් කටයුතු, සවුම් හෙවත් උපවාසය, හජ්ජි හෙවත් මක්කම වැඳීම

විශේෂයෙන්ම රාමදාන් මාසයේදී ඉස්ලාම් බැතිමතුන් මේ සඳහා සිය අවධානය වැඩිවශයෙන් යොදනු ලබයි. රාමසාන් මාසයේදී ඔවුන් ආගමික කටයුතු සහ ප්‍රතිපත්තිමය කටයුතු සඳහාම සූදානම් වේ.

රෝගීන් නොව වැඩිහිටියන් විසින් මූලික ලෙසම මෙම රාමදාන් උපවාසය සිදු කළ යුතු අතර එය අනිවාර්යයකි. ගැබිණි මවුවරුන් , මාසික ආර්ථවය ඇති කාන්තාවන්, කිරි දෙන මවුවරුන් මෙන්ම දුර ගමන් යන්නන්ද මෙම  උපවාසයෙන් නිදහස් වේ. ලොව පුරා ඉස්ලම් බැතිමතුන් රාමදාන් සමරන්නේ විවිධ චාරිත්‍ර වාරිත්‍රද සමගිනි.

සමහර රටවල් පොදු ස්ථාන ආලෝකමත් කරති විවිධ ආලෝක පහන්, බකට් සඳහා යොදා ගනිති. ඊජිප්තුව වැනි රටවල රාමදාන් උත්සවයේ මූලිකම අංගයත් බවට මෙම වීදි ආලෝකය පත්ව ඇත‍.

ස්වජාතිකයන් ලෙස ලොව වැඩිම මුස්ලිම් ප්‍රජාවක් සිටින ඉන්දුනීසියාවේ ජාවා දූපත් හි විවිධ ආගමික චාරිත්‍ර රැසකි. ශුද්ධ ජලය ස්නානය, ගිනි කෙළි, මස් සහ ගොලු බෙල්ලන් ආහාරයට ගැනීම වැනි ඒවා ඉන් ප්‍රධානය‍.

සමහර රටවල් රාමදාන් කාලයේදී උපවාස කරන්නට බැරිවීම වරදකි. පාපයකි. උපවාස නොකිරීම හේතුවෙන් 2008 වසරේදී ඇල්ජීරියාව පුද්ගලයින් 6 දෙනෙක් වසර 4ක් බරපතල දඩුවම් සමග සහ දඩයක් සමග සිරගත කිරීමට කටයුතු කළේය.

කුවේටයේ උපවාස නොකරන්නන් සඳහා දඩය ඩිනාර් 100ක් එනම් ඇමරිකානු ඩොලර් 330කි. රාමදාන් දහවල් කාලයේදී ආහර ගැනීම, දුම්බීම ආදිය සිදු කළහොත් මසකට සිර දඩුවමට යටත් වීමටද සිදුවේ. එක්සත් අරාබි එමිරේට්ස් හි රාමදාන් උපවාස කාලයේදී පොදු ස්ථානවලදී ආහාර ගන්නා කාට වුවද දඩුවම පැය 150ක් ප්‍රජා සේවයේ යෙදීමය‍. ද ඉකොනොමිස්ට් සඟරාව පෙන්වාදෙන පරිදි රාමදාන් උපවාස කඩකිරීමේ වරදට වැඩිම දඬුවමක් ලැබෙන්නේ සවුදි අරාබියේය. අරාබි ජාතිකයන්ට නම් සිර අඩස්සිය , කස පහර ආදියද විදෙස් ජාතිකයන්ටනම් රටින් පිටුවහල් කිරීමද සිදු කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි