BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

ගැහැණු සහ පිරිමි වෙනස් බව කියූ මහාචාර්යවරයාට වැඩ වරදියි.

‘ගැහැණු ලෝකය‘ සහ ‘පිරිමි ලෝකය‘ එසේත් නැතිනම් ‘ගැහැණු මොළය‘ සහ ‘පිරිමි මොළය‘ යනුවෙන් ස්ත්‍රී පුරුෂ භේදය ඉස්මතු කර දක්වන්නට තැත් කරන උගතුන් තවමත් අපට දැකිය හැකිය. ඔවුන්ගේ තර්කය වන්නේ ජීව විද්‍යාත්මක පදනම අනුව මෙම දෙකොටස ජීවීන් වර්ග දෙකක් වන හෙයින්, ගැහැණිය සහ පිරිමියා සපුරාම වෙනස් ජීවී විශේෂ දෙකක් බව ය.

90 දශකයෙන් පසු ලෝකයේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය, ලිංගික නැඹුරුතාවය පිළිබඳ ඇති වූ බුද්ධිමය සංවාදයෙන් පසුව ගැහැණුන් සහ පිරිමින් ට වෙනස් ආකාරයෙන් සැලකීම ලෝකයේ බොහෝ දුරට බුද්ධිමත් තලයේදී සිදු නොවන්නකි. එසේ තිබියදීත් වොෂින්ටන් සරසවියේ මහාචාර්යවරයෙක් වැඩ වරද්දා ගත්තේය.

ඊක්වලිටි වෙබ් අඩවිය සඳහා රචනාවක් (essay for Quillette) ලියමින් ගැහැණුන් සහ පිරිමින් අතිශය වෙනස් ජීවීන් කොටසක් දෙකක් බව තරයේ කියා සිටි මෙම මහාචාර්යවරයා සමාජ විද්‍යාඥයෙක් හෝ ජීව විද්‍යාඥයෙක් නොව, පරිගණක විද්‍යාඥයෙකි!

ඔහු එහිදී කියා තිබුණේ ගතවූ කාලයේ පරිගණක විද්‍යාව සඳහා යොමුවන කාන්තාවන්ගේ පැහැදිලි අඩුවීමක් දැකගත හැකි බවත්, පරිගණක විද්‍යා උපාධිධාරී ගැහැණුන්ගේ දැකිය හැකි සීඝ්‍ර අඩුවීම ගැහැණුන් පරිගණක විද්‍යාව වැනි විෂයන් ට නුසුදුසු බවටත් සාක්ෂියක් ලෙසට ය.

පරිගණක විද්‍යාව වැනි විෂයන් සඳහා කාන්තාවන්ගේ යොමුවීමේ පැහැදිලි අඩුවීමක් දක්නට ලැබේ නම් කළ යුතුව තිබෙන්නේ ඒ සඳහා හේතු සෙවීම මිස, තාක්ෂණික විෂයන් ‘පිරිමි විෂයන්‘ ලෙස ලේබල් ගැසීමක් නොවේ. ලෝකයේ පොදු පිළිගැනීම වන්නේ බොහෝ විට ස්ත්‍රීන් තාක්ෂණික ක්ෂේත්‍රය වැනි තරගකාරී ක්ෂේත්‍ර සඳහා යොමුනොවීමට ප්‍රධානතම හේතුව ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය (Gender) හේතුවෙන් ඔවුන් මුහුණ දෙන ප්‍රායෝගික තලයේ සමාජයීය බාධක මිස අන් දෙයක් නොවන බවයි.

සාපේක්ෂව පුරුෂයාට ස්ත්‍රියට වඩා වැඩි මස්තිෂ්ක ධාරිතාවක් හිමි වන බවට පුරාතන ලෝකයේ තිබූ යල් පිනූ පිළිගැනීම මත මෙම පරිගණක විද්‍යා මහාචාර්යවරයා ද එල්බගෙන සිටි බව පෙනේ. ‘ගැහැණුන්ට හැඳි මිටේ නුවණක්‘ පමණක් ඇති බවට ඇතැම් ආසියාතික රටවල තවමත් පවතින මතය, ස්ත්‍රිය පහතට දැමීමට අවශ්‍ය වූ විට පුරුෂයා විසින් තවමත් එවැනි අදහස් හෝ වැකි ආයුධ වශයෙන් භාවිතා කිරීම සැලකෙන්නේ නොදියුණු සමාජ ලක්ෂණයන් ලෙස ය.

කෙසේ නමුත් වොෂින්ටන් සරසවියේ විද්‍යා පීඨයේ අධ්‍යක්ෂවරිය, සිය මහාචාර්යවරයාගේ ලිපියට හැරෙන තැපෑලෙන් කදිම පිළිතුරක් ලබාදුන්නේය. ඔහු ඊ මේල් පණිවුඩයක් රචකයා වෙත යවමින් පැවසුවේ, ‘ලිපියේ සඳහන් නිගමනය සමග තමන් දැඩි සේ එකඟ නොවන බව“ ය.

‍වොෂින්ටන් සරසවියේ ‘එන්ට්‍රි ලෙවල් කෝඩින්‘ විෂය ඉගැන්වීම සම්බන්ධයෙන් ජනප්‍රියත්වයක් උසුළන මෙම මහාචාර්යවරයාගේ නම Stuart Reges ස්‍ටුරට් රෙජෙස් ය. සීමිත දත්ත නියැදියක් භාවිතයෙන් ඔහු එළඹුණු සාහසික නිගමනය පිළිබඳ ලෝකයේ පුවත් ශීර්ෂපාඨ මැවීමත් සමග මිනිසුන් ඔහුගෙන් ඇසූ ප්‍රශ්නවලින් ප්‍රධානතම ප්‍රශ්නයක් පහත දැක්වේ.

‘‘ඇයි, ගැහැණුන්ගේ කේත (කෝඩ්ස්) ඔබට තවම හසුවී නැතිද?“

ස්ටුරට් රෙජෙස් Why Women Don’t Code යන කෘතියේ ද ලේඛකයා ය.

2004 වර්ෂයේ පටන් වොෂින්ටන් සරසවියේ පරිගණක විද්‍යාව උගැන්වීමේ යෙදී සිටින මෙම මහාචාර්යවරයා sexist/traditionalist හෙවත් ලිංග භේදය දැඩිව සලකන්නෙක් හෝ ගතානුගතික අදහස්වල එල්බගෙන සිටින්නෙක් ලෙස ප්‍රකට ය.


රුසියාවේ පාසලක වෙඩිතැබීමකින් 13දෙනෙකු මිය ගොස් 21 දෙනෙකු තුවාල ලබයි.

ඉතාලිය බෙනීටෝ මුසෝලිනිගෙන් පසු ජෝර්ජියා මෙලෝනිට

හිජාබයෙන් අවධි වුණු ඉරාණයේ රණ හඬ

ඉතාලියෙන් හමා එන ෆැසිස්ට්වාදයේ නව සුළඟ ජෝර්ජියා මෙලෝනි

කාන්තාවකට තම සිරුරේ අයිතිය අහිමි කිරීමට බැහැලම වැඩකරන ඇරිසෝනා!

උතුරු කොරියාව රුසියාවට ආයුධ සැපයීම පිළිබඳ චෝදනාවන් ප්‍රතික්‍ෂප කරයි

රුසියානු යුධවිරෝධතාකරුවන් අත්අඩංගුවට

රුසියානු හමුදා අත්අඩංගුවේ පසු වූ ශ්‍රී ලාංකිකයන් පිරිසක් නිදහස් කෙරේ.

2 comments on “ගැහැණු සහ පිරිමි වෙනස් බව කියූ මහාචාර්යවරයාට වැඩ වරදියි.”

  • Gihan Perera says:

    ලොව ප්‍රථම පරිගණක ක්‍රමලේඛය සකසන්නේද කාන්තාවකි. ඇඩා ඕගස්ටා ලව්ලස් . චාල්ස් බැබේජ්ගේ Analytical Engine මුල් යුගයේ පරිගණක යන්ත්‍රය සඳහා ඇඩා විසින් ක්‍රමලේඛ සකසා ඇත.

error: Content is protected !!
error: Content is protected !!