×

ගූගල් ටොරොන්ටෝ හි “smart city” ව්‍යාපෘති සැලසුම් අත්හිටුවයි!

නමුත් මේ සිදුවී ඇති ආර්ථික අවිනිශ්චිතතාවය හමුවේ අපට තවදුරටත් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් අදහස්, ශ්‍රමය හා ධනය වැයකිරීමට අපහසු තත්වයක් උද්ගතවී ඇත.


කොවිඩ් -19 වසංගතය හේතුවෙන් ඇති වන සංකූලතා උපුටා දක්වමින් ගූගල්හි සහෝදර සමාගමක් වන සයිඩ්වෝක් ලැබ්ස් කැනඩාවේ ස්මාර්ට් නගරයක් ඉදිකිරීමට තිබූ සැලසුම අත්හිටුවා තිබේ.

“අන්තර්ජාලයේ සිට ඉහළට” යන්න තේමා කරගත් ලොව ප්‍රථම ඩිජිටල් නගරය ටොරොන්ටෝවේ ඉදිකිරීමට සැලසුම් සකස් කර තිබුණේ වසර ගණනාවක සිටය. නමුත් ප්‍රධාන විධායක ඩෑන් ඩොක්ටෝරොෆ්, කොරෝනා වසංගතය හේතුවෙන් පෙර නොවූ විරූ ආර්ථික අවිනිශ්චිතතාවයකට ගොදුරුවීම හේතුවෙන් මෙම සැලැස්ම අත්හැර දැමීමට සිදුවි ඇති බව ප්‍රකාශ කළේය.

ඩොක්ටෝරොෆ් බ්ලොග් සටහනක මෙසේ සඳහන් කර ඇත “පසුගිය වසර දෙකහමාරක කාලය තුළ අප විසින් වර්ධනය කර ඇති අදහස්, නාගරික ගැටලු විසඳීමේ කාර්යයට අර්ථවත් දායකත්වයක් සපයනු ඇතැයි මම විශ්වාස කරමි. අපගේ දර්ශනයෙන් කොටසක් වූයේ ස්වයංක්‍රීය මෝටර් රථවල සිට කුණු එකතු කිරීමේ නව්‍ය ක්‍රම දක්වා තාක්‍ෂණයෙන් පිරි නගරයක් නිර්මාණය සහ වාතයේ ගුණාත්මකභාවය සහ මිනිසුන්ගේ චලනයන් පිළිබඳ දත්ත රැස් කරන සංවේදක සිය ගණනක් නගරය වටා ස්ථානගත කරමින් එම තත්ව තිරසාරවත්ව හා ඵලදායීව පාලනය කර ගනිමින් ඉදිරියට යාමයි.

එහි සංවේදක වලින් එකතු කරන සියලුම දත්ත පොදු වත්කමක් බවට පත්වේ. රොබෝ ගෘහ භාණ්ඩවල සිට ඩිජිටල් විදුලිය දක්වා සෑම දෙයක්ම ක්‍රියාත්මක කිරීම දක්වා තාක්ෂණය උපයෝගී කර ගන්නා ක්‍රම භාවිතා කිරීමට අප අදහස් කරගෙන් සිටියෙමු.

නමුත් මේ සිදුවී ඇති ආර්ථික අවිනිශ්චිතතාවය හමුවේ අපට තවදුරටත් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් අදහස්, ශ්‍රමය හා ධනය වැයකිරීමට අපහසු තත්වයක් උද්ගතවී ඇත.”



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි