×

දෙවියනි, මෙහෙමත් ගවයෙක්!

ඔහු අයත් වන්නේ ලෝකයේ වැඩිපුරම ඉස්තරම් කිරි ලබාදෙන හොල්ස්ටයින් ෆීසියන් (Holstein-Friesian) වර්ගයටයි.


ඔහුගේ නම ‘නිකර්ස්‘ (“Knickers”). නිල නොවන වාර්තාවලට අනුව ඔහු තමයි, ඔස්ට්‍රේලියාවේ විශාලතම ගවයා.

සාමාන්‍යෙයන් ගවයන් වැනි ගොවිපොළ සතුන්ගේ උස විදිහට සලකන්නේ උරහිස දක්වා ඇති උසයි. මේ අනුව, වයස අවුරුදු 7 ක් වන නිකර්ස්ගේ උස අඟල් 76 ක්. ඒ කියන්නේ අඩි 6.3 ක්. ඒ කියන්නේ සාමාන්‍ය මිනිසෙකුටත් වඩා උසයි. සුපිරි ක්‍රීඩක මයිකල් ජෝර්ඩන්ටත් වඩා උසයි!. ඔහුගේ බර ටොන් 1.4 ක්. ඒ කියන්නේ රාත්තල් 3,086 ක්.

ඒ නිසා ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරට නුදුරු මයිලැප් ගොවිපොළේ අනෙකුත් සතුන් අතර සිටින විට ඔහු දිස්වන්නේ ‘යෝධයෙක්‘ විදිහටයි.

සාමාන්‍යයෙන් ෆ්‍රීසියන් වර්ගයේ එළදෙනක් අඟල් 58 ක් පමණ උස යනවා. බර රාත්තල් 1500 ක් පමණ වනවා. ෆ්‍රීසියන් වර්ගයේ ගවයෙක් අඩි 6 ක් පමණ උස යනවා. බර රාත්තල් 2200 ක් විතර වෙනවා. ඒක තමයි, සාමාන්‍ය තත්වය. නමුත් නිකර්ස් මේ තත්වයන් දෙකම පැරැද්දවූ අයෙක්. මේ දැවැන්ත කම නිසාම, ඔහුව කවදාවත් මස් මඩුවට දක්කන්නේ නැති බවත් ඔහුගේ හිමිකරු කියනවා.

මූලාශ්‍රය _ CNN



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි