×

ට්‍රම්ප් පුතුගේ විවාහයත් දෙදරයි.

40 හැවිරිදි වැනීසා ට්‍රම්ප් මෙම තීරණය ගෙන ඇත්තේ දරුවන් 5 දෙනක් සමග ගෙවුන වසර 12ක විවාහ ජීවිතයකට තිත තබමිනි.


ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනපතිවරයාගේ වැඩිමහල් පුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර්ගේ විවාහය දෙදරා ගොස් ඇති බව විදෙස් පුවත් අද වාර්තා කළේය.

ඔහුගේ බිරිඳ වැනීසා හෙඩොන් ට්‍රම්ප් ඔහුගෙන් දික්කසාද වීමට අවශ්‍ය බව දන්වා නඩුවක් ගොනු කර ඇත.40 හැවිරිදි වැනීසා ට්‍රම්ප් මෙම තීරණය ගෙන ඇත්තේ දරුවන් 5 දෙනක් සමග ගෙවුන වසර 12ක විවාහ ජීවිතයකට තිත තබමිනි. ඒ සඳහා ට්‍රම්ප් ප්‍රතු විසින්ද සිය කැමැත්ත පලකර ඇති බව වාර්ථා වේ.

පියාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේදී රුසියාව සමග සමීප සම්බන්ධතා පැවති බවට ධවල මන්දිර උපදේශක රොබට් එස් මුලර් විසින් ඔහුට චෝදනා එල්ල කරන ලදී. 

ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර් යනු ජනපති ට්‍රම්ප්ගේ විවාහ තුනකින් ලද දරුවන් පස් දෙනාගේ වැඩිමහලාය. පියා ජනපති ලෙස තේරීපත් වීමත් සමග ට්‍රම්ප් ව්‍යාපාරයන් හී ප්‍රධානියා වූ ඔහු ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ව්‍යාපාර මෙන්ම දේශපාලන කටයුතුවලදීද සමීපව කටයුතු කළ අයෙකි.
පියාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේදී රුසියාව සමග සමීප සම්බන්ධතා පැවති බවට ධවල මන්දිර උපදේශක රොබට් එස් මුලරි විසින් ඔහුට චෝදනා එල්ල කරන ලදී.

පසු ගිය මාසයේදී වැනීසා ට්‍රම්ප් සිය මව සමග රෝහල් ගත වී සිටියාය ඒ ඔවුන් වෙත තැපෑලෙන් ලැබුණු පිටි වර්ගයක් නිසාවෙන්ය. නමුත් ආරක්ෂක අංශ පසුව අනාවරණය කළේ ඔවුන්ට තැපෑලෙන් එවා තිබූ පිටි වර්ගය ඉරිඟු පිටි බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි