×

ඊශ්‍රායලය සටන් විරාමයකට යාවිද?

ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කර තිබුණේ, යුද්ධය නවතා නොමැති බවත්, මෙම ගිවිසුම මෙහෙයුම් විරාමයක් වන බවත්ය.


ඔක්තෝබර් 7 සිට ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටින ඊශ්‍රායල කාන්තාවන් සහ ළමුන් පනස් දෙනෙකු හා ඊශ්‍රයල භාරයේ සිටින පලස්තීනුවන් 150 දෙනෙකු හුවමාරු කරගැනීම වෙනුවෙන් දෙපාර්ශවය වතර දින හතරක සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට සුදානම් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම සටන් විරාමය එක්සත් ජනපදයේ සහාය ඇතිව කටාරය මැදිහත් වී සිදුවීමට නියමිත අතර මේමඟින් ගාසා තිරයට අවශ්‍ය මානුෂිය ආධාර රැගත් ට්‍රක් රථ සිය ගණනක් ඊජිප්තුව හරහා රෆා දේශ සිමාවෙන් ඒමට ඉඩ සාදයි.

තහවුරු නොකළ මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ සටන් විරාමයක් බ්‍රහස්පතින්දා පෙරවරු 10 ට ආරම්භ විය හැකි අතර ගිවිසුම ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඉරානයේ විදේශ අමාත්‍ය හොසේන් අමීර්-අබ්දුල්ලාහියන් කලාපීය සංචාරයක් කිරීමට නියමිත වන බවයි.

මෙම ගිවිසුම මඟින් මෙතෙක් සති හයකට වඩා වැඩි කාලයක් පැවති යුද්ධයක් විරාම ගන්වන අතර ගාසාවේ රජයේ මාධ්‍ය කාර්යාලයට අනුව අවම වශයෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 14,000 කගේ ජීවිත අහිමි වී ඇති අතර ඊශ්‍රායලයේ 1,200 කට වැඩි පිරිසකගේ ජීවිත අහිමි වී ඇති අතර, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ඔක්තෝබර් 7 දා හදිසි හමාස් දේශසීමා ප්‍රහාරයට ගොදුරු වුවන් විය.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබුණේ, ප්‍රාණ ඇපකරුවන් පිළබඳ ගනුදෙනුව පුළුල් ලෙස එක්සත් ජනපද ආන්ඩුව මැදිහත්ව වෙහෙස නොබලා සිදුකළ රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ සහ නොපසුබට උත්සාහයේ ප්‍රතිඵලයක් වන බවයි. මෙම ගනුදෙනුව සැලකිය යුතු ප්‍රගතියක් සනිටුහන් කරන අතර, හමාස් සංවිධානය ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් ලෙස දිගටම රඳවාගෙන සිටින තාක් කල් එක්සත් ජනපදය විවේක නොගන්නා බවත් ඔහුගේ ප්‍රකාශයේ සඳහන් වේ.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කර තිබුණේ, යුද්ධය නවතා නොමැති බවත්, මෙම ගිවිසුම මෙහෙයුම් විරාමයක් වන බවත්ය.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි