×

හෙට සිට එංගලන්ත ශිෂ්‍යාවන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා – එංගලන්තේ එහෙම වෙද්දි ලංකාවේ?

“සෑම කෙනෙකුටම  ආර්ථික අපහසුකම් හේතුවෙන් සනීපාරක්ෂක නිෂ්පාදන අවශ්‍ය අවස්ථාවන්හිදී ඒවාට ප්‍රවේශ වීම පහසු නොවන බව අපි දනිමු. ''


කාන්තාවන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබා දීම පිළබද පසුගියදා ලංකාව තුල ඉමහත් කථා බහක් ඇති වූයේ මැතිවරණ පොරොන්දුවක් ලෙස දේශපාලන වේදිකාව තුළ එය කථා බහට ලක්වූ හෙයිනි. නමුත් බහුතරයක් ලංකිකයන් සහ දේශපාලකයින් මේ දෙස වපර ඇසිනුත් සමච්චල් ස්වරූපයෙනුත් බැලූවේ එය රටක අත්‍යවශ්‍ය සේවාවක් නොවන බවට පවසමිනි.

ලංකාව තුළ එවැනි කථිකාවක් හෝ ඇරඹෙන්නට නොදෙන පසුබිමක් මත එංගලන්ත රජය විසින්
එළැඹෙන සතියේ සිට රජයේ පාසැල් සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන් සඳහා සනීපාරක්ෂක තුවා සහ අනෙකුත් සනීපාරක්ෂක පහසුකම් නොමිලේ සැපයීමට තීරණය කර ඇත.

මේ පිළිබදව ප්‍රකාශයක් නිකුත් කරන එංගලන්ත අධ්‍යාපන දෙපාර්තුමේන්තුව පවසන්නේ අඩු ආදායම්ලාභී පවුල් වල ගැහැණු දරුවන් ආර්ථව දිනවලදී පාසැල් නොපැමිණීම වැළැකිවීමේ මූලික අරමුණින් මෙම පියවර ගත් බවයි.  ආර්ථව දුගී බව ගැහැණු දරුවන්ගේ අධ්‍යාපනයට මේ වන විට විශාල බාධාවක් වී ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

“සෑම කෙනෙකුටම  ආර්ථික අපහසුකම් හේතුවෙන් සනීපාරක්ෂක නිෂ්පාදන අවශ්‍ය අවස්ථාවන්හිදී ඒවාට ප්‍රවේශ වීම පහසු නොවන බව අපි දනිමු. මෙම නවතම යෝජනා ක්‍රමය ඊට අවශ්‍ය පහසුකම් සළසාළනු ඇති අතර තරුණියන්ට ඔවුන්ගේ එදිනෙදා ජීවිතය ඉදිරියට ගෙන යා හැකිය ”එංගලන්තයේ ළමා හා පවුල් කටයුතු ඇමති මිෂෙල් ඩොනෙලන් පවසයි.

එරට අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ මෙම නොමිලේ සනීපාරක්ෂක සේවා යෝජනා ක්‍රමය සැලසුම් කර ඇත්තේ “සිසුන්ට පාසලේදී සනීපාරක්ෂක නිෂ්පාදන සඳහා පහසුවෙන් ප්‍රවේශ විය හැකි” සනීපාරක්ෂාය සම්බන්ධ දැරියන් මුහුණ දෙන අපහසුතා සහ අපකීර්තිය බිඳ දැමීම සහ ඔසප් වීම පිළිබඳව දැනුවත් කිරීම සඳහා ය.

එංගලන්ත දැරියන් වෙනුවෙන් නොමිලේ සනීපාරක්ෂක පහසුකම් ලබා දිය යුතු බවට එංගලන්තය තුළ සමාජ කතිකාවක් ඇති කරනු ලබන්නේ 2017 වසරේදීය . ඒ free periods හී කාන්තා ක්‍රියාකාරිණී අමිකා ජෝර්ජ් විසිනි. එරට රජය ගත් තීරණය පිළීබදව ඇය පවසන්නේ ”සෑම දැරියකටම මෙම පහසුකම ලැබෙන ලෙස කටයුතු සිදුවිය යුතුයි. ශිෂ්‍යාවන්ගේ අවශ්‍යතා ගැන විවෘත සංවාදයක් ඇරඹිය යුතුයි, යනුවෙනි.

මෙලෙස නොමෙිලේ සනීපාරක්ෂ තුවා ලබා දීමෙන් දරුවන් වඩාත් හොඳින් අධ්‍යාපනය ලබන බවට තහවුරු කර ගැනීමට හැකිවනු ඇති. ඇය තවදුරටත් පවසයි.

එක්සත් රාජධානියේ වයස අවුරුදු 14 ත් 21 ත් අතර ළමුන්ගෙන් 42% ක් තාවකාලික සනීපාරක්ෂක ආරක්ෂාව භාවිතා කර ඇති බව මෑතකදී කරන ලද සමීක්ෂණයකින් හෙළි වූ අතර ඇතැමුන් පවසා ඇත්තේ හදිසි ආදේශන ලෙස මේස්, වෙනත් රෙදි හෝ කඩදාසි භාවිතා කළ බවයි.

එංගලන්ත ජාතික අධ්‍යාපන සංගමයේ සහකාර මහලේකම් රොසමුන්ඩ් මැක්නෙල් පැවසුවේ 2018 වසරේ දී ශීෂ්‍යාවන් 137,000 කට වැඩි පිරිසක් ආර්ථව දුගී බව හේතුවෙන් හා ආර්ථවය හේතුවෙන් පාසැල් කාලය අතපසු කර ඇති බවයි. “එක්සත් රාජධානියේ කිසිම ගැහැණු ළමයෙකුට මෙම අත්‍යවශ්‍ය නිෂ්පාදන ලබා ගත නොහැකිවීම හේතුවෙන් අධ්‍යාපනය අහිමි වීමට ඉඩ නොදිය යුතුය,” මැක්නෙල් පවසන්නේය.

මෙහිදී ඇස්තමේන්තු ගත ශිෂ්‍යාවන් මිලියන 1.7ක් සඳහා මෙම වසරේදී ඩොලර් මිලියන 20ක් දක්වා පිරිවැයක් දැරීමට එරට රජය අපේක්ෂා කරයි.
මෙම ව්‍යාපෘතිය සදහා පාසැල් 20000කට අධික සංඛ්‍යාවක් තොරාගෙන ඇති අතර පරිසර හිතකාමී සහ නැවත භාවිත කළ හැකි සනීපාරක්ෂක නිශ්පාදන භාවිත කිරීමට එංගලන්තයේ රජය තීරණය කර ඇත.

ස්කොට්ලන්තය පුරා පාසල්, විද්‍යාල සහ විශ්වවිද්‍යාල වල තරුණියන්ට නොමිලේ ඔසප් නිෂ්පාදන සඳහා අරමුදල් සැපයීමට ස්කොට්ලන්ත රජය විසින් 2018 දී ගත් තීරණය එංගලන්තයේ මෙම තීරණයට බලපා ඇත.

පාසැල් සිසුවියන්ට අමතරව රෝහල් ගතව ප්‍රතිකාර ලබන සියළු කාන්තාවන්ට නොමිලේ සනීපාරක්ෂක පහසුකම් ලබා දීමට එංගලන්ත රජය තීරණය කර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි