×

ඉම්රාන් ඛාන්ගේ නාම යෝජනා ප්‍රතික්ෂප කෙරේ

71 හැවිරිදි හිටපු ක්‍රිකට් තරුවක් වන හිටපු අග්‍රාමාත්‍යවරයා 2022 අප්‍රේල් මාසයේදී අගමැති ධුරයෙන් නෙරපා හරින ලද දා සිට දේශපාලන හා නීතිමය සටන්වල ​​පැටලී ඇත.


සිය උපන් නගරය වන මියන්වාලි මැතිවරණ කොට්ඨාශයෙන් 2024 ජාතික මැතිවරණයට තරඟ කිරීමට හිටපු අගමැති ඉම්රාන් ඛාන් විසින් කරන ලද නාම යෝජනා පකිස්ථානයේ මැතිවරණ ආයතනය ප්‍රතික්ෂේප කර ඇති බව පාකිස්තාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂයේ මාධ්‍ය අංශය විසින් නිවේදනය කර තිබේ.

71 හැවිරිදි හිටපු ක්‍රිකට් තරුවක් වන හිටපු අග්‍රාමාත්‍යවරයා 2022 අප්‍රේල් මාසයේදී අගමැති ධුරයෙන් නෙරපා හරින ලද දා සිට දේශපාලන හා නීතිමය සටන්වල ​​පැටලී ඇත. ඔහු මේ වන විට 2018- 2022 සිය ධුර කාලය තුළ රාජ්‍ය රහස් හෙළිදරවු කිරීමක් හා සම්බන්ධව වරදකරු බවට පත්ව සිරගතකර සිටියි.

අධිකරණය විසින් ඔහු මැතිවරණයට ඉදිරිපත් වීමට නුසුදුස්සෙක් බවට පත්කර තිබියදී ඉම්රාන් ඛාන් විසින් ලියාපදිංචි ඡන්දදායකයෙකු නොවන මැතිවරණ කොට්ඨාශ දෙකක් යටතේ තරඟ කිරීමට මෙලෙස ඉල්ලා තිබේ.

රටේ ජනප්‍රියම නායකයා ලෙස සැලකෙන ඉම්රාන් ඛාන්ට අමතරව ඛාන්ගේ පක්ෂයේ උප සභාපති ෂා මහමුද් කුරේෂි ඇතුළු අනෙකුත් ජ්‍යෙෂ්ඨ පක්ෂ සාමාජිකයින් විසින් ඉදිරිපත් කරන ලද නාමයෝජනා පත්‍ර ද මැතිවරණ කොමිසම ප්‍රතික්ෂේප කර ඇත.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි