×

හිරුට පිටුපා සඳක් පායලා!

සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත පිහිටා තිබෙන ප්‍රථම චන්ද්‍රයා සොයා ගැනේ.


මෙය exomoon හෙවත් – බාහිර චන්ද්‍රෙයකු පිළිබඳ මිනිසා විසින් අනාවරණය කර ගත් ප්‍රථම අවස්ථාවයි .

මෙම චන්ද්‍රයා, නෙප්චූන් ග්‍රහලෝකයේ ප්‍රමාණයෙන් යුතු බවත්, ආලෝක වර්ෂ 8000 ක් ඈතින් පිහිටා ඇති බවත් සනාථ වේ.

චන්ද්‍රයන් අපේ සෞරග්‍රහ මණ්ඩලයට ආගන්තුකයන් නොවේ. සූර්යයාගේ රශ්මිය පරාවර්තනය කරගනිමින් රාත්‍රී කාලයේදී මේ චන්ද්‍රයන් බැබළෙන බව ද අලුත් කතාවක් නොවේ. නමුත් මානවයා මෙතෙක් දැන සිටි චන්ද්‍රයන් සියලුම දෙනා අප ද අයත් වන සෞරග්‍රහ මණ්ඩලය තුළ පිහිටා තිබෙන චන්ද්‍රයන් මිස, එයින් පිටත පිහිටා තිබෙන චන්ද්‍රයන් නොවේ.

චන්ද්‍රයන් ස්වභාවික චන්ද්‍රිකාවන් ලෙස හැඳින්වේ. අපේ සෞරග්‍රහ මණ්ඩලයේ මෙවැනි ස්වභාවික චන්ද්‍රිකාවන් හෙවත් චන්ද්‍රයන් 200 ක් පමණ සිටියි. අන්තර් තාරුකා චන්ද්‍රයන් හෙවත් තරු අතර පිහිටා තිබෙන චන්ද්‍රයන් සිටියිදැයි තාරකා විද්‍යා ලෝකය දීර්ඝ කාලයක් තිස්සේ පර්යේෂණ කළත් මේ දක්වා එවැනි චන්ද්‍රයන් සොයාගැනීමට ලැබී නැත.

මේ අතර, අපගේ සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් පිහිටා තිබෙන වෙනත් ග්‍රහලෝක (එක්සොප්ලැනට්ස්) පිළිබඳ විද්‍යාඥයෝ දීර්ඝ කාලයක පටන් දැන සිටිති. මෙවර අනාවරණය කරගත්තේ ද එවැනි ග්‍රහලෝකවලට පෑයූ සඳකි. මෙම එක්සොමූන්ස් හෙවත් බාහිර චන්ද්‍රයන් අනාවරණය කර ගැනීම අතිශය දුෂ්කර කටයුත්තක් සේ සැලකෙන්නේ ඒවා ප්‍රමාණයෙන් ඉතා කුඩා ඒවා වීම නිසා ය.

නෙප්චූන් ග්‍රහයාට ප්‍රමාණයෙන් සමාන මෙම බාහිර සඳ, හබ්ල් දුරේක්ෂය විසින් ද සනාථ කිරීමට නියමිත ය.

මෙවැනි බාහිර චන්ද්‍රයන් සොයාගැනීමේ මෙහෙයුම් තාරුකා විද්‍යාඥයන් අතර ප්‍රචලිතව තිබෙන්නේ “exomoon hunt’ යන යෙදුමෙනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි