×

දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපති ජේකොබ් සූමාට මාස 15 ක සිර දඩුවමක්

ඔහුට එරෙහි චෝදනා පිළබදව සිදු වන දූෂණ විමර්ශනය සඳහා පෙනී සිටින ලෙසට දුන් නියෝගයක් නොතකා සූමා අධිකරණයට අපහාස කර ඇතැයි සැළකීම මීට හේතුවයි


හිටපු දකුණු ජනාධිපති ජේකබ් සූමා මෙම වසර මුල භාගයේදී ඔහුට එරෙහිව පැවති දූෂණ චෝදනා සම්බන්ධ විමර්ශන සදහා පෙනී නොසිටීම හේතුවෙන් එරට අධිකරණය ඔහුට මෙම දඩුම පනවනු ලැබිය. අධිකරන නියෝග නොතකා හැරීම මගින් අධිකරණයට අපහාස කළ බවට දකුණු අප්‍රිකා අධිකරණය තීන්දු කර ඇති අතර, දඩුවම් වශයෙන් ඔහුව මාස 15 ක් සිරගත කරන ලෙස නියෝග කළේය.

පසුගිය පෙබරවාරි මාසයේ දී එරට නියෝජ්‍ය අගවිනිසුරු රේමන්ඩ් සොන්ඩෝගේ නායකත්වයෙන් යුත් පරීක්ෂණයට පෙනී සිටීමට සූමා අසමත් විය. එරට අධිකරණය 2009 සිට 2018 දක්වා සූමා බලයේ සිටි කාලය තුළ සිදු කළේයැයි කියන දූෂණයන් සම්බන්ධව චෝදනා විමර්ශනය කරමින් සිටී. ඔහු තමන්ට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කරන අතර අවශ්‍ය විමර්ෂණ කටයුතු සදහා මෙතෙක් සහයෝගය ලබා දී නොමැත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි