×

කැනඩා අගමැතිගේ ‘බොරු ඇහිබැම‘ කඩා වැටෙයි!

රියල් ගොසිප් එකක් මෙන් පෙනී ගිය බොරු ගොසිප් එකක සැඟවුණු කතාව


පුවත්පත් සාකච්ඡාවක් අතරවාරයේ, ලෝකයේ කඩවසම් ම රාජ්‍ය නායකයා විදිහට සැලකෙන කැනඩා අගමැති ජස්ටින් ටෘෘඩෝගේ වම් ඇහිබැම කඩා වැටෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ ජාල ඔස්සේ විදුලි වේගයෙන් සංසරණය වනවා. මේ රූපරාමු දකින හැම කෙනෙක්ම කියන්නේ ටෘෘඩෝ ව්‍යාජ ඇහිබැම පළඳින අයෙක් බවයි.

මේ ඕපාදූපය පැතිරෙන්නේ කැනඩාවේ ජී හත සමුළුව අවසන් වීමත් සමගයි. මෙවර ජී 7 සමුළුව කැනඩාවට අසීරු තත්වයක් උදා කළ එකක්. එයට හේතු වුණේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියා කලාපය. “very dishonest & weak.” යනුවෙන් ට්වීට් කරමින් ට්‍රම්ප් ටෘෘඩෝට මුල පටන්ම සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කරමින් සිටියා. මේ අතරේ ට්‍රම්ප්ගේ උපදේශකයෙකු වන පීටර් නවාරෝ ඊයේ (10) රූපවාහිනී වැඩසටහනකදී කිව්වේ, ඇමරිකාව විසින් පැනවූ වානේ බද්ද අාපස්සට ඇදීම නිසා කැනඩා අගමැතිට ‘අපායේ විශේෂ තැනක්‘ හිමිවනු ඇති බවයි!

සමාජ ජාලවල ටෘෘඩෝ ගේ ඇහිබැම ගැන අමුතුම කතාව පැතිරෙන්න පටන් ගත්තෙ මේ අතරවාරයේදියි. ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් සමග පැවැත්වූ සජීවී මාධ්‍ය සාකච්ඡාවකදී ටෘෘඩෝගේ වම් ඇහි බැම පහළට රූටන බව ට්විටර් හි පළ කෙරුණු එක්තරා ‘grainy වීඩියෝ‘වක දැක්වුණා.

සමහරු ට්වීට් කරමින් මෙහෙම ඇහුවා..‘‘ ට්‍රම්ප් මුණ ගැහුණ විතරයි, ජස්ටින්ගෙ වම් ඇහිබැම ගැළවුණා නේද? මේ දවස්වල බොරු ඇහිබැම පළඳින්නෙ නැත්තෙ කවුද?“

නමුත් ඒක බොරුවක්! තනිකරම බොරු ගොසිප් එකක්!

‍මේ ගැන හරියටම හොයාගන්න තිබුණෙ එකම එක ක්‍රමයයි. ඒ තමයි, ඔය කියන මාධ්‍ය සාකච්ඡාවෙම සම්පූර්ණ වීඩියෝව නරඹන එක. අන්න එහෙම කළාම සැබෑ තත්වය හෙළි වුණා. ඒ කියන්නෙ, මේ වෙලාවෙ ටෘෘඩෝගේ වම් ඇහිබැම ගැළවිලා පහළට එනව වගේ පේන්න වගකියන්න ඕනෙ දුර්වල ආලෝකකරණය. එමගින් ටෘෘඩෝගේ මුහුණේ වම් ඇහිබැමේ අනවශ්‍ය සෙවණැල්ලක් මවා තිබුණා.

The Daily Caller, Daily Wire, WorldNetDaily සහ බස් ෆීඩ් වගේ වගකිව යුතු මාධ්‍ය සමහරක් නම්, මේ සිද්ධියේ සහ මේ කටකතාවේ යම්කිසි අවුලක් තිබෙන බව මුල පටන්ම අනුමාන කළා.

නමුත් රෂියා ටුඩේ පුවත්සේවය, ‘‘ටෘෘඩෝ ජී 7 සමුළුවට ව්‍යාජ ඇහිබැම පැළඳුවාද?“ යනුවෙන් මාතෘකාවක් යොදමින් ඒ ගැන අහන්න ජනමත විමසීමක් පවා සිදුකර තිබුණා.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි