×

Googleගෙන් Self Charging Remote එකක්

මෙය ලොව පළමු Self Charging Remote එක නොවන අතර මීට පෙර Samsung සමාගම විසින් ඔවුන්ගේ Self Charging Remote එකක් හදුන්වා දී තිබේ.


එදිනෙදා භාවිත වන සෑම Remote එකකම තිබෙන ප්‍රධානතම ගැටලුව ලෙස ඒවාගේ Battery ක්ෂය වු විට නැවත Battery Replace කිරීමට සිදු විම දැක්විය හැකියි.

සමහර අවස්ථාවලදී අමතර Battery අප සතුව නොමැති විම නිසා මෙය ඉතාම ගැටලුකාරී තත්වයක් වේ. ‍‍

කෙසේ වෙතත් මෙලෙස Remote සදහා නැවත් නැවත Battery Replace කිරිමට සිදු විමේ ගැටලුව මග හරවමින් Google සමාගම විසින් ඔවුන්ගේ Google TV සදහා Self Charging Battery එකක් සහිත Remote එකක් හදුන්වා දී තිබේ.

මෙම නව Google TV Remote එක ඔවුන්ගේ සාමාන්‍ය Battery යොදා භාවිත කරන TV Remote එකේ Button Layout එකෙන්ම යුතු වන අතර මෙහි Self Power Battery එක සදහා යම් කොටස් වෙනස් කර තිබේ.

ඒ ආලෝකය මගින් Battery Recharge විමට ඉඩ ලබා දෙන Photovoltaic Panel එක සහිත කොටසයි. මෙම Photovoltaic Panel එක Google සමාගම විසින් Solar Cell Manufacturing සමාගමක් වන Exeger සමග එකතුව නිෂ්පාදනය කර තිබේ.

මෙය ලොව පළමු Self Charging Remote එක නොවන අතර මීට පෙර Samsung සමාගම විසින් ඔවුන්ගේ Self Charging Remote එකක් හදුන්වා දී තිබේ. නමුත් මෙය Google සමාගමේ ප්‍රථම Self Charging Remote එක ලෙස හදුන්වා දිය හැ​කී.

SOURCE: 9to5google



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි