×

මේ ගෙවෙන්නේ අන්තර්ජාල නිදහසට වඩාත් තර්ජන එල්ල වන යුගයකි – ගූගල් ප්‍රධානී සුන්දර් පිචායි

.


ලෝකයේ රාජ්‍යයන් ගණනාවක නිදහස් හා විවෘත අන්තර්ජාල භාවිතය තර්ජනයට ලක් වී ඇති බව ගූගල් හි විධායක ප්‍රධානී සුන්දර් පිචායී අනතුරු අගවයි. ඔහු පවසන්නේ ලෝකයේ බෙහෝ රටවල් අන්තර්ජාල භාවිතයට,තොරතුරු ගලනයට දමා ඇති අගුලු සහ නියම කර ඇති ආකෘතීන් හේතුවෙන් මෙය සිදු වී ඇති බවයි.

පසුගියදා බී බී සී මාධ්‍ය ජාලය සමග පැති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ පිළිබදව අනාවරණයන් කිහිපයක්ම සිදු කරන ලදී අන්තර්ජාල භාවිතය සම්බන්ධව පවතින බදු ප්‍රතිපත්තීන්, පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය සම්බන්ධ තර්ජනයන් සහ දත්ත පිළිබදව ඔහු මෙහිදී සිය අදහස් දක්වා තිබිණි.

කෘතිම බුද්ධිය ගින්න, විදුලිය හෝ අන්තර්ජාලය යන මේ සියල්ලටම වඩා විචක්ෂණශීලී මෙන්ම සාකච්ඡාවට බදුන් විය යුත්තක් බව ඔහු තර්ක කරයි.

 

සුන්දර් පිචායි ගූගල් සහ එහි මව් සමාගම වන ඇල්ෆාබෙට් හි ප්‍රධානියා වේ කෘතිම බුද්ධි පුරෝගාමීන් වන Waze, FitBit සහ DeepMind වැනි විවිධාකාර සමාගම් සහ නිෂ්පාදනවල පුධානියා වන ඔහු . ගූගල් හි පමණක් ජීමේල්, ගූගල් ක්‍රෝම්, ගූගල් මැප්, ගූගල් අර්ත්, ගූගල් ඩොක්ස්, ගූගල් පොටෝස්, ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සහ තවත් බොහෝ සේවාවන් අධික්ෂණය කරයි. ඔහු පවසන පරිදි පිචායිට අනුව, ඉදිරි ශතවර්ෂයේ පළමු කාර්තුව තුළ අන්තර්ජාලය මෙන්ම තවත් වර්ධනයන් දෙකක් ලෝකය තුළ තවදුරටත් විප්ලවීය වෙනසක් කරනු ඇත එන්ම් කෘතිම බුද්ධිය සහ ක්වොන්ටම් පරිගණනය යන නිර්මාණයන්ය.

”මෙතෙක් මිනිසා විසින් වර්ධනය කරනු ලැබූ මෙන්ම ක්‍රියාකරවන වඩාත්ම ගැඹුරු සහ විචක්ෂණශීලී තාක්ෂණයන් ලෙස ඒවා නම් කරන්න මම කැමතියි.

ඔහු පවසයි. “ඔබ දන්නවා, ඔබ ගින්න හෝ විදුලිය ගැන හෝ අන්තර්ජාලය ගැන සිතන දෙයි , එය එසේ නමුත් මම හිතන්නේ කෘතිම බුද්ධිය ඊටත් වඩා ගැඹුරු ය.”
පිචායි පවසන පරිදි ගූගල් ඇතුලු අන්තර්ජාලය ඇතුලු සමාගම් රැසකට ඇති අභියෝගය වන්නේද විවිධ බදු ප්‍රතිපත්ති වලට යටත් වීම හා ඒ සදහා අති විශාල මුදලක් වැය කිරීමට සිදු වීමය ඔහුට අනුව එය තම සේවාව සැපයීම කෙරෙහි පරිශීලකයන් වෙත විවිධ සීඹාවන් පැනවෙනු ඇත.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි