මෙවර ඉන්දීය අන්තර්ජාතික IIFAසිනමා උළෙල මෙම මස 24 වන දින බැකොක්හී දී පැවැත්විණි.
එහිදී 2018 වර්ෂය සඳහා හොඳම නිළිය ලෙස පසුගියදා ජීවිතක්ෂයට පත් වූ ශ්‍රි දේවී නම් කර තිබීම මෙවර උළේලේ කාගේත් කථා බහට ලක් වූ කරුණයි. ඒ මාම් චිත්‍රපටය වෙනුවෙනි.
ඇයට හිමි වූ සම්මානය ඇගේ මව සහ සැමියා වූ බොනී කපූර් වෙත පිරිනැමිණි.
හොඳම නිළිය සම්මානය සඳහා විද්‍යා බාලන්, ආලියා බාත්, ෂිරියා වසීම් ,භූමි පෙඩ්නේකර් යන අයගේ නම්ද යොජනා වී තිබිණි.
මෙවර IIFA උළේලේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගනු ලැබුවේත් මේ වන විට දරුණු ස්නායු රෝගයකට මුහුණ දෙමින් සිට මේ වන විට සුවය ලබමින් සිටින ඉර්ෆාන් ඛාන් විසිනි.ඒ හින්දි මීඩියම් චිත්‍රපටයේ ඔහු රඟපෑ චරිතය වෙනුවෙනි.
විද්‍යා බාලන් විසින් ප්‍රධාන චරිතය රඟපෑ Tumhari Sulu චිත්‍රපටය සඳහා මෙවර IIFA සිනමා උළේලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානයද හින්දි මීඩියම් චිත්‍රපටය ට හොඳම අධ්‍යක්ෂක වරයාට හිමි සම්මානයද හිමි විය.
පසුගිය ඔස්කාර් සම්මාන උළෙල සඳහා ඉන්දීය ප්‍රවේශය සනිටුහන් කරන ලද නිවුටන් චිත්‍රපටය සඳහා හෝඳම චිත්‍ර පට කථාවට හිමි සම්මානය සම හොඳම සංස්කරණය සඳහා සම්මාන හිමි විය. ඒ සඳහා සම්මානය එහි අධ්‍යක්ෂක මසුකාර් විසින් ලබා ගත්තේය.
ආර්ජිට් සින්ග් විසින් සම්මාන උළේලේ දී හෝඳම ගායකයාට හිමි සම්මානය දිනා ගත් අතර මේග්නා මිෂ්රා හොඳම ගායිකාව විය.
Best Film: Tumhari Sulu
Best Director: Saket Chaudhary – Hindi Medium
Best Actor (Female): Sridevi – Mom
Best Actor (Male): Irrfan Khan – Hindi Medium
Best Actor In Supporting Role (Female): Meher Vij – Secret Superstar
Best Actor In Supporting Role (Male): Nawazzuddin Siddiqui – Mom
Best Story: Amit V Masurkar – Newton
Best Music Direction: Amaal Mallik, Tanishk Bagchi, Akhil Sachdeva – Badrinath Ki Dulhania
Best Background Score: Pritam – Jagga Jasoos
Best Screenplay: Nitesh Tiwari, Shreyas Jain – Bareilly Ki Barfi
Best Dialogues: Hitesh Kewalya – Shubh Mangal Saavdhan
Best Choreography: Vijay Ganguly and Ruel Dausan Varindani, Galti Se Mistake (Jagga Jasoos)
Best Cinematography: Marcin Laskawiec, Usc – Tiger Zinda Hai
Best Editing: Shweta Venkat Mathew – Newton
Best Lyrics: Manoj Muntashir – Mere Rashke Qamar (Baadshaho)
Best Playback Singer (Female): Meghna Mishra – Main Kaun Hoon (Secret Superstar)
Best Playback Singer (Male): Arijit Singh – Hawayein (Jab Harry Met Sejal)
Best Sound Design: Dileep Subramaniam and Ganesh Gangadharan (YRF Studios) – Tiger Zinda Hai
Best Special Effects: Ny Vfxwala (Prasad Vasant Sutar) – Jagga Jasoos
Best Style Icon of the Year: Kriti Sanon
Best Debut Director: Konkona Sensharma
Outstanding Achievement by an Actor in Indian Cinema: Anupam Kher