×

කෙල්ලන් මෙන් ලස්සන වෙන්නට දඟලන දකුණු කොරියානු තරුණයන්ගේ ‘බියුටි විප්ලවය‘

දකුණු කොරියානු පිරිමි පාර්ශවය විසින් ලෝකයේ රූපලාවන්‍ය විප්ලවයක් සිදු කර ඇතැයි බීබීසී පුවත්සේවය සඳහන් කරයි.


ස්කින් කෙයා හෙවත් සම ලස්සනට තබාගැනීම සඳහා ලෝකයේ වැඩිම මුදලක් වැය කරමින් සිටින්නේ දකුණු කොරියානු පිරිමින් ය. කේ පොප් යන කෙටිනමින් හඳුන්වන කොරියානු පොප් සංගීතයේ ජනප්‍රිය තරු මෙන්ම දකුණු කොරියානු ටෙලි නාට්‍ය නළුවන්ගේ ද රූපවලට සමාන රූපයක් ලබාගැනීම සඳහා දකුණු කොරියානු තරුණයන් දැන් උනන්දු වන්නේ උමතුවෙන් මෙනි.

තොල් ආලේපන, නිය ආලේපන, ලිප් බාම්, ෆේෂල් පැක් යනාදි නොකඩවා පාවිච්චි කරන ඔවුන් වෙනුවෙන්ම මේ වන විට බියුටි සැලූන් ද දොරින් දොර බිහි වී තිබේ. අන්තර්ජාලය හරහා, යූ ටියුබ් වෙබ් අඩවිය හරහා රූපලාවන්‍ය පාඩම් වීඩියෝ මාර්ගික ව කියා දීම ඇතැම් දකුණු කොරියානු තරුණයෙකුගේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට ද මේ වන විට පත් ව තිබෙන්නේ ඒවාට ඇති අධික ඉල්ලුම නිසා ය. මේ අන්දමට ඔවුන් බොහෝ දෙනෙක් ‘ යූ ටියුබර්ස්ලා“ හෙවත් යූ ටියුබ් හරහා මුදල් උපන්නන් බවට ද පත් ව සිටිති.

මේ තරුණයන්ට තරුණියන් වෙතින් ද තිබෙන්නේ අති මහත් ආකර්ෂණයකි.

මෙම තරුණයන්ගේ රූප ලාවන්‍ය විලාසිතා දෙස බලන විට පැහැදිලිව පෙනී යන්නේ ඒවායින් ඔවුන්ට ලැබෙන්නේ ලෝකය විසින් සාමාන්‍යෙයන් ‘ගැහැනු පෙනුම‘ යනුවෙන් හඳුන්වන රූපාලංකාරයක් බවයි. ඔවුන් බොහෝ විට බෝනික්කන් බඳු ය. නමුත් මේ වන විට එය රට තුළ පමණක් නොව, ආසියානු මහද්වීපය පුරා ද රැල්ලක් මෙන් පැතිරී යමින් තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි