×

G7 සමුළුව ඇරඹේ (ඡායාරූප)

G7 හෙවත් ‘හත් දෙනාගේ කණ්ඩායම‘ (Group of Seven) කෝවිඩ් වසංගතය මධ්‍යයේ භෞතිකව මුණ ගැසී ලෝක ආර්ථිකය සහ අන්තර්ජාතික ආරක්ෂාව ඇතුළු වැදගත් ගෝලීය ගැටළු ගැන සාකච්ඡා කිරීම ඊයේ ආරම්භ විය.


මෙම G7 කණ්ඩායමට අයත් වන්නේ කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදයයි. ඔවුන් 2021 G7 සඳහා මෙවර එක් ව සිටින්නේ නිරිත දිග එංගලන්තයේ කෝන්වෝල් හි කාබිස් බේ හිදී ය.

ඉහත රටවල් නියෝජනය කරමින් මෙවර සාකච්ඡාවට 10 දෙනෙක් එක්ව සිටියේ මෙසේ ය. (වමේ සිට දකුණට) කැනඩා අගමැති ජස්ටින් ටෘෘඩෝ, යුරෝපියානු කවුන්සිලයේ සභාපති චාල්ස් මයිකල්, ඇමරිකානු ජනපති ජෝ බයිඩන්, ජපන් අගමැති යොෂිදේ සුගා, බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්, ඉතාලි අගමැති මරියෝ ධාගි, ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්රොන්, යුරෝපියානු කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලියොන්, ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල්.
ඡායාරූපය EPA

බයිඩන්ගේ පළමු ගමන

මෙය, ඇමරිකානු ජනපති ජෝ බයිඩන්ගේ පළමු විදෙස් සංචාරයයි. ඔහු එක්සත් රාජධානියේ කෝන්වෝල් ගුවන් තොටුපොළේදී සිය බිරිඳ සමග
ඡායාරූපය GETTY IMAGES

 

ජෝඩු දෙක

ඇමරිකානු ජනපති යුවළ සහ බොරිස් ජොන්සන්ගේ අලුත් පවුල යන සිව්දෙනා ජී 7 සමුළුව ඇරඹීමට පෙර කෝන්වෝල් වෙරළ තීරය නැරඹීට පැමිණ සිටියේ මෙසේ ය.
ඡායාරූපය GETTY IMAGES

 

ජෝ බයිඩන්, කේරි සිය පෙම්වතියව සිටිනා සමයේ උපන් පුතා ව ද වෙරළ තීරයට ගෙනැවිත් තිබිණි. ජිල් බයිඩන්, කේරි ජොන්සන් සහ ජොන්සන් පුතා.
ඡායාරූපය GETTY IMAGES

ජස්ටින් තිතට වැඩ

කැනඩා අගමැති ජස්ටින් ටෘෘඩෝ කෝන්වෝල් බලා පැමිණියේ නිසි පරිදි මුහුණු ආවරණයක් ද පැළඳගෙන ය.
ඡායාරූපය GETTY IMAGES

මැක්රොන් ‘ඇදුරුතුමියයි ජීවිතේ ඔබ‘ සමග

ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රොන් සිය බිරිඳ සමග කොන්වෝල් බලා පැමිණි අවස්ථාව. මැක්‍රොන් විවාහ වී සිටින්නේ ඔහුට වඩා වසර 25 ක් වැඩිමල් බ්‍රිජට් සමග ය. ජීවිතයේ එක් කලෙක ඇය යොවුන් එම්මානුවෙල් මැක්‍රොන්ගේ ගුරුතුමියයි.
ඡායාරූපය PA MEDIA

මූලාශ්‍රය – BBC : In Pictures: G7 leaders meet at the seaside

වට මේස සාකච්ඡාව

මෙම සමුළුවේ සාකච්ඡාවලින් වැඩි කොටස මාධ්‍යයට විවෘත නොවේ. ඒවා එම නායකයන් අතර පමණක් සිදු වේ. සිකුරාදා ඇරඹුණු වටමේස සාකච්ඡාවකි, මේ. පුරා දින 3 ක් ඔවුන් මෙසේ සාකච්ඡා කරනු ඇත.
ඡායාරූපය REUTERS

ජොන්සන් වැලමිටෙන් පිළිගනියි

අලුත විවාපත් වූ බොරිස් ජොන්සන්, ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රොන්ව පිළිගත්තේ වැළමිටෙනි. ගෝලීය වැක්සින් වැඩපිළිවෙළ සහ දේශගුණික විපර්යාස මෙවර සමුළුවේ දී වැඩි අවධානයක් දිනාගනු ඇතැයි පැවසේ. ජොන්සන්ගේ අලුත ගෙනා මනමාලිය කේරී ද පසෙකින් සිටියි. ප්‍රධාන ඡායාරූපයෙන් දැක්වෙන්නේ එයයි.
ඡායාරූපය EPA

US සහ UK වැනසිය නොහැකි සබඳතාවයක

සමුළුව ආරම්භ කිරීමට මත්තෙන් බොරිස් ජොන්සන්, ඇමරිකානු ජනපතිවරයාව පිලිගත් ආකාරයයි, මේ. මෙය ඇමරිකානු ජනපති ජෝ බයින්ගේ පළමු විදෙස් සංචාරය වීම ද විශේෂත්වයකි. ඔහු සමග ජනපති ආර්යාව ජිල් බයිඩන් ද සිටින අතර, ඇය හැඳගෙන සිටින බ්ලේසරයේ පිටුපස ‘LOVE‘ යනුවෙන් සඳහන් ව තිබීම ද මාධ්‍ය ශීර්ෂපාඨ මවා තිබිණි.
ඡායාරූපය GETTY IMAGES

දූපතේ කතාබහ

කෝන්වෝල් හි සාමාන්‍ය ජන ජීවිතය වෙනදා පරිදි ම ය. එහි වෙසෙන්නෝ සුපුරුදු පරිදි බෝට්ටු සවාරි ගියහ. නමුත් විශේෂයක් තිබේ. ඈතින් පෙනෙන පුංචි දූපතේ එනම් බාර්බිස් බොක්කේ පිහිටා ඇති ඒ පුංචි දූපතේ ලෝකයේ ප්‍රබලම නායකයන් සත් දෙනෙක් සාකච්ඡා කරමින් සිටිති.
ඡායාරූපය GETTY IMAGES

දූපත වටා අතිරේක ආරක්ෂාවක් යොදවා තිබීම පුදුමයට කාරණයක් නොවේ.
ඡායාරූපය PA MEDIA

G7 පැටිස්

කෝන්වෝල් හි පේස්ට්‍රි කඩවල G7 පැටිස් දක්නට ලැබුණේ මෙසේ ය. සෙන්ට් අයිව්ස් හි පේස්ට්‍රි කඩයකි, මේ.
ඡායාරූපය PA MEDIA

ලලනායනය

නායකයන් ලෝක ප්‍රශ්න ගැන බරසාර සාකච්ඡාවල නිරත වෙද්දී ජෝ බයිඩන්ගේ බිරිඳ ජිල් බයිඩන් සහ කේට් කුමරිය එක්වුණේ මෙසේ ය. කේට් කුමරිය ගේ නිල නාමය කෝන්වෝල් හි ආදිපාදවරියයි. ඇය වෙසෙන්නේ මෙහි ය. මේ, ඔවුන් දෙදෙනා බටහිර කෝන්වෝල් ගම්බද පාසලක දරුවන් හමුවීමට ගිය අවස්ථාවයි, මේ.
ඡායාරූපය AARON CHOWN / PA MEDIA

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි