×

බොලිවුඩ් සිනමාවේ වාර්තා තැබූ ‘ෆයිටර්‘

එය ඉන්දියාවේ තිරගත කිරීමෙන් පළමු දිනයේ උපයා ගත් මුදල ඉන්දීය රුපියල් කෝටි 22ක් බව ද වාර්තා වේ.


සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 27 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බොලිවුඩ් සිනමාවේ සුපිරි නළුවකු වන රිතික් රෝෂන් සහ සුරූපි නිලි දීපිකා පදුකෝන් රංගනයෙන් එක්වන නවතම චිත්‍රපටය ‘ෆයිටර්‘ විදෙස් රටවල තිරගත වීම ආරම්භ කළ පළමු දිනයේදීම අමෙරිකානු ඩොලර් මිලියනයක ආදායමක් උපයා ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

එය ඉන්දියාවේ තිරගත කිරීමෙන් පළමු දිනයේ උපයා ගත් මුදල ඉන්දීය රුපියල් කෝටි 22ක් බව ද වාර්තා වේ.

බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය අධ්‍යක්ෂවරයකු වන සිද්ධාර්ථ ආනන්දගේ නිර්මාණයක් වන ‘ෆයිටර්‘ චිත්‍රපටයට ඉන්දීය රුපියල් කෝටි 250ක් වැය වී ඇති අතර, ඉදිරියේදී සියලු ආදායම් වාර්තා බිඳ දමනු ඇතැයි අනාවැකි පළ වී තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි