×

ඔලිම්පික් නිජ බිමෙන් මතු වූ අවුරුදු 2500 ක් පැරණි ගව උරුමය

ග්‍රීසියේ පෞරාණික ඔලිම්පියාවට ඇද හැළුණු ධාරාණිපාත වැසිවලින් පසු අවුරුදු 2500 ක් පැරණි ගවයෙක් මතු විය.


එය ලෝකඩ, ගව ප්‍රතිමාවකි.

විශ්වාස කෙරෙන ආකාරයට මෙය, පුරාණ ග්‍රීකයන් සියුස් දෙවියන් පුදන සමයේ, බිලි පූජා ලෙස මරණයට කැප කළ සිය දහස් ගණන් ගවයන් සංකේතවත් කරයි.

නමුත් ඉතිහාසයේ එක් කලෙක, ග්‍රීසියේ ගවයන් සහ බැටළුවන්ට වැඳුම් පිදුම් කිරීම ද සිදුව තිබේ. ඒ, මිනිස් පැවැත්ම සඳහා උන්ගේ වැදගත්කම සිහිපත් කිරීමට ය.

මෙම ගව පිළිමයේ විශේෂත්වය වන්නේ එය අතිශයින් කුඩා එකක් වීමයි. පුරාණ කැණීම් භූමියේ තද වැසිවලින් පසුව ගවයාගේ අං දෙක මඩ තට්ටුවෙන් ඉහළට මතුව තිබූ බව කියැවේ.

ඔලිම්පියාව, ඔලිම්පික් ක්‍රීඩාවන්ගේ නිජ බිම ද වේ.

ඡායාරූප – REUTERS



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි