×

ඇෆ්ගනිස්ථානයේ බලවත් ජනරාල් – ගෙදර එයි!

ඇෆ්ගනිස්ථානයෙන් තලෙයිබාන් සංවිධානය පළවා හැරීමට සහාය පළ කළ උප ජනාධිපති Gen. Abdul Rashid Dostum නැවත සිය රට බලා පැමිණ සිටියි.


පුරා වර්ෂයකට අධික කාලයක් පිටුවහල් ජීවිතයක් ගත කළ ඇෆ්ගනිස්ථානයේ ජනරාල් අබ්දුල් රෂීඩ් දොස්තම් (Gen. Abdul Rashid Dostum) නැවත සිය රට බලා පැමිණ තිබේ.

ඔහු මෙසේ නැවත ඇෆ්ගනිස්ථානය බලා එන්නේ ස්ත්‍රී දූෂණය, පැහැරගෙන යාම් මෙන්ම මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් ද අපරාධ චෝදනා එල්ල වී තිබියදී ය. එසේම තමන්ගේ ප්‍රථම බිරිඳ ඝාතනය කළ බවට ද ඔහුට චෝදනා තිබේ.

අපරාධ චෝදනාවලට මුහුණ පා සිටියද ජනරාල් අබ්දුල් රෂීඩ් රැගත් ගුවන් යානාව ඇෆ්ගනිස්ථානයට ළඟා වූ විට ඔහුව පිරිවරාගත් නිලධාරීන් ඔහු රැගෙන ගියේ බන්ධනාගාරයට හෝ පොලිසියට නොව, ඔහුගේ නිල නිවසට ය. ඔහු තවමත් රටේ පළමු උප ජනාධිපතිවරයා ය.

මේ අතර ඔහු කාබුල් ගුවන් තොටුපොළින් පිටත්ව යාමෙන් සුළු වේලාවකට පසුව පුද්ගලයන් 20 දෙනෙකුට මරු කැඳවමින් මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරා ගියේය. එහිදී මරණයට පත් වූ අය අතර ජනරාල්වරයාගේ ආරක්ෂක අංශ සාමාජිකයන් 9 දෙනෙක් ද වූහ. ප්‍රහාරයෙන් 90 දෙනෙකුට පමණ තුවාළ සිදු විය.

ජනරාල් අබ්දුල් රෂීඩ් ඇමරිකාව විසින් 2005 වසරේදී දියත් කළ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේදී තලෙයිබාන් සංවිධානයට විරුද්ධව ඇමරිකාව වෙත පූර්ණ සහාය පළ කළ අයෙකි. නමුත් පසුව ඇමරිකානු හිතවාදී ඇෆ්ගනිස්ථාන නායක හමීඩ් කර්සායි වෙත සහාය පළ කිරීම ද ප්‍රතික්ෂේප කළේය. පසුව ඇමරිකාව ඔහු රටෙන් පළා ගිය විට ඔහුට ඇමරිකානු වීසා ලබාදීම ප්‍රතික්ෂේප කළේය. එනිසා ඔහු එක්සත් රාජධානියේ ද කලක් රැඳී සිටියේය.

ඇෆ්ගනිස්ථානයේ ප්‍රබලම යුධ සේනාපතියා (Afghanistan’s most powerful warlord) ලෙස සැලකෙන්නේ ඔහු ය. එසේම ඔහු උතුරුදිග ඇෆ්ගනිස්ථානයේ නිල නොලත් පාලනයක් ගෙන යන බව සැලකෙන උස්බෙක් ගෝත්‍රයේ නායකයා ද වේ. උස්බෙක් ගෝත්‍රය සන්නද්ධ සාමාජිකයන් 25000 කින් පමණ සමන්විත ය.

The Telegraph

කාබුල් නිවසේදී | The Telegraph

කෙසේ නමුත් තලෙයිබාන් සංවිධානය ඔහුගේ පුනරාගමනයට කුමන ආකාරයේ ප්‍රතිචාරයක් දක්වනු ඇතිද යන්න තවම පැහැදිලි නැත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි