×

Huawei පරිශීලකයන්ට Google අහිමි වෙයි.

මෙතෙක් Huawei දුරකථන භාවිත කළ පරිශීලකයන් හට සිය දුරකථන තුළ ගූගල් ඇප් එක භාවිත කළ හැකි අතර දැනට යාවත්කාලීන ක්‍රියාවලිය සිදු කිරීමටද හැකිවේ.



Huawei සමාගම විසින් හදුන්වා දුන් නවතම ස්මාර්ට් ජංගම දුරකථන ඔස්සේ ගූගල් වෙත පිවිසීමේ පහසුකම් ගුගූගල් සමාගම වෙත අත් හිටුවා ඇත.

ගූගල් සමාගම විසින් මෙම තීරණයට එළැඹෙන්නේ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගන්නා ලද තීරණයකට අනුව ඇමරිකාව තුළ සමාගම් කිහිපයකට බලපත්‍ර නොමැතිව කටයුතු කිරීමේ හැකියාව අත් හිටුවීමත් සමගිනි.
ගූගල් සමාගම විසින් මෙසේ හුවාවි දුරකථන සදහා ගූගල් පහසුකම ලබා දීම ප්‍රතික්ෂේප කිරීම පිළබදව පවසන්නේ එම තීරණය ”විධානයක් ඉටු කිරීම සහ අදහස් නිරක්ෂණයේ ඵලයක් බවයි.

Huawei භාවිත කරන්නන්ට එමගින් ඇති වන බලපෑම
මෙතෙක් Huawei දුරකථන භාවිත කළ පරිශීලකයන් හට සිය දුරකථන තුළ ගූගල් ඇප් එක භාවිත කළ හැකි අතර දැනට යාවත්කාලීන ක්‍රියාවලිය සිදු කිරීමටද හැකිවේ.
නමුත් ගූගල් සමාගම විසින් ඉදිරියේදී හුදුන්වා දීමට නියමිත ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සදහා ඉදිරිපත් කරන යාවත්කාලීන කිරීම් සිදු කිරීමට Huawei දුරනකථන සහ අනෙකුත් සන්නිවේදන උපකරන භාවිත කරන්නන්ට නොහැකි වනු ඇත.
ඒ අනුව අනාගතයේදී විශේෂයෙන්ම YouTube සහ Maps ආදිය භාවිත කිරීමේ හැකියාව නොලැබේ.
මේ පිළිබදව ගූගල් සමාගම විසින් ප්‍රකාශයක් නිකුත් කරමින් පවසන්නේ තමන් ට්‍රම්ප් රජය විසින් ගත් තීරණයත් සමග මෙවැනි ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් සිටි බවයි. බටහිර රටවල්හී ඉතා සීග්‍රයෙන් දියුණු වෙමින් පැවති දුරකථන සමාගමක් වන Huawei ලොව විශාලතම සන්නිවේදන උපකරන නිපදවන්නාද වෙයි.

නමුත් Huawei සමාගමට එරෙහිව පසුගිය සමය තුළ එල්ල වී චෝදනාව වූයේ එය අනෙක් රටවල කිහිපයක තොරතුරු අවේක්ෂනය (surveillance) කිරීම හෙවත් රහසිගතව තොරතුරු සෙවීම සිදු කළ බවයි.

ඒ හේතුවෙන්ම ලෝකයේ ඇතැමි රටවල් සිය රටවල පුද්ගලික සන්නිවේදන සමාගම් Huawei සන්නිවේදන උපකරණ භාවිතයට වාරණ පනවා ඇත. කෙසේ වෙතත් මේ වන විට Huawei සමාගම මෙම අර්බුදයෙන් මිදීමට තම ආයතනය විසින්ම ඇප් සහ මෘදුකාං නිර්මාණය කරමින් සිටී,



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි