×

බඳින්නෙ කවදද ඇහුවොත් මරණය!

අනවශ්‍ය ප්‍රශ්න අසන අය දැන්වත් පාඩමක් ඉගෙන ගනීවි!


28 හැවිරිදි ෆායිස් නූර්ඩීන් නම් ඉන්දුනීසියානු ජාතික තරුණයා පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුයේ 32 හැවිරිදි ගැබිණි මවක ඝාතනය කිරීම හේතුවෙනි. මෙම ඝාතනය සිදු කිරීමට හේතුව ලෙස ඔහු ප්‍රකාශ කර සිටියේ ඇය විසින් දිනපතාම, ඔහුව දකින සෑම අවස්ථාවකම ඔහු “විවාහ වන්නේ කවදාද?”යැයි ඇසීම නිසා බවයි.

තමන් හමුවන සෑම විටම මෙම ප්‍රශ්නය නැඟීම නිසා අයිසියා නැමැති මෙම කාන්තාව සමග උරණ වූ මෙම තරුණයා ඇයගේ ප්‍රශ්න කිරීමෙන් මිදෙන්නටනම් ඇයව ඝාතනය කළ යුතු යැයි තීරණය කොට ඇත.

ඒ අනුව ඈ ජීවත් වූ නිවසට ගොස් ඈව ඝාතනයට ලක් කළ ඔහු තමන් ජීවත් වූ ප්‍රදේශයෙන් පලා යමින් සිටියදී ඉන්දුනීසියානු පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

අද වන විට බෙහෝ අවිවාහක තරුණ තරුණියන් අන් අයගේ මෙවැනි ප්‍රශ්න නිසා විවිධ අයුරින් පීඩනයට පත්වෙමින් සිටින අතර විටෙක එවැනි ප්‍රශ්න නැගීම නිසා සිත්තැවුල් උත්සන්න වී සියදිවි හානි කර ගැනීම් ගැන ද අසන්නට ලැබේ. “

අධිකරණයේදී ඔහු වරදකරු වුවහොත් ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඩුවමකට යටත්වීමට සිදු වනු ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඔහුගේ මෙම හේතුව නිසාම මෙම ඝාතනය පිළිබඳව මේ වන විට ලෝකයේ බොහෝමයක් දෙනා කථා කරන්නට පටන් ගෙන ඇති අතර එහි තිබෙන සමාජ විද්‍යාත්මක සහ මනෝ විද්‍යාත්මක කාරණ සම්බන්ධයෙන් ද අවධානය යොමු වී ඇත.

අද වන විට බෙහෝ අවිවාහක තරුණ තරුණියන් අන් අයගේ මෙවැනි ප්‍රශ්න නිසා විවිධ අයුරින් පීඩනයට පත්වෙමින් සිටින අතර විටෙක එවැනි ප්‍රශ්න නැගීම නිසා සිත්තැවුල් උත්සන්න වී සියදිවි හානි කර ගැනීම් ගැන ද අසන්නට ලැබේ. එනිසා බොහෝ අය පෙන්වා දෙන්නේ මෙම ගැටළුවට සම්බන්ධ සමාජ ආකල්ප හා ප්‍රතික්‍රියාවන් පිළිබඳ නැවත නැවතත් සිතා බැලිය යුතු බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි