×

විනාඩි 49 කින් රියැදුරු බලපත්‍රය අහිමි කර ගත් තරුණයා

ජර්මනියේ තරුණයෙක් රියැදුරු බලපත්‍රය ලබාගෙන විනාඩි 45කට පසු එය අහිමි කර ගත්තා.


මේ 18 හැවිරිදි තරුණයා රියැදුරු බලපත්‍රය ලබාගන්නා පරීක්ෂණයෙන් සමත් වී බොහොම සන්තෝසයෙන් නිවස කරා එමින් සිටියේය. German teenager 

අතරමගදී ඔහුගේ මෝටර් රථය හෙමර් නගරයේදී නතර කර පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂා කරනු ලැබීය.

එවිට හෙළි වූයේ එම කලාපය තුළ පවත්වාගත යුතු අවම වේගය වන පැයට කිලෝමීටර 95 මෙන් දෙගුණයක වේගයෙන් ඔහු විසින් මෝටර් රථය පදවා ඇති බවයි.

ඔහු සමග මිතුරන් සිව් දෙනෙකු ද මෝටර් රිය තුළ සිටියහ.

පොලිසිය පවසන්නේ මේ තරුණයා තමන්ගේ මිතුරන්ට රිය පැදවීමේ දස්කම් ප්‍රදර්ශනය කරන්නට ඇති බවයි.

කෙසේ නමුත් අවසානයේ වැඩේ වැරදුණේය.

ඔහුගේ රියැදුරු බලපත්‍රය, එය ලබාගැනීමෙන් විනාඩි 49කට පසුව අවලංගු කෙරුණේය.

යූරෝ 200 ක දඩයකට ඔහුව යටතේ කෙරිණි.

එපමණක් ද නොවේ. ආධුනික රියැදුරෙකු වශයෙන් ඔහුට හිමිව තිබූ වසර 2 ක කාල සීමාව වසර 4 ක් දක්වා දීර්ඝ කිරීම ද සිදුවිය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි