×

ප්‍රංශයේ හිටපු ජනපති සාකෝසි අත්අඩංගුවට

2007 වසරේ පැවති මැතිවරණයේදී සිදු වූ මූල්‍ය වංචාවක් සම්බන්ධව ඔහුට චෝදනා එල්ල වේ.


ප්‍රංශයේ හිටපු ජනපති නිකොලා සාකොසි පොලිස් අත් අඩංගුවට ගෙන ඇතැයි AFP පුවත් සේවය වාර්ථා කරයි. 2007 වසරේ පැවති මැතිවරණයට සම්බන්ධව සිදු වූ මූල්‍ය වංචාවක් සම්බන්ධ චෝදනාව මෙයට හේතු වී ඇත. 2007 වසරේදී ලබාගත් මැතිවරණ ජයග්‍රහණය සඳහා සාකොසි විසින් ලිබියානු නායක කර්නල් මුවමර් ගඩාෆිගේ මුදල් වියදම් කළ බවට දැඩි චෝදනාවක් එල්ල වී තිබේ. නමුත් සාර්කෝසි විසින් මෙම චෝදනාව හාස්‍යයෙන් යුතුව ප්‍රතික්ෂේප කරන බවද AFP පුවත් සේවය පවසයි.

2012 වසරේ සමාජවාදී පක්ෂයේ නායක ප්‍රංශුවා ඔලන්දේ ගේ ජයග්‍රහණයත් සමග දේශපාලනයෙන් සමුගත් සාර්කෝසි 2015 වසරේ නැවත දේශපාලනයට පැමිණියේය.

සිය මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේදී සාර්කෝසි විසින් නියමිත මුදල වන ඩොලර් මිලියන 24ට වඩා දෙගුණයක් මුදල් වියදම් කොට ඇතැයි වාර්ථා වේ. 2012 වසරේ සමාජවාදී පක්ෂයේ නායක ප්‍රංශුවා ඔලන්දේ ගේ ජයග්‍රහණයත් සමග දේශපාලනයෙන් සමුගත් සාර්කෝසි 2015 වසරේ නැවත දේශපාලනයට පැමිණියේය. ඉන්පසු 2017 වසරේ ජනපතිවරණයට ඉතිරිපත් වූ නමුත් මැතිවරණයේ මුල් වටයේදීම ඔහුට තරඟයෙන් ඉවත් වන්නට සිදු විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි