×

චීන සමාගම් පහක් ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්ලු!

එක්සත් ජනපද ෆෙඩරල් සන්නිවේදන කොමිසම (ෆෙඩරල් කමියුනිකේෂන්ස් කමිෂන්) ඉකුත් සිකුරාදා (12) දින නිවේදනයන් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ චීනයට අයත් සමාගම් පහක් ඇමරිකානු ජාතික ආරක්ෂාවට තර්ජනයක් ව පවතින බවයි.


මෙම තර්ජනය සිදුවන්නේ ඉකුත් 2019 වර්ෂයේ ඇමරිකාවේ සන්නිවේදන ජාලයන් ආරක්ෂා කිරීම සඳහා සම්මත වූ නීතියක් පදනම් කරගෙන ය.

ඒ අනුව, හුවාවි ටෙක්නොලොජීස්, සී(Z)ටීඊ කෝර්ප්, හයිටෙරා කමියුනිකේෂන්ස් කෝර්ප්, හැන්ග්ෂොව් හික්විෂන් ඩිජිටල් ටෙක්නොලොජි සහ ඩහුවා ටෙක්නොලොජි යන සන්නිවේදන සහකාර සමාගම් ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ව පවතින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

2019 වර්ෂයේ සම්මත වූ නීතියට ප්‍රකාරව ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් සිදුකරනු ලබන ටෙලිසන්නිවේදන සහකාර සමාගම් හඳුනා ගත යුතු වේ.

ඉහත චීන සමාගම් එරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බවට හඳුනා ගෙන තිබෙන්නේ මෙම පදනම තුළ බව ෆෙඩරල් සන්නිවේදන කොමිසම වැඩිදුරටත් අවධාරණය කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි