×

තායි ගුහාවේ සිරවූ දරුවන් දෙදෙනෙක් බේරා ගැනේ

මේ වන විට අවම වශයෙන් දරුවන් දෙදෙනෙකු බේරාගෙන ඇත.


තායිලන්තයේ ජලය පිරුණු ගුහාවක සිර වී සිටින යොවුන් පාපන්දු ක්‍රීඩකයන් 12 දෙනා සහ පුහුණුකරු අතරින්, දරුවන් දෙදෙනෙක් පමණ මේ වන විට බේරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අද උදෑසන හදිසියේම ඔවුන් බේරාගැනීම සඳහා කිමිදුම්කරුවන් 13 දෙනෙකු තාම් ලුවන්ග් ගුහාව තුළට යවනු ලැබුවේ එතුළ ජල මට්ටම ඉහළ යන බවට සැක පළ වූ නිසා ය.

ඉතිරි සියලු දෙනා ද බේරාගැනීමට නියමිත නමුත්, ඒ සඳහා කොපමණ වේලාවක් ගත වේද යන්න අවිනිශ්චිත ය. ඇතැම් විට සම්පූර්ණ මෙහෙයුම අවසන් කිරීම සඳහා දින කිහිපයක් වුවද ගත විය හැකිය.

පෙර ලිපි-

තායි ගුහාවේ සිරවුණු දරුවන් මුදා ගැනීමේ මෙහෙයුම ඇරඹේ- ගුහා පද්ධතිය ජලකර සුසානයක් වේවිද?



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි