×

වැලිකතර කැළඹූ ‘ඔටු රූපසුන්දරියෝ

අබ්දුල්ලා රජුගේ ඔටු සැණකෙළියේ ඇතුළත කතාව


ලස්සන ඔටුවෝ තෝරන එක රූප සුන්දරියෝ තෝරන එක තරම් අමාරු වැඩක් නොවෙයි කියලා හිතුවට ඇත්තෙන්ම ඒක අමාරු කර්තව්‍යයක් කියලා හිතන්නට වෙන ප්‍රවෘත්තියක් සවුදි අරාබියෙන් අහන්නට ලැබෙනවා

ඔටුවා කියල කිවුවම අපට මතක් වෙන දේවල් ගොඩක් වුණත්, ඒ අතරේ සවුදි ආරාබිය වගේම කාන්තාරයත් මතක් වෙනවා.. සවුදි ආරබිය ඇතුළු මැද පෙරදිග රටවල් විශේෂයෙන්ම ඔටුවගෙන් වැඩ ගන්න පටන් ගත්තේ අද ඊයෙක නෙවෙයි.. කාන්තාරයේ නෞකාව වන නිසාම බර අදින්නත් කාන්තාරයේ ගමන් කරන්නත් වගේම සමහර අරාබි රටවල ආරක්ෂක සේනාංකයන් අතරේ ඔටු සේනාවක්ද සිටිනවා.. ඒත් අන්තිමට ඔටු මස් කෑමටත් මේ අය ප්‍රිය කරනවා

ඒ ඔක්කොමත් එක්ක ඔටුවන් ගැන සවුදි අරාබියෙන් ඇසෙන වෙනස් ප්‍රවෘත්තියක් තමයි, ඔටු රේස් නෙවෙයි… ‘‘ලස්සනම ඔටුවා‘‘ තේරීමේ ‘‘ඔටු රූප සුන්දරී තරඟය“.

ඉතින් ලස්සනම ඔටුවා වෙන්න සම්පූර්ණ කරන්න වෙන අවශ්‍යතා එමටයි.. අපේ රූප සුන්දරියන් තොරද්දි වගේම ශරීරයේ හැඩය, වර්ණය, ගමන් කරන විලාසය ගැන විතරක් නොවෙයි ඔටුවාගේ මොල්ලිය පිහිටල තියෙන්නේ කොතැනද .. උඩු තොල.. යටිතොල..හොම්බ..ආදී වගතුග, හැඩරුව ඔක්කොම සොයා බලනවා…

මේ ඔටු තරඟය සෑම වසරකම පැවැත් වුණත් මෙවර සිදු වුණ අකරතැබ්බයක් නිසා මේ ගැන පොඩි පොඩි කසු කුසු මුළු ලෝකයේම මාධ්‍ය ජාලා තුළ ලොකුවටම කථා කෙරුණා.

” අපේ රූප සුන්දරියන් තොරද්දි වගේම ශරීරයේ හැඩය, වර්ණය, ගමන් කරන විලාසය ගැන විතරක් නොවෙයි ඔටුවාගේ මොල්ලිය පිහිටල තියෙන්නේ කොතැනද .. උඩු තොල.. යටිතොල..හොම්බ..ආදී වගතුග, හැඩරුව ඔක්කොම සොයා බලනවා… “

අපේ කාන්තාවන් සුන්දර රූ සපුවක් තියා ගන්න විවිධ එන්නත් භාවිතා කරනවා වගේ ඔටුවන්ගේ සුන්දරත්වය වැඩි කරන්න සමහර ඔටු අයිතිකාරයෝ අහිංසක ඔටු දෙනුන්ට එන්නත් ලබා දීම නිසා ඔවුන්ට තරගයෙන් ඉවත් වන්නට සිදු වී තිබෙනවා.. මේ එන්නත් භාවිතා කර තිබෙන්නේ ඔටුවන්ගේ උඩු තොල , යටි තොල හා හොම්බ ලස්සන කිරීමටයි.. මේ ගැන අදහස් දැක්වූ රාජ්‍ය සත්ව පාලකයා ප්‍රකාශ කළේ ඔටුවන්ගේ හිස වෙත මේ නිසා පුදුම විදියට ආකර්ෂණයක් ඇති ව බවයි..

පසුගිය දා පැවති මේ තරඟය ආරම්භ වීමත් සමග සමහර සවුදි අරාබි මාධ්‍ය ප්‍රකාශ කර සිටියේ එන්නත් යොදා ගැනීමට අමතරව ඔටුවන් ලස්සන කිරීමට සමහර ඔටු අයිතිකාරයන් ඔටුවන්ගේ කන් කපා එවායේ ප්‍රමාණයද අඩු කර ඔටුවන් ලස්සන කරන්නට මහන්සි වී ඇති බවයි.. මේ බොරු කාරයන් සියල්ලන්ටම දඩුවම් ලැබෙන බවත් එහිදී ප්‍රකාශ කෙරුණා.

මෙම ‘කිංග් අබ්දුල්ලාසීස් කැමල් ෆෙස්ටිවල්‘ නමින් හදුන්වන ඔටු රූප සුන්දර තරඟයට සෑම වසරකදීම ඔටුවන් 30000ක් පමණ සහභාගි වනවා.. ගල්ෆ් කලාපයේ සංවිධානය වන විශාලම සංදර්ශනය මේ ඔටු රූපසුන්දරී තරඟය බවයි කියැවෙන්නේ…රියාද් නුවර සිට කිලෝමීටර් 120ක් දුරින් ඇති අල් ධනා නැමති ප්‍රදේශයේදී මෙය වාර්ෂිකව පැවැත්වෙනවා.

මෙම තරඟයේදී ජයග්‍රහකයන්ට ලැබෙන ත්‍යාග මුදල්වල ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 57ක් වන අතර උත්සව කටයුතු සංවිධානයට වියදම් වන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 31.8ක් .මේ සඳහා සහභාගී වන පිරිස 300000 පමණ වෙනවා.. ඒ මොනවා වුණත් මේ තෑගිවත් මුදල්වත් සතුටවත් මේ තරගයේ සැබෑ තරගකරුවන් වන ඔටුවන්ට නම් ලැබෙන්නේ නැහැ. උන්ට ලැබෙන්නේ වෙනදට වඩා කන්න ටිකක් විතරයි.

කෙහොම වුණත් කාන්තාවන් ට තමන්ගේ සුන්දරත්වය ලෝකෙටම හංගාගෙන ඉන්න සිද්ධවෙන මේ වගේ මැදපෙරදිග රටවල, අඩුම තරමේ දිනුව කියලා තමන්ට ඇති සෙතක් නැතත් මේ ඔටුවන්ටවත් රූප සුන්දරී තරගයකදී තමන්ගේ සුන්දරත්වය පෙන්නන්න ලැබිලා තියෙන අවස්ථාවක් විදිහට නම් මේ ගැන කතා කරන්න වටිනවා.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි