×

තලේබාන් ධජය යට පන්තිකාමරයට යළි පියමැනීමට අරගල කරන ඇෆ්ගන් දැරිවියන්..

ඇෆ්ගනිස්ථානය තලේබාන් පාලනයට නතුවීමත් සමඟ එරට පැවති බටහිර නැඹුරු සමාජ ක්‍රමය මුළුමනින්ම උඩුයටිකුරු කරමින් වෙනමම රාජ්‍ය යාන්ත්‍රණයක භූමියක් බවට පත්විය.


මේ සමඟ මානව හිමිකම් සංවාදයේ උණුසුම්ම පුවත්මවන්නකු බවට පත්වූයේ ඇෆ්ගනිස්ථානයයි.

විවිධ ආන්තික ප්‍රජාවන්ට අමතරව තලේබාන් පාලනයේ ප්‍රභල වින්දිතයකු බවට පත්වූ පාර්ශවයක් වන්නේ එරට කාන්තා පාර්ශවයයි.

තලේබාන් අණසකට යටත්වීමත් සමඟ ජීවිතයේ බොහෝ පැතිකඩයන් අතින් විවිධ මට්ටමින් තහංචි වලට නතුවූ කාන්තා පාර්ශවය අතර විශේෂයෙන්ම ගැහැණු ළමුන් ඔවුන්ගේ කඩා වැටුණු අධ්‍යාපනය යළි නඟා සිටුවීමට අරගල කරන අයුරු පිළිබඳව මේ දිනවල බොහෝ කතාබහට ලක්ව තිබේ.

පහත දැක්වෙන්නේ ඇෆ්ගනිස්ථානයේ ගැහැණු ළමුන් හා කාන්තාවන් තමාට අහිමි වූ පන්ති කාමරය වෙත යළි පියමැනීමට කරන අරගලය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා වලට මුදා හැරුණු ඡායාරූප සමූහයකි.

මෙම ඡායාරූප සමූහය ද ගාඩියන් පුවත්පත විසින් එකතු කොට මාධ්‍ය වෙත මුදා ඇති අතර, අප මෙම ඡායාරූප ලබාගන්නේ ද ගාඩියන් වෙබ්අඩවියෙනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි