×

රාජස්ථාන ගං වතුරේ පැය 24 ක් තිස්සේ සිසුන් 350 ක් සහ ගුරුවරු 50 ක් සිරවෙති

සිකුරාදා දිනයේ මේ තත්වය මත පාසලෙන් පිට වීමට සමත් වූ සිසුන් සහ ගුරුවරුන් මුදා ගැනුණේ සෙනසුරාදා දිනයේ ය.



මේ දිනවල ලංකාවට මෙන්ම ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවලට ද ධාරාණිපාත වැසි ඇද වැටෙමින් තිබෙන අතර, රාජස්ථානයෙන් වාර්තා වන්නේ පාසල් සිසුන් 350 ක් සහ ගුරුවරුන් 50 දෙනෙක් පැය 24 ක කාලයක් මුළුල්ලේ ගංවතුරට කොටු වී සිටි බවයි.

 රාජස්ථාන් ප්‍රාන්තයේ චිතෝර්ගා පාසලෙන් මෙම සිදුවීම වාර්තා වේ. 

Image result for Floods trap 350 students, 50 teachers in Rajasthan


අධික වර්ෂාපතනය හේතුවෙන් රනා ප්‍රතාප් බැම්ම විවෘත කිරීමෙන් අනතුරුව ප්‍රදේශයේ මං මාවත් සියල්ලම ජලයෙන් යට වී යාමත් සමග මෙම තත්වය උද්ගත වී තිබේ. සිකුරාදා දිනයේ මේ තත්වය මත පාසලෙන් පිට වීමට සමත් වූ සිසුන් සහ ගුරුවරුන් මුදා ගැනුණේ සෙනසුරාදා දිනයේ ය. 

ප්‍රදේශවාසීන් පාසලේ සිර වී සිටි සිසුන් සහ ගුරුවරුන් වෙත ආහාර ද්‍රව්‍ය සහ මූලික පහසුකම් ලබාදීමේදී පෙරමුණ ගත් බව ඉන්ඩියා ටුඩේ පුවත් සේවය වාර්තා කරයි. 
ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ නැගෙනහිර රාජස්ථාන් ප්‍රාන්තයට ‘අධික වැසිවල සිට ඉතා අධික වැසි‘ දක්වා අනතුරුදායක කාලගුණයක් අපේක්ෂා කිරීමට සිදුව ඇති බවයි. 

මේ අතර ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් වලින් ද ගංවතුර තත්වයක් පසුගිය දිනවල වාර්තා විය. ප්‍රධාන ගංගා රාශියකම ජල මට්ටම පිටාර මට්ටම දක්වා ළඟා වී ඇති බව ද වාර්තා වේ. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි