×

බෙනින් රාජ්‍යයේ රණකාමිනියෝ

“බ්ලැක් පැන්තර්” චිත්‍රපටය ට ජීවය දුන් ඩොහොමේ ඇමසන්ස්වරියන්ගේ හෙළි නොවුණු ලෝකය. දෙවියන් රාජ්‍යත්වයට පත්කිරීමේ ඓතිහාසික උත්ප්‍රාසයේ සුලමුල සොයා යමු.


බලයෙහි සිටින රැජින තම රජු සහ දෙවියන් හැටියට සලකමින් කටයුතු කරන පිරිසක් බෙනින්හි ජීවත් වෙති. මේ අරුම පුදුම හැඟීම ඔවුන්ගේ ශරීරවලට කිඳා බැස තිබෙන්නේ මෙයට සියක් වසරකටත් වඩා එහා කාලයක පැවැති ඔවුන්ගේම සම්ප්‍රදායකිනි. fierce all-female army

“බ්ලැක් පැන්තර්” චිත්‍රපටය ලෝ පුරා වෙසෙන සිනමා ලෝලීන්ගේ සුවිශේෂ අවධානයට ලක් වූ චිත්‍රපටයකි. මේ චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂකයන්ගේ නෙත මත ඩෝරා මිලාජේ නමින් හැඳින්වෙන කාන්තා බලකායක තොරතුරු දිග හැරේ. ඩෝසන් මිලජේ යනු කාන්තා ශරීරාක්ෂක බලකායකි. මේ කාන්තා බලකාය සිටින්නේ චිත්‍රපටයේ සඳහන් “වොකන්දා” යනුවෙන් හැඳින්වෙන ප්‍රබන්ධමය රාජධානියෙහිදීය (Kingdom of Wakanda). එසේ වුවත් මේ කාන්තා ශරීරාරක්ෂක බලකායේ අක්මුල් ලොව සත්‍ය වශයෙන් සිටි කාන්තා ශරීරාරක්ෂක බලකායක් හා සම්බන්ධ වේ. “ඩොහොමේ ඇමසන්ස්” (Dahomey Amazons) හෙවත් “අපේ මව්වරුන්” යන නමින් හැඳින්වුණු මේ කාන්තා රෙජිමේන්තුව සේවය කර තිබෙන්නේ “ඩොහොමේ රාජධානියේ” ය (Kingdom of Dahomey). කෙසේ වුවත් යට කී “ඩොහොමේ ඇමසන්ස්” කාන්තා භට පිරිස, ඒ අයුරින්ම අපට අද දක්නට ලැබෙන්නේ නැත. එහෙත් ඔවුන්ගෙන් පැවතගෙන එන දරු මුණුබුරෝ අදටත් වෙසෙති.

 

The inspiration for the Dora Milaje, the all-female special forces unit in the Marvel film Black Panther, is rooted in reality (Credit: Marvel/Disney)

The inspiration for the Dora Milaje, the all-female special forces unit in the Marvel film Black Panther, is rooted in reality (Credit: Marvel/Disney)

 

පළමුව සඳහන් කළ “ඩොහොමේ රාජධානියේ” දැකිය හැකි වුණේ අද බෙනින් යනුවෙන් හැඳින්වෙන රටෙහි ය. බෙනින් රාජ්‍ය බටහිර අප්‍රිකා රාජ්‍යයකි. “ඩොහොමේ රාජධානිය” පැවැතියේ 1600 වසරේ සිට 1894 වසර දක්වා වූ කාල පරාසය තුළයි. අසල්වැසි ගෝත්‍රික සමාජවලින් හෝ යුරෝපා රාජ්‍යවලින් හෝ එල්ල වන බලපෑම්වලට එරෙහිව සටන් වදින්නට “ඩොහොමේ ඇමසන්ස්”නමැති කාන්තා බල ඇණිය නොබියව ඉදිරිපත් වූ බැව් සඳහන් වේ. “ඩොහොමේ ඇමසන්ස්” බල ඇණියේ සාමාජිකයන් අවසන් වරට සටනට පිවිසියේ 1892 වසරේදී ය. බෙනින් රාජ්‍යය තමන්ට යටත් රාජ්‍යයක් බවට පත් කරගන්නට ප්‍රංශය එකල විශාල අරගලයක නිරත විණ. ප්‍රංශ කොලනියක් වන්නට පළමුව පැවැති සටන්වලට සහභාගී වුණු ඩොහොමේ ඇමසන්ස්වරියන්ගෙන් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ. සටනට ගිය ඩොහොමේ ඇමසන්ස්වරියන් 434දෙනෙකුගෙන් දාහත් දෙනෙකු පමණක් ආපසු හැරී පැමිණි බව ඉතිහාස සටහන්වල සඳහන් වේ.

The Amazons were known for their fearlessness and strength (Credit: Chris Hellier/Getty Images)

The Amazons were known for their fearlessness and strength (Credit: Chris Hellier/Getty Images)

කෑදර අගජා

පුරා වෘත්තයන්හි සඳහන් වන අන්දමට හන්ග්බේ (Hangbe) නමැති රැජිණ කිරුළ හිමිකරගෙන තිබෙන්නේ අකබා (Akaba) නමැති ඇගේ නිවුන් සොයුරා හදිසියේම අභාවයට පත්වීමත් සමඟයි. අකබා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 18 වන සියවසේදී පමණ ය. හන්ග්බේට වැඩි අකලයක් පාලනය බලය සියතේ තබා ගන්නට බැරිව ගොස් තිබෙන්නේ බලයට කෑදර ඇගේම බාල සොයුරා හෙවත් අගජා (Agaja) නිසයි. අගජා සිය සොයුරියව බලයෙන් පහකර රාජධානියේ බලය තමන් භාරයට ගත් බව සඳහන් වේ.

සැබෑ ලෝකයෙ වොකන්ඩා රැජින

Today, the role of Queen Hangbe and her Amazons is primarily ceremonial (Credit: Fleur Macdonald)

Today, the role of Queen Hangbe and her Amazons is primarily ceremonial (Credit: Fleur Macdonald)

ඩොහොමේ රාජධානිය බිඳ වැටී ඊට යටත් පෙදෙසෙහි කටයුතු නූතන ලෝකයේ කටයුතුවලට සමගාමීව සිදු වුණ ද රැජිණක් එහි තවමත් සිටී. ඈ එදා සම්ප්‍රදාය පවත්වා ගෙන යෑම පමණක් කරන රැජිණකි. උත්සවවලට සහභාගී වීම ඈ අතින් සිදුවන ප්‍රධාන කාර්යයක් වන්නේය. ඒ හැරුණුවිට ආගමික උත්සවවල මුලසුන හිඳින්නේ ද ඇයයි. වත්මන් හග්න්බේ රැජිණ පවසන්නේ අතීතයේ රජකම් කළ සියලුදෙනාගේ සලකුණු භෞතික වශයෙනුත් ඉතිහාසයෙනුත් මකා ඉවත් කරන්නට අගජා කටයුතු කර ඇති බවකි. එයින් නොනැවතුණු අගජා තදින්ම විශ්වාස කර තිබෙන්නේ පිරිමින් පමණක් සිහසුනට හිමිකම් කිවයුතු යැයි කියාය.

පිරිමින් හිඟ නිසා..

රාජ මාලිගය ස්ථාපනය කර තිබෙන්නේ ඇබෝමේහි ය. පුරාතන රාජධානියට අයත් මෙවලම් තැන්පතුවක් සහිත කෞතුකාගාරයක් එම මාලිගයෙහි පසෙක දක්නට පුළුවන. එක් එක් පාලකයා භාවිතයට ගත්, ලෝකඩවලින් නිම කළ රාජසෙංකෝල එකතුවක් පාලන සමයට සමාන්තරව මේ කෞතුකාගාරයෙහි ප්‍රදර්ශනය පිණිස තබා ඇත. අතීතයේ පාලන බලයට පත් වූවායැයි කියන හන්ග්බේ රැජිණට අයත් සෙංකෝලය එකී සෙංකෝල එකතුවෙහි දක්නට ලැබෙන්නේ නැත. එහි අරුත ඈ පාලන බලයේ නොසිටියේය යන්නදැයි කියා ඉතිහාසඥයෝ ප්‍රශ්න කරති. කෙසේ වුවත් පළමුව කී ඩොහොමේ ඇමසන්ස්වරියන්ගේ සේවය පළමුවෙන්ම ස්ථාපනය කළේ එම හන්ග්බේ රැජිණයැයි කියා පුරාවෘතවල සඳහන් වේ. එතැන් පටන් සිහසුනට පත්වුණු සෑම පාලකයකුම ඩොහොමේ ඇමසන්ස් බල ඇණිය පවත්වාගෙන යන්නට කටයුතු කර ඇති බවත් කියැ වේ. ඩොහොමේ ඇමසන්ස්වරියන්ගේ බල ඇණිය යුධ හමුදාවට අනුයුක්ත කළේ ඩොහොමේ රාජධානිය 1818 සිට 1858 දක්වා පාලනය කළ ඝෙසෝ (Ghezo) නමැති රජතුමා ය. ඝෙසෝ රජු එවැනි තීරණයක් ගෙන තිබෙන්නේ යුරෝපයේ වහල් වෙළඳාම ආරම්භ වී තිබූ බැවින් බෙනින් රාජ්‍යට පිරිමින් ශීඝ්‍රයෙන් හිඟ වී යමින් පැවැති නිසයි.

සම සමාජයක්!

ඩොහොමේ ඇමසන්ස්වරියන්ට මේ අන්දමේ පිළිගැනීමක් ලැබීම නිසා ඔවුන්ගේ අනුග්‍රහයත් ඇතිව එකී සමාජය තුළ ආගම් වර්ධනය විණ. කෙසේ වුවත් එහි වර්ධනය වුණේ හදි හූනියම් ආදිය පදනම් කරගත් ආගම් ය. මේ අනුව රාජධානියේ දේශපාලන, ආගමික සහ හමුදාමය සංස්ථාවන් තුළ ගැහැණු, පිරිමි සමානව සිටි බැව් ඉතිහාසඥයෝ පෙන්වා දෙති.

ඩොහොමේ ඇමසන්ස්වරියන්ට බරපතල හමුදා පුහුණු ලබා දී ඇත. 19 වැනි සියවසේදී ඩොහොමේ රාජධානියට පැමිණි යුරෝපීයයෝ ඒ බව සනාත ක

Europeans named the soldiers Amazons after the ruthless warriors of Greek mythology (Credit: The Picture Art Collection/Alamy)

Europeans named the soldiers Amazons after the ruthless warriors of Greek mythology (Credit: The Picture Art Collection/Alamy)

අලින් දඩයම් කිරීමටත් මේ උපන් හපන්කමක් තිබුණු බව ප්‍රංශ පරිපාලයකු වූ ජියෑන් බයොල් තැබූ සටහනක දැක් වේ. ඒ නිවසා අලින් මෙල්ල කිරීම වැනි ක්‍රියාකාරකම් පවා ඔවුන්ගේ පුහුණුවලට ඇතුළත් වී තිබී ඇත. 19 වන සියවසේදී ඩොහොමේ රාජධානියට පැමිණි යුරෝපා ජාතිකයන් ඩොහොමේ සෙබලියන්ව අනුකම්ප විරහිතව කටයුතු කළ පිරිසක් හැටියට හඳුන්වා දෙන්නේ ඔවුන්ගෙන් විද්‍යමාන වූ ගොරහැඩිකම් නිසයි.

වත්මන් හන්ග්බේ රැජිණගේ ඡායාරූපයක් ගන්නට උත්සාහ දැරූ බී.බී.සී. මාධ්‍යවේදී ෆ්ලියර් මැක්ඩොනල්ඩ්ට, වත්මන් ඩොහොමේ ඇමසන්ස්වරියකගේ කාර්යයෙන් බිඳක් දැක බලා ගන්නට ඉඩ ලැබී ඇත. ඡායාරූපය ගන්නට පළමුව සිය රැජිණ වෙත ඡත්‍රයක් රැගෙන ආ ඩොහොමේ ඇමසන්ස්වරියක එය ඉහළ රැජිණට ආවරණය ලබා දී තිබේ. අද සිටින ඩොහොමේ ඇමසන්ස්වරියන් අතින් ඉටුවන්නේ මෙවැනි කටයුතු බැව් බී.බී.සී. මාධ්‍යවේදියා පවසයි. දැනට බලයේ සිටින හන්ග්බේ රැජිනගේ විසි හතර හැවිරිදි මිනිබිරිය ද ඩොහොමේ ඇමසන්ස්වරියකගේ කාර්යයට සමාන කාර්යයක් කරන්නීය. එයට අමතරව ඒ මිනිබිරිය රැජිනගේ ලේකම්වරිය හැටියටත් කටයුතු කරන බව සඳහන් වේ. වත්මන් රැජින යටතේ ඩොහොමේ ඇමසන්ස්වරියෝ හතර දෙනෙක් සේවය කරති. ඔවුන් දවසෙන් වැඩි කාලයක් ගත කරන්නේ රැජින සමඟ මාලිගයේ ඉදිරි කාමරයේ යහන මත හිඳගෙන හිඳීම ය.

වත්මන් රැජිණගේ ඇඳුම් ආයිත්තම් සකස් වන්නේ ඩොහොමේ සම්ප්‍රදායන්ට අනුව ය. ඒ අනුව ඇප්ලික් මෝස්‌තර සහිත ඇඳුම් ඈ වෙනුවෙන් නිර්මාණය කෙරේ. ඈ වෙනුවෙන් සෑම වසරක් පාසාම ඡත්‍රයක් නිමවෙන බවත් දැක් වේ.

ඩොහොමේහි පාලනයට සම්බන්ධ වුණු පාලකයෝ සියලුදෙනාම නව මාලිගාව බැගින් තැනීම සම්ප්‍රදායක් හැටියට කළහ. පළමුව සිටි පාලකයාගේ මාලිගයට ආසන්නයෙන් තම මාලිගය ඉදි කරන්නට ඒ සෑම පාලකයකුම පියවර ගෙන තිබේ. ඒ අනුව පළමුව පැවැති මාලිගය සමාධියක් ලෙස අත්හැර දමන ලදී. එසේ අත්හැර දමන ලද මාලිගා රැසක් ගිනි තබා විනාශ කරන්නට බෙහාන්සින් නමැති පාලකයා වරක් කටයුතු කළේය. ඔහු ගිනි තබා විනාශ කළේ ප්‍රංශයේ යටත් රාජ්‍යයක් වන්නට පළමුව ඩොහොමේ රාජධානියේ ඉදි කරන ලද මාලිගා බව දැක්වේ. ඒවායෙහි නොදැවුණු කොටස් නටබුන් හැටියට තවමත් දැකිය හැකිය.

මූලාශ්‍රය – BBC

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි