×

විශ්ව රූ කිරුළ වෙනුවෙන් ඉතිහාසයේ පළමුවරට සවුදි අරාබියේ තරුණියක්!

ඇය මැදපෙරදිග රටකින් විශ්ව රූ රැජන තරගයට සහභාගි වන දෙවැනි තරුණිය ලෙසත් වාර්තාපොතට එක්වූවාය.


සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලබන සැප්තැම්බර් මස 18 වැනිදා මෙක්සිකෝවේ පැවැත්වීමට නියමිත 2024 විශ්ව රූ රැජන තරගය සඳහා ඉතිහාසයේ පළමුවරට සවුදි අරාබියේ තරුණියක් ඉදිරිපත් වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, මෙම අවස්ථාව සඳහා සහභාගි වීමට ලැබී ඇත්තේ සවුදි අරාබියේ රියාද් නුවර උපන් 27 හැවිරිදි රූමි අල්කාතානි නමැති තරුණියක් බවයි.

ඇය මැදපෙරදිග රටකින් විශ්ව රූ රැජන තරගයට සහභාගි වන දෙවැනි තරුණිය ලෙසත් වාර්තාපොතට එක්වූවාය.

මීට පෙර පසුගිය වසරේ බහරේන් රාජ්‍යයේ 19 හැවිරිදි ලුජානි යාකුබ් එල්සැල්වදෝර්හි පැවැති විශ්ව රූ රැජන තරගයට එක්වෙමින් එම වාර්තාව තැබු බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

තවද, ඇය මීට පෙර සවුදි අරාබි රූ රැජන, මැදපෙරදිග රූ රැජන, අරාබි ලොව රෑ රැජන සහ සවුදි අරාබියේ රූමත් කාන්තාව ලෙස ජයග්‍රහණ රැසක් අත්කර ගත් බව ද සඳහන් වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි