×

ගඩාෆිගේ කාම කුටිය

බි‍්‍රතාන්‍යයේ ඬේලි මේල් පුවත්පත් මෙසේ කියයි. ‘‘ගඩාෆි සිය ලිංගික වහලියන් ලෙස තෝරාගත්තේ පාසල්වල අධ්‍යාපනය ලබමින් සිටි කන්‍යා ශිෂ්‍යාවන් ය. ඔවුන් ඒකාධිපතියාගේ අණ මත පැහැරගෙන එනු ලැබීය.’’


ලිබියාවේ මරා දැමූ පාලකයා කර්නල් මුවමර් ගඩාෆි වයස අවුරුදු 14 තරම් කුඩා වයස්වල දරු දැරියන් සහ තරුණ තරුණියන් දුූෂණයට ලක් කළ කාම කුටිය පිළිබඳ නවතම තොරතුරු සමුදායක් දැන් හෙළිදරව් වී ඇත. සිය 42 වසරක පාලන සමය තුළ ඔහු කෙල්ලන් සහ කොල්ලන් දහස් ගණනක් සිය යහනට කැඳවාගන්නට ඇත.

ඒ, පෙම් කෙළින්නට හෝ රමණයේ යෙදෙන්නට පමණක් නොව, ඔහුගේ සදාකාලික ලිංගික වහලුන් බවට පත්කිරීම ද සඳහා ය. බි‍්‍රතාන්‍යයේ ඬේලි මේල් පුවත්පත් මෙසේ කියයි. ‘‘ගඩාෆි සිය ලිංගික වහලියන් ලෙස තෝරාගත්තේ පාසල්වල අධ්‍යාපනය ලබමින් සිටි කන්‍යා ශිෂ්‍යාවන් ය. ඔවුන් ඒකාධිපතියාගේ අණ මත පැහැරගෙන එනු ලැබීය.’’

සරසවිවල දේශනා පැවැත්වීම ගඩාෆි ඉතා ආශාවෙන් කළ දෙයක් විය. එම දේශනාවලට සුරූපී සරසවි තරුණියන් අනිවාර්යයෙන් කැඳවනු ලැබීය. දේශනය පවත්වන අතර ගඩාෆිගේ දෑස් එහි සිටින සුරූපී ම තරුණියන් වෙත රැුඳෙන අතර ඔවුන් ව ඔහු සිතින් තෝරාගනියි.

එසේ පැහැරගැනීමෙන් පසුව ඔවුහු සිංහයාගේ බිළයේ සිරකරගෙන සිටින මුවැත්තියන් බවට පත්වෙති. නමුත් ඒ තාවකාලිකව ය. මුවැත්තියන්ට නිල් චිත‍්‍රපට නරඹන්නට බල කෙරිණි. මින් ඉදිරියට ඔවුන් පාසල් අධ්‍යාපනය වෙනුවට ලිංගික අධ්‍යාපනය ලද යුතු විය. තලප්පා රජු කායිකව සනසන නව මං සෙවිය යුතු විය. එසේ කෙටි කාලයක් රඳවා තබාගැනීමෙන් පසු කෙල්ලන්ට ඔහු කළ කී දෑ වටහාගැනීමට, ඔහුගේ සයනාගාරය දෙස විමසුම් බැල්මක් හෙළීම සෑහෙයි. ගඩාෆිගේ සයනාගාරය අති සුඛෝපභෝගී ය. 70 දශකයේ විලාසිතාවට සකසා තිබුණ ද සැප සම්පතින් ආඩ්‍ය ය.

එයට යාබද ව නාරි වෛද්‍යවරයාගේ ශල්‍යාගාරය සහ පිරික්සුම් කාමරය පිහිටා ඇත. ගඩාෆිගේ සයනයට යැවීමට පෙර කෙල්ලන් හා කොල්ලන්ට සමාජ රෝග නොහොත් ලිංගිකාශ‍්‍රිත රෝග වැළඳී ඇත්දැයි පරීක්ෂා කෙරුණේත් ගඩාෆි නිසා කෙල්ලන් ගැබ්ගතහොත් නොවැරදීම ඔවුන් ගබ්සාවනට ලක්කෙරුණේත් එහිදී ය. නමුත් පුවත් මුලාශ‍්‍රයන් හෙළි කරන පරිදි සැත්කම් කාමරය එයට වැඩිමනත් දේ සඳහා ද යොදාගෙන ඇත. එයින් එකක් නම්, ගඩාෆි විසින් නැවත නැවතත් දුූෂණයට ලක් කරන ලද ඔවුන් සැත්කම් කාමරය තුළදී අස්වාභාවික වධ බන්ධනයන්ටද ලක් කර ඇත. පසුව කසළ ගොඩවල් හෝ අත්හැර දමන ලද හුදෙකලා රථ ගාල වැනි ස්ථානවලට කෙල්ලන් ව විසිකර දමන ලද්දේ අධික රුධිර වහනයෙන් මිය යාම සඳහා ය.

කවදත් ඔහු කෙල්ලන් පිරිවරාගෙන සිටින්නට පි‍්‍රය කළේය. ගඩාෆිගේ ජනපි‍්‍රයත්වය දෙගුණ තෙගුණ කරන්නට එක් ප‍්‍රධාන හේතුවක් වූයේ ද ‘කන්‍යාවන් ගේ හමුදාව’ යැයි කියූ ඔහුගේ කාන්තා ශරීරාරක්ෂකයන් ය. පාසල් යන වයසේ කෙල්ලන්ගෙන් සැනසුණු ගඩාෆි, සිය ශරීරාරක්ෂකයන් කන්‍යා හමුදාවක් නඩත්තු කළේය යන්න කොතරම් ප‍්‍රායෝගික කරුණක් වීදැයි කිසිවෙක් නොදනිති. නමුත් ගඩාෆිගේ කාම සිරගෙයින් පළා ආ යුවතියන් ගණනාවක් හෙළිකළ තොරතුරු පාදක කරගනිමින් නිපදවා ඇති අලුත්ම බීබීසී ෆෝ වාර්තා චිත‍්‍රපයට අනුව ගඩාෆිගේ දඩබිමේ සෑහෙන භූමිකාවක් මෙම කාන්තා ශරීරාරක්ෂක භටයන් හට පැවරී තිබේ. එම කාන්තාවට අනුව, පැහැර ගෙන ආ යුවතියන් ව දින ගණනක් සිර කර තැබීමෙන් පසුව නිරුවත් කර, සිරුරේ රෝම මුඩු කර මේකප් කිරීමෙන් පසුව ගඩාෆිගේ සයනය වෙත ගෙන ගොස් තිබෙන්නේ ඔවුන් විසිනි. දුෂණය හෝ අතවරය අතරමගදී කිසිවෙක් පළා නොයන බවට වගබලාගැනීම ද ඔවුන්ට පවරා තිබිණි.

Mad Dog- Gadaffi’s secret World (උමතු බල්ලා- ගඩාෆිගේ රහස් ලෝකය) එම වාර්තා චිත‍්‍රපටයේ නමයි. ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ගඩාෆිගේ රහස් ලෝකයේ ඡුායාරූප එහිදී දැකගත හැකිය. එයට අනුව ගඩාෆිට පිිරිමි අන්තංපුරයක් ද තිබී ඇත. ටි‍්‍රපොලි සරසවියේ රහස් ස්ථානයක් ඇතුලු ගඩාෆිගේ මන්දිර ගණනාවකම සේවය සඳහා ඔවුන් වරින් වර කැඳවුණු අතර ‘සර්විස් මෙන්’ යන සංකේත නාමයෙන් ඔවුන් ව හ`දුන්වනු ලැබීය. සරසවිවල දේශනා පැවැත්වීම ගඩාෆි ඉතා ආශාවෙන් කළ දෙයක් විය. එම දේශනාවලට සුරූපී සරසවි තරුණියන් අනිවාර්යයෙන් කැඳවනු ලැබීය. දේශනය පවත්වන අතර ගඩාෆිගේ දෑස් එහි සිටින සුරූපී ම තරුණියන් වෙත රැුඳෙන අතර ඔවුන් ව ඔහු සිතින් තෝරාගනියි. ඉන්පසු සිය හමුදාවට ඔහු එම ඉ`ගි ලබාදෙන්නේ, දේශනය අවසානයේ ඔවුන් එකිනෙකා බැගින් ඔහු හමුවට පැමිණ සමුගෙන යන විට තෝරාගත් එකියන්ගේ හිසට තට්ටුවක් දැමීම මගිනි. පැය කිහිපයක් ඇතුළත ඔවුන් සරසවියෙන් අතුරුදන් වීම සිදු විය.

අවසානයේ 2011 සැප්තැම්බරයේදී ඒකාධිපතියාගේ ඉරණම විස`දුණේ ය. නේටෝ සහාය ලද මහා පරිමාණ හමුදා මෙහෙයුමකදී ඔහු ව ඔහුගේම රිදී පිස්තෝලයෙන් සුනඛයෙකු සේ මරා දැමිණි. නමුත් ඔහු කළ කී දෑ එසේ මරා දමන්නට නොහැකි විය. කොකේන්, මත්පැන් හා ව්‍යාඝ‍්‍රා නැවත නැවතත් භාවිතා කරමින් ගඩාෆි තමන්ගේ ලෙය සහ සිරුර මත පෙරළි කළ ආකාරය ඔවුන් අද පවසන විට ඒ සත්‍යයේ ඇස් අදහාගත නොහැකි බිහිසුණු බව නිසා ශිෂ්ට සම්පන්න ලෝකය තුෂ්නිම්භූත වී ඒ දෙස බලා සිටියි. වාර්තා චිත‍්‍රපටයට අනුව ඔහුගෙන් මිදී පළායාමට සමත් වූ ලිංගික වහලුන් සහ වහලියන්ගෙන් ඇතැමෙක් ඔවුන්ගේ පවුල්වලින් ප‍්‍රතික්ෂේප වී තිබෙන්නේ එසේ පළාඒම පවුලට සිදු කළ අගෞරවයක් ලෙස සැලකීම නිසා ය. අද පවා ගඩාෆිට එරෙහිව වචනයක් පවා කියන්නට එම පවුල්වල අයවලුන් මැලිවන අවස්ථා ගැන තොරතුරු තිබේ. ලිංගික බලහත්කාරය හා ස්ත‍්‍රී දුෂණය, ගැහැනු කම පරදවා බලය තහවුරු කර ගැනීමේ පිරිමි වීරකම ලෙස තවමත් සිතන අන්ධකාර මහාද්වීපයේ සමහරෙකුට තවමත් ඔහු වීරයෙකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි