×

ජොවානි බැටිස්ටා බුගාටි හෙවත් රෝමානු මහා අළුගෝසුවා ගේ රක්ත ලෝගුව සහ මරු කැද වූ පොරෝ තලය! (1796 – 1864)

මිතුරනි, ඒ තෙක් විනිශ්චය නොකරන්න!!


1779 හි දී උපත ලැබූ ජොවානි බැටිස්ටා, රෝම ඉතිහාසය තුළ අති දීර්ඝතම කාලයක් අළුගෝසු තනතුර දැරූ තනි පුද්ගලයා වන අතර අවුරුදු 68ක් සහ දින 148ක් වූ ඔහුගේ ධූර කාලය තුළ වැරදිකරුවන් හෝ වැරදිකරුවන්ය කියා නියම වූ ජීවිත 516ක දිවි තොර කරලන්නට රැකියාව ඔහුට නියම කර තිබිණි!

නියම කළ පරිද්දෙන්, පොරෝ ගෑමෙන් එල්ලා මැරීමෙන් හෝ විශේෂිත අවස්ථාවන් හී කුළු ගෙඩි පහරින් හිස්කබල පුපුරවා හැරීමෙන් සැමවිට ක්ෂණික මරණයක් කැන්දා, වෘත්තීමය සාධාරණයක් ඉටුකල මෙම ඉතිහාසගත ගහලයා ගිලටීනය ප්‍රංශයෙන් ආනයනය වූ සැණින් ඉන් අත්කල හැකි ඉක්මන් මරණය දැක එය හැසිරවීමට වහා සංක්‍රමණය විය.

මරණ දඩුවම ක්‍රියාත්මක නොවුන, ඔහු ලද නිවාඩු දිනයන් හී චිත්‍ර අදිමින් විවේකීව කාලය ගතකල හේ ඉතා ප්‍රියමනාප ලෙස හැද පැලදීමට ප්‍රිය කල නිසාම කා අතරත් Mastro Titto (මනරම් ව සැරසෙන්නා) ලෙසින් ප්‍රකටව හුන් අතර කාටත් හිතැති හේ කුළුපග මිතුරෙකු විය.

චාල්ස් ඩිකන්ස් වර්ෂ 1846 හි රචනා කල ‘Pictures from Italy’ කෘතියෙහි ජොවානි පිළිබදවත් ඔහුගේ එක් සුවිසෙස් මරු කැදවීමක කතාන්දරයක් පිළිබදවත් මනාව විස්තර වන අතර ඉඩ ලද විටෙක එය සොයා කියවන මෙන් මම ඔබෙන් ඉල්ලා හිදිමි.

වසර 68 ක් සිය රාජකාරිය අකුරටම ඉටුකල මෙම අපූර්ව මිනිසා වයස අවුරුදු 85 හි දී අති උත්තම පාප් වහන්සේ විසින් විශ්‍රාම ගැන්වුනු අතර මසකට ස්කූඩි 30ක විශ්‍රාම වැටුපක් ලබමින් දරුමල්ලන් නොවූ ගෙපලත ගහලයා තනිවිය. තවත් පස් වසරක් චිත්‍රකර්මයෙහි ජීවිත විරාමය සෙවූ ජොවානි අනුවසක් ආයූ වළදා සුවබර නිද්‍රාවකදී අභාවප්‍රාප්ත විය.

පින්තූරය දුටු පමණ සිත් උපන් චේතනා, නිවුනු ඔහු දිවි කියවා, මදක් තුනී වී ගිය බවක් දැනී ද?

දුටු ප්‍රථම බැල්මෙන් චිත්ත විනිශ්චයකට අප නොපැමිණ කල්මැරිය යුත්තේ එහෙයිනැ යි මම කියමි! මන්ද පොත්තෙන් සැගවුනු ඇත්ත, සත්තකින් ඇත්ත දැයි දකින්නට නම් පොත්ත මත්තෙහි හිද ඒ කල නොහැකි බැවිණි. ඒ සදහා හෘද ගුහා සාරා, ගිළුනු දෑ ගොඩ දා ඇත්ත මේ යැයි කියා දැක ගත යුතුය.

මිතුරනි, ඒ තෙක් විනිශ්චය නොකරන්න!!

ඓතිහාසික ජායාරූප නොසැලෙයි පිටුවෙනි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි